මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා..

July 30, 2021 at 1:20 pm | lanka C news
මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා..

එළඹෙන වසරේ මුල් මුලදී පියවිමට ඇති ඩොලර් බිලියන එක හමාරක මුදල පියවීමෙන් පසුව අවුරුද්දක් ඇතුලත ආණ්ඩුව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

සාර්ක් අරමුදලින් ඩොලර් මිලියන 400, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොරෝනා වසංගතය හේතුවෙන් දෙන ඩොලර් මිලියන 800, බංග්ලාදේශයෙන් ලැබෙන මිලියන 200 හැරෙන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ලංකාවට කිසිදු ණයක් ගැනීමට හැකියාවක් නැතැයි ද ඔහු පැවසීය.

මුල්‍ය අරමුදලේ සහතිකය ලැබුණොත් වෙනත් රටවල් ලංකාවට ණය දීමට ඉදිරිපත් විය හැකි බවද පැවසූ ඔහු චීනයෙන් බිලියන 1.5 ක මුදලක් හිමි වුවත් එය ලැබෙන්නේ යුවාන් වශයෙන් යයිද පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අද වන විට විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට දූදරුවන්ට වියදම් සඳහා ද ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ලබා ගැනීමට නොහැකි තත්වයක් යටතේ දෙමව්පියන් කළු කඩයෙන් අධික මුදලකට ඩොලර් ගනිමින් සිටින බවද ඔහු එහිදී පැවසීය.

65,107 views

24 Comments to “මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා..”

  1. Prbath says:

    මු දන්නේ ඕව කියව කියව ඉන්නයි….. මහජන දේපල උගෙ ලෙව කන වුන්ට පවරලා…. මිනිසුන්ගේ රැකියාවලුත් නැතිකරන්නයි….. කලිසම උස්ස උස්සා …… මහ ලොකුවැඩක් වගේ වටපිිට බලන්නයි….. ලංකාව කාබාසිනියා කරන්නයි…… දෙවියනේ තාම නැද්ද … මා… …. ගේ vecanci එක ලැබුනෙ.. දෙකෝටියකට වැඩි ජනතාව මූට වඩා පව් කාරයෝ නිසා මුන් නායකයො උනා……😣

  2. D.Nimal says:

    The Christern born ex-leader of UNP Ranil Wickramasinghe has being new platform by critical on attacked current govt in power is going collapse by overnight the crisis of lack of foreign exchange for import-export . This is lie of Ranil UNP-politics,man who looted Central Bank of trillions of rupees during his regime in power 2015 Jan to 2019 november 16.
    He was political rouge and most corrupt person in modern political history since 1948 .
    The man of Ranil W.. lost all political credentials for life time.

Main News