මීලග ජනාධිපති විය යුත්තේ ගෝටා බාප්පයි.. පාවෙන ඡන්ද, තරුණ ඡන්ද ගන්න පුළුවන් ඔහුටයි.. ඔ්නෑම කෙනෙකුට දින්නන බෑ..- රෝහිත රාජපක්‍ෂ [Video]

June 25, 2019 at 10:00 am | lanka C news
මීලග ජනාධිපති විය යුත්තේ ගෝටා බාප්පයි.. පාවෙන ඡන්ද, තරුණ ඡන්ද ගන්න පුළුවන් ඔහුටයි.. ඔ්නෑම කෙනෙකුට දින්නන බෑ..- රෝහිත රාජපක්‍ෂ [Video]

මෙරට මීළඟ ජනාධිපතිවරයා රාජපක්‍ෂවරයෙක් නම් ඒ සදහා වැඩුපුරම සුදුසු යුත්තේ තම බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අන්තර්ජාල වීඩියෝ නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

මීලග ජනාදිපති විය යුත්තේ චමල් රාජපක්ෂ මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතා ද යයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

චමල් රාජපක්ෂ මහතාටද ජනාධිපති තනතුර සඳහා සුදුසුකම් තිබුනත් සෘජු තීන්දු ගැනීමේ හැකියාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩිපුර ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන ඡුන්දය ප‍්‍රමාණයට අමතරව මෙරට තරුණ ප්‍රජාව විශේෂයෙන් පාවෙන ඡන්ද දායකයා ආකර්ෂණය කර ගත හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවද ඔහු කියා සිටියේය.

තම පියාවන මහින්ද රාජක්ෂ මහතා විසින් නම් කරන ඔ්නෑම පුද්ගලයකුට සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් ලැබුනද එමගින් ජනාධිපති වීමේ හැකියාවක් නැති බවද කී ඔහු එවන් ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති වීමට අත්‍යවශ්‍ය පාවෙන ඡන්දදායකයන්, තරුණ ඡන්ද ආකර්ෂණය කරගත නොහැකි බවද සඳහන් කළේය.

එම හැකියාව මේ වන විට වැඩි වශයෙන්ම ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව රෝහිත රාජපක්‍ෂ මහතා පැවසීය.

වීඩියෝව මෙතනින්

202 views
Main News