මීලග නියක ජනාධිපති ගෝටාභයයි.. මහින්ද කිවුවේ ජනාධිපතිගේ නම මිස අපේක්‍ෂකගේ නම නොවේ..- ගෝටාභය ගැන අනාවැකියක්..

August 13, 2019 at 6:28 am | lanka C news
මීලග නියක ජනාධිපති ගෝටාභයයි.. මහින්ද කිවුවේ ජනාධිපතිගේ නම මිස අපේක්‍ෂකගේ නම නොවේ..- ගෝටාභය ගැන අනාවැකියක්..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වසර හතරක් පුරා අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා වන්නේත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවට අපි කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂය වගේම ජවිපෙත් ඒකාබද්ධ පච මෝල කැට තියලා කිව්වා ගෝඨාභය මැතිතුමාට අපේක්ෂකයා වෙන්න බෑ කියලා. ඒකට හේතු හතරකුත් කිව්වා. එතුමාට ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නෑ කිව්වා. ඇමෙරිකානු පුරවැසිකම අත්හරින එක ඇමෙරිකානු ආණ්ඩුවට කිසිසේත්ම නතර කරන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා පෙන්වලා දුන්නා. අද ඒක ඇත්ත වෙලා. ඊට පස්සේ ඇමෙරිකාවේත් ලංකාවේත් නඩු පවතින නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බොරු නඩු දාලා ඡන්දය ඉල්ලන එක නවත්වන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා කිව්වා. ඒකත් අද ඇත්ත වෙලා. අද ඉහල අධිකරණවලින් එතුමන්ට දාපු නඩු සියල්ලම පදනම් විරහිත හේතු මත බව පෙන්වමින් එම නඩුවල ඇති අඩුපාඩු පිළිගනිමින් එම නඩු නතර කිරීමට කටයුතු කර තියෙනවා.

ගෝඨාභය මැතිතුමා දැන් ලෙඩෙක්. ඒ නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බයි පාස් සැත්කමකින් පසු හිටියාටත් වඩා තරුණ වන බව අපි කිව්වා. දැක්කනෙ ඊයේ ජවසම්පන්න තරුණයෙකු වගේ වේදිකාවට නැග්ග හැටි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගෝඨාභය මැතිතුමන් එකම වයසේ. නමුත් දෙන්න එකට ඉද්දි තාත්තයි පුතයි වගේ. අවසාන වශයෙන්, රාජපක්ෂ පවුල අතරේ ගැටුම්. ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම්. බහුතරය ගෝඨාභයට විරුද්ධයි කිව්වා. එතකොට “නෑ අපි හැමෝගෙම ඒකමතිකත්වයෙන් ගෝඨාභය මැතිතුමා අපේ අපේක්ෂකයා වන බව අපි කිව්වා. තමුන්නාසේලා ඊයේ දැක්ක සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා පොදු ජන පෙරමුණේ සියලු දෙනාම එකතු වෙලා ඒ වගේම රාජපක්ෂ පවුලේ සියලු දෙනාම එකතු වෙලා ගෝඨාභය මැතිතුමාට ආශිර්වාද කලා. සහය දැක්වූවා. එතුමාගේ සුභ මොහොතේදී එතුමන් එක්ක හිට ගත්තා.

අවසානයේ දී එජාප – ජවිපෙ ඒකාබද්ධ පචමෝල බොරු වෙලා අපි කියූ දේ සැබෑ වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද ඊ ළඟ අනාවැකියත් කියන්නම්. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකගේ නම නොවේ. මේ රටේ ඊ ළඟ ජනාධිපතිගේ නමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මී ළඟ ජනාධිපති වීම කාටවත්ම නතර කරන්න බෑ.

