මීලග මැයි දිනයට පෙර රාජපක්‍ෂලාට දඩුවම් දෙනවාමයි.. ෆොන්සේකාලා එකෙක් නෙමෙයි දහයක් ගේනවා..- රාජිත

May 2, 2017 at 3:50 pm | lanka C news
මීලග මැයි දිනයට පෙර රාජපක්‍ෂලාට දඩුවම් දෙනවාමයි.. ෆොන්සේකාලා එකෙක් නෙමෙයි දහයක් ගේනවා..- රාජිත

පසුගිය රජයේ දූෂණ වංචා පරික්ෂණ ලබන මැයි දිනයට පෙර අවසන් කළ යුතුයි. රාජපක්ෂලා ආරක්ෂා කරන යහපාලන රජයේ පිරිස් වෙතොත් නම් ගම් සහිතව කරුණු රටට හෙළි කරන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙලෙස අදහස් දක්වන ලදි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා යහපාලන රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5 ණය ලබාගෙන රටට කිසිදූ වැඩක් කළේ නැහැ කියලා. මෙම ණය පසුගිය වසර 02 තුළ ලබාගත් බවත්, ප්‍රකාශ කර තිබෙනවා. මෙය අමූලික බොරුවක්. කාගේ හරි ලණුවක් කාලා තිබෙනවා. නැතිනම් හිටපු ජනාධිපතිවරයා ගණන් දන්නේ නැහැ.

යහපාලන රජය 2015 ජනවාරි 08 බලයට පත්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ණය මුදලක් ගෙවීමට තිබුනා. ඒ පසුගිය රජය ලබාගත් ණය වෙනුවෙන්. ණය ලබාගැනීමෙන් පසු සහන කාලය නිමවීමෙන් අනතුරුව පසුගිය රජය ලබාගත් ණය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 1625 ක් ගෙවීමට නියමිතව තිබුනා. මෙම ණය වල එකතුව ඩොලර් බිලියන 9.3 ක්. යහපාලන රජය විසින් 2015 වසරේ දී ඩොලර් මිලියන 500 ක් සහ 2016 වසරේ දී ඩොලර් මිලියන 650 ක ණය ලබාගෙන තිබෙනවා. පසුගිය රජයේ ගෙවීමට ඇති ණය සහ අපේ රජය ලබාගත් ණය මුදලේ එකතුව ඩොලර් බිලියන 10.5 ක් වෙනවා. මෙම සියල්ලම එකතු කර තමයි හිටපු ජනාධිපතිවරයා ණය මුදල් ගැන ප්‍රකාශ කර ඇත්තේ. ජනතාව මුලා කරනවා. අපේ රජයේ මුදල් අමාත්‍යවරයා ණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට අවස්ථා 12 ක දී වාදයකට පැමිණෙන ලෙස ප්‍රකාශ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා එය මඟ හරිනවා. වත්මන් රජය මොරගහකන්ද ජලාශය, මහනුවර, හම්බන්තොට අධිවෙිගී මාර්ග ඇතුලු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙනවා.

ගොල්ෆේස් පිටියේ පවත්වන ඒකාබද්ධ මැයි රැළියේ මනුෂ්‍ය ඝාතකයින්, රටේ ධනය කොල්ල කෑ පුද්ගලයින්, පෙරමුණේම සිටිනවා. ඔවුන් තමයි රට හදන හැටි ගැන කථා කරන්නේ. අපි ජීවිත පුජා කරලා තමයි ජනවාරි 08 වනදා යහපාලන රජය බිහි කළේ. එම මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, උතුර දකුණ යා කිරිම, වංචා සහ දූෂණ පිළිබද පරික්ෂණ ක්‍රියාත්මක කිරිම ගැන අදහස් පළ කළා. උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදව ද අපි කථා කළා. මුස්ලිම් ජනතාවගේ ගැටලු පිළිබදව ද අපි කථා කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා සුදු ජාතිකයින්ගේ ගැටලු ගැන සොයා බැලුවෙි නැහැ. හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට කථා කළේ එලු අත්තනගලු වංශයෙන්. පසුගිය රජය සමයේ රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශයන් හී දි රාජපක්ෂ පරපුරම පෙන්වූවා. අපේ ප්‍රවෘත්තියක් පෙන්වූයේ ඉන් අනතුරුවයි. ජාතික රුපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය තිබුනේ එහෙමයි. අපි මාධ්‍ය නිදහස ලබා දී තිබෙනවා. නමුත් අද හිටපු ජනාධිපතිවරයා යළි ගොඩනැගෙන ආකාරයට මාධ්‍ය අපි විවෙිචනය කරනවා. සීමාව දන්නේ නැහැ.

