මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක්..

July 29, 2021 at 3:22 am | lanka C news
මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.

තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

52,660 views

22 Comments to “මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක්..”

  1. Wewegadara Appuhamy says:

    GMOA is working for Political dream of Next Presidential candatitures for year 2024 ?
    Why that so because of Doctors of GMOA is specially privileged classes in Lanka by an exploited millions of Poor people in Island citizens.

  2. දුක හිතෙනවා says:

    ලංකාවේ බහුතර ජනතාව ප්‍රශ්නයක් සමාජගත කල අවස්ථාවේ දී , ප්‍රශ්න බුද්ධිමත් ලෙස විශ්ලේෂණයකට භාජනය කර නිගමයකට එළඹීම අල්ප වේ. මන්ද ඔවුන් ගන්නා තිරණය සහ නිගමනය බුද්ධියට මුල්තැන දි ලබා ගන්නවාට වඩා තමන්ගේ දේශපාලන මතය, මධ්‍ය ආයනත විසින් ඔවුන්ගේ නි්‍යාය පත්‍ර අනුව සමාජගත කිරිමට බල කරන මතය තුල සිතන්නට පෙලඹීමත්, බුද්ධියට මුල්තැන නොදි හදවතින් , වඩාත් සංවේදී ජාතිය ආගම, කුලය සහ තමන් නියෝජනය කරන වෘත්තීය සහ සමාජ පත්තිය අනුව ප්‍රශ්න විශ්ලේශණයට මුල් තැන ලබා දේ.
    මෙම තත්ත්වය තුල අප රටේ උගත් වෘත්තිකයන් , දේශපාලකයන් ,ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරින් අවස්ථාවට අනුව බහුතර ජනතාව ඔවුන්ගේ මතයට කඩේ යැවීම සෑම තත්පරයක සිදු වේ.
    වෛද්‍ය වෘත්තයන් ද එවැනිම වරප්‍රසාද ලත් , තමන්ගේ අවශ්‍යතාවයට බහුතර ජනතාව පෙල ගස්වන තවත් එක් වෘත්තියන් පිරිසකි.
    මා එසේ කියන්නෙ මන්ද යන්න පහත පැහැදිලි කිරිම තුලින් බුද්ධිමත්ව සිතන්න.
    නිදහස් අධ්‍යාපනය තුල වෛද්‍ය උපාධිධාරියකු බිහි කිරිමට රුපියල් ලක්ෂ 100 ත් 120ත් අතර පිරිවැයක් රජය මේ රටේ ජනතාවගේ බදු වලින් වැය කරයි. ඔවුන්ගේ පෘශ්චාත් උපාධි සදහා ඔවුන් පෞද්ගලිකව රුපියල් ලක්ෂ 10 ක ට අඩු මුදලක් වියදම් කරනු ලැබුව ද (මෙම මුදල ද බොහෝ විට රජයෙන් නැවත ලබාගනී) , රජය ඒ වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 50ත් 100ත් අතර ප්‍රමාණයක් සෘජුව සහ වක්‍රව වියදම් කරයි. විශ්ව විද්‍යාල තෙක් පලමු වසරේ සිට උසස් පෙල දක්වා සෘජුව සහ වක්‍රව තවත් රුපියල් ලක්ෂ 40 පමණ වියදම් කරයි. ඒ අනුව මුලික සුදුසුකම සහිත වෛද්‍ය වෘත්තිකයකු බිහි කිරිමට අවම වශයෙන් රජය රුපියල් ලක්ෂ 140 ක් වියදම් කරයි.