මුළු රටම ජනාධිපතිවරණයට ලැහැස්ති වන විට ජනාධිපතිතුමා පලාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය ඉඩක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව ආරංචියි. ඡන්ද කල් දාන්න නීති ගෙනැල්ලා අපේ විරෝධය මැද පලාත් සභා මැතිවරණය කල් දාපු ආණ්ඩුවට හදිසියේ පලාත් සභා මැතිවරණය සිහිපත් වී තිබෙන්නේ ජනාධිපතිවරණ උණුසුම අවුල් කරන්න මිස වෙන දෙයකට නොවේ. අපේ බලවත් විරෝධය මැද 2017 පලාත් සභා මැතිවරණ සංශෝධණ පණත ගෙනල්ලා පලාත් සභ මැතිවරණය ජනතාවගෙන් උදුර ගත්තේ වත්මණ් ආණ්ඩුවයි. වසර දෙකක් තිස්සේ පලාත් සභා මැතිවරණය නොපවත්වා ඉදලා හදිසියේම පලාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිහිපත් වෙලා තිබෙන්නේ මතුවී ඇති ජනාධිපතිවරණ උණුසුමට අයිස් බකට් ප්‍රහාරයක් එල්ල කරන්නයි. පලාත් සභා මැතිවරණ පනත අණුව පලාත් සභ මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් සති හතක් අවශ්‍යයි. අද සිට සති හතක් ගත්තම අප සිටින්නේ ඔක්තෝම්බර් මාසයේයි. සැතැම්බර් 07 සිට ඕනෑම දවසක ජනපතිවරණය ප්‍රකාශයට පත්කල හැකියි. ඒනිසා පලාත් සභා මැතිවරණයක් අද දින ප්‍රකාශයට පත්කලත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කලින් එම මැතිවරණය පවත්වා අවසන් කරන්න බෑ. ඒ නිසා පලාත් සභා මැතිවරණය දැන් පැවැත්වීමෙන් සිදු වන්නේ ජනාධිපතිවරණය අවුල් වීම පමණයි.

උණ හැදුනාම කොත්තමල්ලි බිව්වාට උණසන්නිපාතයට කොත්තමල්ලි බීලා වැඩක් නෑ. අන්න ඒ වගේ අද පවතින දේශපාලන අස්ථාවර බවට උත්තරේ ජනාධිපතිවරණය මිස සිල්ලර පලාත් සභා මැතිවරණ නොවේ. ඒ නිසා මේ ආණ්ඩුව රට අවුල් කළා හොඳටෝම ඇති. දැන්වත් ජනතාවට තමන්ට අවශ්‍ය නායකයාට රට භාර දෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අපි කියනවා.

– අරවින්ද අතුකෝරල

40,853 Viewers

14 Comments to “මීලග නියක ජනාධිපති ගෝටාභයයි.. මහින්ද කිවුවේ ජනාධිපතිගේ නම මිස අපේක්‍ෂකගේ නම නොවේ..- ගෝටාභය ගැන අනාවැකියක්..”

  1. එක්නැලිගොඩ says:

    එදා ගොටා ජනපතිනිය යුතු බව මුලින්ම කී උදය මැතිතුමනි ඔබට ජය.

  2. මව්බිම says:

    ඔබ මෙම සටන ජයග්‍රහණය කරා මෙහෙයවන්න අපමන කැපවීමෙන් කටයුතු කලා උදය.

    • සිරා says:

      But Cardinal Malcom Ranjith refused meeting this serial killer demanding justice for Rathupaswala victims !!!!
      Shame on him !!! Shame on Maharaja !!!! Shame on 225+1 villains

      • රන්බිම says:

        මෙවැනි දුර දකින නායකයින් තවතත් ‌මේ පින් බිමෙන් බිහිවේවා!

  3. Crazy says:

    Good job Udaya and Wimal.

  4. Asoka says:

    හැබැයි ඉතින් ඔය SB ලා ඩිලාන් ලා වගේ දෙපැත්ත කන ගොරකයින් දාගත්තොත් ඉතින් ගොටාටත් අබ සරණයි

    • vishnu says:

      අනිවාර්යයෙන්ම . තවත් ඉන්නවා
      හේමකුමාර ,ප්‍රේමජයන්ත වගේ
      හාල්පාරුවෝ

  5. sunil says:

    ඔය බේගල් වලට බය වෙලා හිටපු අපට එදා අපේ බය නැති කරන්න අපට සත්‍යය වටහා දුන් උදය මැතිතුමනි….ඔබතුමාට අපගේ හදයාංගම ස්තූතිය..!

  6. සිංහලයා says:

    මේ සෑම ජයග්‍රහණයකම පෙරමුණේ ඔබතුමා ඉන්නවා.ඔබට අපගේ ප්‍රණාමය පුදනවා..

  7. Ranjan says:

    UNP can appoint `SHIRANTHI`. Some UNP Ministers said this.

  8. සමන්කුමාර says:

    ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! ජයවේවා !

