මීලග නොබෙල් තෑග්ග ජනපති මෛත්‍රීට..
March 20, 2017 at 1:37 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළග නොබෙල් ත්‍යාගය හිමිවන බව උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මැදිරිගිරිය ශ්‍රීලනිප කාන්තා සම්මේලනය අමතමිනි.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.