අපේ රජයේ ජනාධිපතිවරයා අවිහිංසාවාදී නායකයෙක්. අග්‍රාමාත්‍යවරයාත් එහෙමයි. ඔවුන් දෙදෙනා මානව අයිතිය ගැන අදහස් පළ කරනවා. එස්.ඩබි.ආර්.ඩි බණ්ඩාරනායක මහතාට ද ජනතාවට නිදහස ලබාදූන් පසු විරෝධතා එල්ල වුනා. වත්මන් රජය ලබාදූන් නිදහස විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. යහපාලන රජය බිහි කළේ ධනපතීන් නොවෙයි. ධනපතීන් සිටියේ හිටපු ජනාධිපතියා ලගයි. ගම්වල සිටින අහිංසක ජනතාව තමයි යහපාලන රජය බිහි කළේ. රජය ඔවුන්ගේ ඉල්ලීමි ඉටු කළ යුතුයි. පසුගිය රජය සමයේ සොරකමි කළ පිරිස, මනුෂ්‍ය ඝාතන කළ පුද්ගලයින් පිළිබදව පරීක්ෂණ කඩිනම් කළ යුතුයි. ලබන මැයි දිනයට පෙර එම පරික්ෂණ අවසන් කළ යුතු බව මම මෙහිදී ප්‍රකාශ කරනවා. ඉන් පසු 2020 මැතිවරණයෙන් පසුවත් ජාතික රජයක් බිහි කරන්න අපට පුලුවන්. අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා. ජනමත විචාරණයට මුහුණ දෙනවා. ඒවාට අපි බය නැහැ. මම කියන්න කැමැතියි යහපාලන රජයේ කවුරු හරි ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කරනවා නම්, ඔවුන් ආරක්ෂා කරනවා නම්, නම් ගම් හෙළි කරන්න මම සුදානම් කියලා. ජනතාව සමග ඔවුන්ගේ නිවාස වැටලිය යුතුයි.

යහපාලන රජය බිහි කර වසර 02 ක් ගත වුනා. මෙම වසර හිටපු ජනාධිපතිවරයා ඇතුලු රාජපක්ෂ පරපුර විසින් සිදූ කළ සොරකම් සහ මනුෂ්‍ය ඝාතන පිළිබද සොයන වසර විය යුතුයි. මාධ්‍යෙවිදීන්ගේ ඝාතනත් සෙවිය යුතුයි. ඒකාබද්ධ විපක්ෂය ගොල්ෆේස් පිටියට ගොස් ප්‍රකාශ කරනවා දේශය ආරක්ෂා කර ගැනීමට එකතු වෙන්න කියලා. සරත් ෆොන්සේකා මහතාට බලතල දෙනවා කිවුවාම රාජපක්ෂ පවුලම බියට පත් වුනා. ඊට වඩා අමාත්‍ය ඩබි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා ගිනි අරගෙන තිබුනා. එම අමාත්‍යවරයා රත්නපුරයේ දී එකක් කියනවා. ජනාධිපතිවරයා ලග තව එකක් කියනවා. සරත් ෆොන්සේකා මහතා විතරක් නොවෙයි තවත් අය දාලා හරි මෙම පරීක්ෂණ අවසන් කළ යුතුයි. දැනට වසර 02 ක් ගත වී තිබෙනවා. එම නිසා රාජපක්ෂ පවුල දන්නවා ඊට පෙර රජය පෙරලා දැමිය යුතු බව. රජය පෙරලා දැමීමට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාෙවි සදහන් වෙනවා.

