මීලග ආණ්ඩුව පත් කරන පෙරමුණ බිහිවේ.. ඇල්ලේ හිමි මුලසුනේ..

June 3, 2018 at 6:26 am | lanka C news
මීලග ආණ්ඩුව පත් කරන පෙරමුණ බිහිවේ.. ඇල්ලේ හිමි මුලසුනේ..

මීලගට රටේ නායකයා පත් කර ගැනීම සදහා වන පුළුල් පෙරමුණක සාකච්චා ආරම්භ කල බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මේ වන විට තමන් වහන්සේ දේශපාලන පක්‍ෂ 05ක් සමගින් සාකච්චා කර ඇති බවත් ඒවා සාර්ථක බවත් උන් වහන්සේ කියා සිටිති.

නරාහේන්පිට අභයාරමයේදී පැවති සාකච්චාවකදී හිමියෝ මේ බව කියා සිටියහ.

208 views

13 Comments to “මීලග ආණ්ඩුව පත් කරන පෙරමුණ බිහිවේ.. ඇල්ලේ හිමි මුලසුනේ..”

  1. karavila says:

    තවත් එක දේශපාලන නාඩගමකට පිට පොට පාදයි…නැගී එන විපක්ෂ ජනමතය කණපිට හරවන්න කොළඹ 07 උගුලක්…!

  2. Saba says:

    Sobitha HImi mul wela dena ho nodena Lankawa winasha kala kenek bihi kala. E nisa Gunawansha Hamuduruwanuth oya papa karma walata kara gahanna ona nehe. Gihiyo rata gene balaganeewi. Oba wahansela Dharma pracharaka katayuthu karanna. Nethnam Ada bohodena Sobitha himita shapa karanawa wage oba wahanseth Janathawage Shapayata lakwewe!

  3. vishnu says:

    2015 දී සංගයාවහන්සේලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන්
    ලොකු කාර්‍යභාරයක් කලේ නෑ පසුගිය පළාත්පාලන මැති
    වරනයේදීත් එහෙමයි.ජනතාව තමයි ඒ ජයග්‍රහණය ලබා
    දුන්නේ ඔබ වහන්සේ කී දවසක් කිව්වද ඔය කතාව.ඒක
    නිසා ජනතාව නියම වෙලාවට නියම තීරණය දේයි . ඔබ
    වහන්සේලා පැත්තකට වෙලා ඉන්න

  4. karu 1 says:

    ස්වාමින් වහන්ස ඔබ කෙරේ මහත් වූ ගෞරවයක් ඇත. ඔබ ගොඩ නගන පෙරමුණ ගැන යම් වැටහීමක් මෙවන්විටත් අප තුල පවතී. එය සාර්ථක වේවා. ඔබලාගේ වැඩ පිළිවෙල තොර ගන්නා නායකයාගේ සමස්ත වැඩපිළිවෙල තුල ප්‍රයෝගිකව ක්‍රියාත්මක කලයුතු දෙයක් යිය යුතුය. ඔවුනගේ ඉල්ලුම්පත් සාක්කුවේ දමාගෙන රටේ බලය හොබවන විට ඒවා ඉටුකිරීමට ඇති වන නොහැකියාවෙන් නායකය සහ සහය දුන් කණ්ඩායම් යන දෙගොල්ලොම අමාරුවේ වැටෙයි. මෙනිසා රටට ගැලපෙන දිගුකාලින වැඩපිළිවෙල සකසන්න. ඒ වට ජනතාවගේ කැමැත්ත අනුග්‍රහය ආධාරය ගොඩ නගන්න. ජනතාව එක වැඩපිළිවෙලක කොටස් කරුවන් කරන්න. අනාගත වැඩපිළිවෙල රටේ හැමොගේම එකක බවට පත් කරන්න. එක එක කණ්ඩායමේ සහයෝගයට ඔවුනගේ ඉල්ලීම් ලබාගත්විට එයත් වන්නේ වත්මන් රජයට වුදෙයමය. මේ ගැන ඉතා ගැඹුරින් සිත බලන්න. ප්‍රමුකත්වය මත විසඳිය යුතුය. එවිටයි රටක් ගොඩ නැගිය හැක්කේ. එක රක කණ්ඩායම් වල ඉල්ලීම් වෙන වේනම් ජනතාවට හොරා ඩීල් දැමීමෙන් කිසි දිනක් රටක් දියුණු කිරීමට නායකයෙකුට ඉඩ නොලැබෙයි.
    මෙවර ඉතිහාසය වෙනස් කරමු. එක දැක්මක් එක වැඩපිළිවෙලක් සැමට සෙත සලසන රටක් ශක්තිමත් නායකත්වයක් වට ගොඩ නගමු.

