මීලග ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා පුහුණුකරු තමන් බව හතුරුසිංහ කියයි.. ඉවත් නොවන බවත් කියයි..

July 9, 2019 at 12:02 am | lanka C news
මීලග ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා පුහුණුකරු තමන් බව හතුරුසිංහ කියයි.. ඉවත් නොවන බවත් කියයි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරයි.

තම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ලෝක කුසලාන තරඟාවලියේ මුල් වටයෙන්ම ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණ ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

හතුරුසිංහ පවසන ආකාරයට මීලග 20-20 ලෝක කුසලාන තරගාවලියේදීද ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගුය.

එනම් එම ලෝක කුසලානයේ දී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරනු ඇත්තේ ඔහු විසිනි.

මීළඟ 20-20 ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඔස්ටේ‍්‍රලියාවේදීය.

17 views

3 Comments to “මීලග ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා පුහුණුකරු තමන් බව හතුරුසිංහ කියයි.. ඉවත් නොවන බවත් කියයි..”

  1. The people says:

    Whoever who coach the team ( even the best coach in the world at the moment) and who ever who comes to the cricket adminstration, if the present players are not fully committed to fulfill their obligations ,it would be worse day by day. We cricket fans observed their lack of will power and patience to stay at the wicket till they get a sizeable total. The should also follow strict discipline to maintain good physical and mental fitness.

  2. yvonne- chula says:

    ane yanna ara evangalist la langata – apita athi ohewa

  3. වැඩ්ඩා ඩොට් කොම් says:

    ප්‍රශ්ණයක් නෑ. අපිට දැන් ක්‍රිකට් තිත්ත වෙලා. ඒකට තෑන්ක්ස් හොඳේ.

Main News