මීළඟ අගමැති ඔබ යැයි පවසන විට දෑසට කදුලු නැගෙනවා..- අමරවීර

September 16, 2018 at 2:10 pm | lanka C news
මීළඟ අගමැති ඔබ යැයි පවසන විට දෑසට කදුලු නැගෙනවා..- අමරවීර

ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අගුණකොලපෑලැස්ස අලුත්වැව මහානාග පාසලේ ප්‍රමාණයේ නව දෙමහළ් ගොඩනැගිල්ල අද(16)දින සිසු අයිතියට පත් කලේය.

ලක්ෂ 151 වැය කරමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ අංග සම්පූර්ණ පාසල් උපකරණ වලින් සම්පූර්ණව ඇත.

දූදරුවන් 1700ක් පමණ අධ්‍යාපණය හදාරන මෙම පාසලට විශාල අඩුපාඩුවක්ව පැවති මෙම ගොඩනැගිල්ල ලැබීමේන් සිසූන් සඳහා විශාල සහනයක් ඇතිවන බව ගුරු දෙගුරුන්ගේ අදහසයි.

මෙම අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවෙ මහජන දිනයට තම නිවසට පැමිනෙන ජනතාව “මීළඟ අගමැති ඔබ යැයි පවසන විට දෑසට සතුටු කදුලු නැගෙන බවයි”.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ රජය විසින් ඉන්ධන මිල ඉහල දැමුවද රාජපක්ෂ පාලන සමයට වඩා ඉන්ධන මිල තවමත් අඩු මිලකට ලබා දීමට හැකියාව ලැබ් ඇති බවයි. එබැවින් ඉන්ධන මිල සුත්‍රය අසාර්ථක බවට එකාබද්ද විපක්ෂය කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

-Mahinda Amraweera Media

51 views

23 Comments to “මීළඟ අගමැති ඔබ යැයි පවසන විට දෑසට කදුලු නැගෙනවා..- අමරවීර”

  1. Modaya says:

    Adu kule meeharaka…..

Main News