  5. Saradiel says:

    අනිවාර්යෙන් ගොටාබය තුමා

  6. Love nature says:

    මහා ජාතිය බේදිලා මරාගන්නවා සුලු ජාතීන් රජ කරනවා අපේ වල කපාගන්නේ අපිමයී. අපේ සිංහල නායකයන් උන්ගේ බලය වෙනුවෙන් සුළු ජාතීන්ගේ ඡන්ද ටික ලොකු කරගෙන උන්ට ඔන දෙයක් කරගන්න දීලා බලාගෙන ඉන්නවා( බදුර්දීන් වගේ කාලකන්නී) මොකා බලයට අවත් මුන් ඇමතියෝ… මීටත් වඩා කනගාටුවනම් සිංහලයා වෙනුවෙන් හඩ නගන බොහෝ ජාතික සංව්ධාන දේශපාලනීකරනය වෙලා සල්ලි, බලය,ප්‍රසිද්දිය ඉස්සරහ තමන්ගේ ආත්මය උනත් පාවා දෙන තරමට බහුතරය පත්වෙලා.. දියසෙන් කුමාරයෙක් ආවත් අපිව බේරගන්න උගෙත් අඩු පාඩු හොයන සිංහලයන් කොටසක් මේ රටේ ජීවත් වෙන්නේ ……. මම කියන්න ඔනේ නැ හිතාගන්න…… ඔන්න ඔකයි ඇත්ත

  7. Love nature says:

    මේ රටේ ජාතික පුනර්ජීවනය බෞද්ධ පුනර්ජීවයෙන් වෙන් කළ නොහැකි බවත්, මේ රටේ සංස්‌කෘතිය බහු ජාතික සංස්‌කෘතියක්‌ නොවන බවත් අප දැන්වත් නොබියව හඬ නඟා කිවයුතු වෙයි.

  8. sinha le says:

    මේ රට සිංහල බෞද්ධ රටක් බව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසති. කොළඹ සම්බෝධි විහාරයේ පැවති උත්සවයක් අමතමින් මහ නාහිමියෝ මේ බව පවසා තිබේ.

    ජාතිය ආගම වෙනුවෙන් අද රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙන බවත්, මේ සම්බන්‍ධයෙන් රටේ පාලකයන්ගෙන් විමසූ විට එවන් ප‍්‍රශ්ණයක් නැති බව පවසා සිටින බව මහ නාහිමියෝ පවසා තිබේ.

    ගේ ඇතුලේ වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලියේ බවත් මෙරට භික්‍ෂුන් වහන්සේලා කිසිකලෙක පසුබාන්නේ නැති බවද පවසා තිබේ.

    මේ රට බෞද්ධ රටක් බවත් සිංහල ජාතිය ජීවත් වන රට බවද සිහිපත් කල එහිමියෝ පාලකයන්ට අත්තනෝමති ලෙස කටයුතු කරන්නට කිසිලෙසකින්වත් ඉඩ නොදන බවද අවධාරණය කළහ.

  9. Saradiel says:

    බෞද්ධ ආගමට තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා

    http://ceylonwatchdog.com/2017/06/26/sri-lanka-gov-trying-buddhist-religion-in-third/

  10. Love nature says:

    ලෝක බෞද්ධ බැංකුවක් යන්න අපට නුහුරු කාරණයක් වුවද මීට වසර කිහිපයකට ඉහතදී එනම් හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී බෞද්ධ සංවර්ධන බැංකුව නම් බැංකුවක් ස්ථාපිත කරන්නට කටයුතු සූදානම් කළ ආකාරය අපට මතකය. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම, ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවන්ට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම, විවිධ මූල්‍ය දුෂ්කරතාවල පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරයන්ට අතදීම ඇතුළු තවත් කරුණු කිහිපයකට බෞද්ධ ආර්ථික මූලධර්මවලට අනුකූලව පහසුකම් සැලසීම මෙලෙස බැංකුවක් පිහිටුවීමේ අරමුණ විය මෙය නැවත ගෙන එම අප සියලු දෙනාගේ පැතුමයි.

Main News