මී කඩන්න කැලයට ගිහින් වලස් රංචුවකටම කොටු වෙයි.. වලස් ප්‍රහාරවලින් දරුණු තුවාල..

March 20, 2018 at 2:04 am | lanka C news
මී කඩන්න කැලයට ගිහින් වලස් රංචුවකටම කොටු වෙයි.. වලස් ප්‍රහාරවලින් දරුණු තුවාල..

වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරසක්  වලස් ප්‍රහාරයට ලක් වීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පැවසුවේය.

ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත, මදර්පනික්කමහිලන්කුලම පදේශයේ පදිංචි සෙල්වම් මහේන්ද්‍රන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ඇති බවටයි.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි 6දෙනෙකුගෙන් යුත් වලස් පැටවුන් සමඟ සිටි වලස් දෙනකගේ ප්‍රහාරයට අදාල පුද්ගලයා ලක් ව ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි පුද්ගලයෙකු පැවසූවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදි වලස් දෙන විසින් තම සඟයාට පහරදුන් අතර තමන් සිදුකළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

එහිදි තුවාල ලැබු සඟයාද සමඟ තමන් ගසකට නැගී තමන්ගේ ඥාතීන්ට දුරකථනයෙන් කථාකොට තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලු අතර, තමන්ගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිළධාරීන් දැනුවත් කොට පොලිසිය සමඟ පැමිණ තමන් බේරාගත් බවද සිද්ධියට මුහුණදුන් පිරිස පැවසීය.

සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

One Comment to “මී කඩන්න කැලයට ගිහින් වලස් රංචුවකටම කොටු වෙයි.. වලස් ප්‍රහාරවලින් දරුණු තුවාල..”

  1. hoora says:

    ඒ කියන්නේ ලංකාවේ කැලෑවල තාම වලස්සු ඉන්නවා …ඒක සතුටක් ..දුක තමයි ..තාම අවදානමේ මී කඩාගෙන ජීවිකාව ගෙවන මිනිස්සු ඉන්න එක .

Main News