මීලග පොදු අපේක්‍ෂකයා රනිල්.. ශ‍්‍රිලනිපය සුළු පක්‍ෂයක් නිසා මෛත‍්‍රීට බෑ.. මීලග ජනපති රනිල්.. අගමැතිකම මෛත‍්‍රීට.. එජාපය දැඩි තීන්දුවක..

May 12, 2018 at 10:40 am | lanka C news
මීලග පොදු අපේක්‍ෂකයා රනිල්.. ශ‍්‍රිලනිපය සුළු පක්‍ෂයක් නිසා මෛත‍්‍රීට බෑ.. මීලග ජනපති රනිල්.. අගමැතිකම මෛත‍්‍රීට.. එජාපය දැඩි තීන්දුවක..

මීලග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේම වෙනත් පුද්ගලයෙක් ඕනෑම තත්වයක් යටතේදී ඉදිරිපත් කල යුතු යයි එම පක්‍ෂ ඉහලම නිලධාරී කණ්ඩායම අතර සාකච්චා වී ඇත.

යම් ලෙසකින් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුද එක්සත් ජාතික පක්‍ෂයේ අයෙකු විය යුතු බව එම පිරිසේ අදහස වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා නියෝජනට කරන ශ‍්‍රීලනිප පාර්ශවයටද එන නව සන්ධානයට සහාය දැක්විය හැකි නමුදු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්‍ෂක ධුරය ලබා නොදී ඊළග ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දීම සුදුසු යයිද එහිදී යෝජනා වී ඇතැයිද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් සුළු පක්‍ෂයක් බවට පත්ව ඇති නිසා වැඩි ජනතා නියෝජනයක් සහිත එක්සත් ජාතික පක්‍ෂයෙව් ජනාධිපති අපේක්‍ෂකයා නම් කල යුතුම බවට දැඩි ස්ථාවරයක සිටිය යුතු බව එම පිරිසේ අදහසයි.

මෙම තීන්දුව හා සමපාත අදහස් ආසන්න දින කිහිපයේදී එජාප මැති ඇමතිවරුන් ගණනාවක්ම මාධ්‍ය හමුවේ කියා සිටියහ.

56 views
Main News