  9. චණ්ඩි පුතා says:

    ඔබ කියු ආනාවැකි සියල්ල ‌මේ පින්බිමේ සථල ‌ෙවෙමින් පවතිනවා. ‌ගෝඨාභය වටේ ඔබ වැනි නායකයින් සිටිම සතුටට කරුණක් මන්ද රටට ආදරේ මිනිසුට ‌මේ රට බාදීමට හැකීයාව ලැබීම නිසා. ඔබට ජය………!

  10. Love nature says:

    රට, ජාතිය හා ආගම පිළිබඳව ධර්මපාල තුමාගේ අපේක්ෂා

    සිංහල බෞද්ධයන් මත්පැන් බීමට පුරුදු වී සිටීම ජාතියේ පිරිහීමට ප්‍රධානම හේතුව බැවින් සියලුම සිංහල බෞද්ධයන් මත්පැන් බීමෙන් වැළකී සිටිය යුතුය.
    සිංහල බෞද්ධයන් හරක් මසු කෑමෙන් වැළැකි සිටිය යුතුය.
    හැම බෞද්ධයෙක්ම උදේ සවස බුදුන් වැඳිය යුතුය.
    හැම බෞද්ධයෙක්ම පෝයට විහාරස්ථානයකට ගොස් මල් පහන් පුදා බුදුන් වැඳිය යුතුය.
    සිංහලයන්ට අයිති ආගම බුද්ධාගමයි. අවුරුදු 2500ක් වැනි දීර්‍ඝ කාලයක් බුද්ධාගම රැකගත් එකම ජාතිය සිංහල ජාතියයි.
    සිංහලයා සිංහයෙකු මෙන් නිර්භීත විය යුතුයි.
    නියම සිංහලයා දැක්ක හැක්කේ සිංහල බෞද්ධයෙකු තුලින්මය.
    හැම සිංහලයෙකුම අවංක විය යුතුය. දක්ෂ විය යුතුය.
    සිංහලයන් වැඩ කළ යුතුය. නිකම් නොසිටිය යුතුය.
    සිංහලයන් ගොවිකම හා නොයෙක් විද්‍යා ශිල්ප උගත යුතුය
    සිංහලයන්ගේ පිරිහීමට ප්‍රධාන හේතුව අසමඟිය බැවින් සිංහලයන් නිතර සමඟියෙන් සිටිය යුතුය.
    සිංහලයන් තුල දක්නට ඇති පැරණි උතුම් සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුය.
    හැම සිංහලයෙකුම ජාත්‍යාලය හා ආගමාලය තිබිය යුතුය.
    හැම සිංහලයෙකුම තම රටට, ජාතියට , ආගමට සේවය කළ යුතුය.
    ආදායම අඩු අය දරුවන් වැඩිකර නොගත යුතුය.
    සිංහලයන් විදේශිය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගත යුතුය.
    බුද්ධාගම ලෝකය පුරා පැතිරවිය හැකි එකම රට ලංකාවයි.
    භික්ෂූන් වහන්සේලා උගත්, සිල්වත් අය විය යුතුයි.
    භික්ෂූන් වහන්සේලා ධර්ම දූත සේවය සඳහා ලෝකයේ නොයෙක් රටවලට යා යුතුය.
    භික්ෂුන් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ, ජර්මන් ආදි විදේශිය භාෂා කීපයක් දැන සිටිය යුතුය.
    සිංහල නායකයන් නිතරම ආදර්ශවත් විය යුතුය.
    ලංකාවේ තිබුණු පැරැණි ශ්‍රී විභූතිය නැවතත් ඇතිකර ගත යුතුය.
    හැම සිංහලයෙකුම තම ආත්ම ගෞරවය රැකගත යුතුය.

    • Aurora says:

      Love nature, ඔබේ පනත් අතරින් මේ පනත “ආදායම අඩු අය දරුවන් වැඩිකර නොගත යුතුය.” සංශෝධනය කලයුතුයි අනිවාර්යෙන්ම. කලයුත්තේ ආදායම් අඩු සිංහලයන්ගේ දරුවන් අඩුකිරීම නොවේ දරුවන් නඩත්තුවට යම්කිසි සහයක් ලබාදීමයි. එම දරුවන් සමාජයට වැඩදායක උගත් මිනිසුන් කිරීමට යම් වැඩපිළිවෙලක් ආගමික උතුමකුගේ මඟ පෙන්වීම යටතේ ඇති කල යුතුය.

Main News