මීලග මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය කිසිදු ආසනයක් දිනන්නේ නෑ.. ජාතික ලයිස්තුවෙන් දෙකක් පමණයි..- ප‍්‍රකට දෛවඥයාගේ අනාවැකිය මෙන්න..

May 5, 2018 at 10:00 am | lanka C news
මීලග මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය කිසිදු ආසනයක් දිනන්නේ නෑ.. ජාතික ලයිස්තුවෙන් දෙකක් පමණයි..- ප‍්‍රකට දෛවඥයාගේ අනාවැකිය මෙන්න..

මිලගට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදු ආසනයක් දිනා ගන්නේ නැති බවට ප‍්‍රවීණ ජෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

කොට්ඨාශ හෝ අනුපාත ක‍්‍රමයන්ගෙන් කුමන ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වුවද ශ‍්‍රීලනිපය කිසිදු ආසනයක් දිනා නොගන්නා බව සදහන් කරන ඔහු ජාතික ලයිස්තුවෙන් ආසන දෙකක් පමණක් දිනා ගැනීමට හැකි වනු ඇති බවද කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණට දිනාගත හැකි වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ එකම ආසනයක් පමණක් යයිද ඔහු සදහන් කරයි.

මෙය තමන් විසින් පවසන 18 වැනි අනාවැකිය බවත් ස්ථිරවම මෙම අනාවැකිය සත්‍ය වන බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

Sri lanka Jathika Nidahas pakshayata athwana lranama sha j v p ekata 2020 wena de kal tiya dena ganna

Gepostet von Vijitha Rohana Wijemuni am Freitag, 4. Mai 2018

74 views
Main News