තෙල් සංස්ථාව සතු ඉන්ධන ටැංකි ඉන්දියාවට විකුණන බව ප්‍රකාශ කිරිමත් සමග වර්ජනයක් දියත් කෙරුනා. එම වර්ජනය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අවසන් කෙරුනා. පාදඩ වර්ජන වලට අපි කැමැති නැහැ. මුහුණට මුහුණ සාකචිඡා කර ගැටලු විසදා ගත යුතුයි. අපි ඒකාබද්ධ විපක්ෂය සමග සටනට සුදානම්. ඒ සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන්න. ඔබලාගේ ඉල්ලීම් ඉටු කිරීමට මෙි රජය කැප වී සිටිනවා.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

12 views

29 Comments to “මීලග මැයි දිනයට පෙර රාජපක්‍ෂලාට දඩුවම් දෙනවාමයි.. ෆොන්සේකාලා එකෙක් නෙමෙයි දහයක් ගේනවා..- රාජිත”

  1. BARCARDI says:

    Who bark against Rajapacshas most.

    1. PachaMan-1
    2. Wel Vidane
    3. Pachaman-2 (rajitha)

    All these are not original UNPers. UNPers use these three. These people have to enjoy UNPer otherwise they will be kicked off from UNP.

  2. මෙයා බෙරිහන් දෙන විදියෙන් පේනවා රෙද්ද ගද ගහන බව….රනිල් ගෙ රැලියෙ කාගෙවත් මූනු වල ලේකලදක් නෑ…..මුන් මරු විකලෙන් කෑ ගහන්නෙ….අනික මුන්ගෙ රැලි වල පොටෝ මොකුත් නෑනෙ කොහෙවත් ….

  3. gavin gunawardane says:

    ඝාතන කළ එවුන් අල්ලා එලිපිටම
    දඬුවම් දියයුතුයි ඔබ හරි හැම විටම
    පෙම්දස් යුගේ ‘ප්‍රා’ ඇතිකර මුලුරටම
    ඝාතන කළ එවුන් එල්ලමු අද හෙටම

  4. Gamunu Dias says:

    ඔබගේ නැවු අට ගැන නඩුව තියෙන්නේ කවදාද ?

  5. White Shark says:

    මම ඒකාබද්ධ විපක්ෂය එක්කවත් රාජපක්ෂලා එක්කවත් නැහැ.

    හැබැයි සරත් ෆොන්සේකාව ගෙනල්ල කැළෑ නීතිය කැලෑ අධිකරණය ගේනවට එක හෙලා විරුද්ධයි. සරත් ෆොන්සේකාගේ අවශ්‍යතාවක් නැහැ. මහා ලොකුවට පොරොන්දු වුනාට අධිකරණය ස්වාධීන කලේ නැහැ.

    දැනටත් රටේ අධිකරණය දෙන තීන්දු අධිකරණයෙන් අධිකරණයට විනිශ්චයකාරයාගෙන් විනිශ්චයකාරයාට වෙනස්. වීරවංශටයි රණවිරුවන්ටයි අහිංසක මිනිස්සුන්ටයි එක නීතියකුත් තවත් සමහරුන්ට වෙන නීතියකුත් තියෙන බව පහුගිය කාලේ රටම දැක්ක.

    ඒ නිසා දැනටත් අවනීතිය වෙලා තියෙන නීතිය, සරත් ෆොන්සේකා ලව්වා ම්ලේච්ඡ තිරිසන් නීතියක් කරගන්න හදන උත්සාහයට ජනතාවට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් මගේ උපරිම සහයෝගය දෙනවා.

    • සෙප්පඩ විජ්ජාව says:

      උඹ අයි ලව් යූ රනිල් කියන්න තාම කට ඇර ගන්න බැරුව නේද ඉන්නේ NGO කාක්කියේ ?

    • සකලබුජං says:

      මං ඒ කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි චම්පා….
      රට ගැන කියැවෙන් ලස්සන පදවැල් කවුරුද ගත්ත හොරා…..

  6. සරත් says:

    කුණු දතා හිතනවනම් `ආලවක යකා’ දාල මහින්දලව භය කරන්ඩ පුලුවන් කියල,
    මට කියන්ඩ තියෙන්නෙ දොස්තර කෙනෙකුට කියල මිනිහගෙ ඹලුව පරීක්ෂා කරවගන්ඩ කියලයි.

  7. buruputha says:

    Tho vage kalakanni ballek jathaka kalata thoge appatai,ammatai danduwam karapiya. Pahara balla . Tho dosthara jathiyatama ninda Karana KONDOSTARAYEK.

  8. aagamikaya says:

    He is not the Dental Surgeon. He is a mantal surgeon. Pl.check his brain. I think he is suffering from vachalakat syndrome. He is suitable to send mental hospital as soon as possible.

Main News