    එසේ ජනතාවගේ බදු මුදලින් බිහි කරනු ලැබු වෛද්‍ය වෘත්තිකයා වෙනුවෙන් මාසකට අවම රුපියල් 120 000 ක පමණ වැටුප් , දිමනා, පෙරොත්තු සේවා, අතිකාල, සහ අනෙකුත් ලෙස ලබා දේ. ඊට ද අමතර ව මුල් වසර 6 ඉක්ම වු පසු සහ ඊලගට එන සැම වසර පහකට ම වරක් , රුපියල් ලක්ෂ 36 ක බදු සහනයන් සහිත ව මොටර් රථයක් ලබා ගැනිමට බලපත්‍රයක් ද , ඔවුන් පලමු පත්තිය හෝ ඊට ඉහල වෛද්‍ය වෘත්තියකු ලෙස විශ්‍රාම ගන්නා අවස්ථාවේ , ඇමරිකානු ඩොලර් 50000 (වරාය තෙක් පිරිවැය) සහිත වාහනයක් කිසිදු බදු මුදල් නොගෙවා , වරාය ගාස්තු පමණක් ගෙවා ලබා ගැනීමට අවස්ථාව ලබා දේ. ඉන් පසු විශ්‍රාම ගත් දින සිට අවසාන වරට ලබාගත් මුලික වැටුපින් 75%ත් 85%ත් අතර මුදලක් ද ජිවන වියදම් දිමනාව ද සමග ජිවත් වන තෙක් විශ්‍රාමිකයාට ද, ඔහු මියගිය පසු වෛද්‍ය වෘත්තිකගේ වැන්ඹුවට හෝ ආබාධිත හෝ අයකු ජිවතුන් අතර සිටි නම් ඒ අය ද ජිවත් වෙන තෙක් අඛණ්ඩව ගෙවනු ලබයි. මේ සියල්ල මේ ආකාරයෙන් මෙම වෘත්තිකයන් ගෙවිම සාධාරණ වේ. මන්ද එය සැම දෙනාටම සාක්ෂාත් කර ගත් නෙහැකි ඉහල දක්ෂතාවය සහ කැප කිරිම කරනු ලැබු වන් පිරිසක් විමත්, දියුණු රටවල් වල ගෙවන වැටුප් සමග සංසන්දයේ මෙම සියලු වරප්‍රසාද වල අගය අඩු බැවිනි. නමුත් වෛද්‍ය වෘත්තයන්ට අමතන වු සහ අමතක කරනු ලැබු කාරණයක් ද ඇත. දියුණු රටවල වෛද්‍ය වෘත්තිකයා බිහි කිරිමේ පිරිවැය දරණු එම වෘත්තිකයාගේ පවුල් වල වියදමිනි. නමුත් ලංකාව මෙම පිරිවැය දරා ඇත්තේ මේ රටේ හිගන්නා කන පාන් කාලට ද බදු අය කර එකතු කරගත් මුදලිනි. එහෙත් මෙම වෘත්තිකයන් ඒ ගැනි සිතා කටයුතු කරන්නේද යන්න මි ලගට බලමු.
    මෙම පැහැදිලි කිරිම වෛද්‍ය වෘත්තිය දේවත්වයෙන් සලකන හෘද රෝග විශේෂඥ , ගරු නාමල් ගමගේ වැනි විශිෂඨ වෘත්තිකයන් අදාල නොවේ. වෛද්‍ය වෘත්තිකයන්ගේ රාජකාරි වැටුප සදහා රාජකාරි මුරය දවසට පැය 6කි. ඊට අමතරව වැඩ කරන පැය සදහා අතිකාල ලබා ගනි. එයද මාසික වැටුප පැය 240 බෙදා ලබාගන්නා පැයක අතිකාල අනුපාතයට ලබා ගන්නා අතිකාල ප්‍රමාණයක් නොව. (එය ද මාසික වැටුප පැය 160 න් බෙදා ලබා ගන්න පැය අනුපාතයට ලබා ගන්නා අතිකාලය ) ඊට ඉහල අතිකාල ප්‍රමාණයකි.
    එසේ ද ලබා ගන්නා ඔවුන් ගේ විශේෂඥ වෛද්‍ය වරයකු ඔවුනගේ චැනල් රිසිට් පත නොමැති රෝගින් කිදෙනෙකු ඔවුනගේ රාජකාරි වාට්ටුවේ දි පරික්ෂා කරන්නේද ? යන්න ඔබ හෝ ඔබ සමිපතයන් රෝහල් ගත ව ඇති අවස්ථාව සිදු වී තිබේ ද යන්න නැවත මතක් කර ගන්න. ඔබද ඔවුනට මුදල් ගෙවා තිබේ නම් ඔබට ලැබුණු අවධානය සහ එසේ නොමැතිව කුලි වැඩ කරන දෛනික වැටුප ලබන, නියමිත පෞදගලික වැනල් හරහා පැමිණ නොමැති රෝගින් සදහා ලබන්නේ ද යන්න නැවත සිතන්න. මෙම වෘත්තය මුදලට විකිණි හමාරය , නැවත සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරිමේ අවශ්‍යතාවයක් නොමැත. මෙම වෘත්තිකයන් මෙම වෘත්තිය මුදලට විකුණා අවසන්ය. නැවත සෞඛ්‍ය අංශය පෞද්ගලීකරණය කරනවා යැයි පවසා, අපගේ හදවතට කථා කර විරෝධතා දක්වන්න පෙලගැසෙන ලෙස කරන ආවේගශීලි ආමාන්ත්‍රණයන්ට ඔබ එක් වනවා ද යන්න නැවත සිතන්න.
    අනෙකුත් වෘත්තියන් ගැන පසුවට…..