මී හරක් රංචු අල්ලා හදාගැනිමට ලබාදීමේ වැඩසටහක් අරඹයි..
February 1, 2019 at 5:30 pm | lanka C news
අඹේවල, පට්ටිපොල, මිපිළිමාන ඇතුළු ප්‍රදේශවල වගාවන් විනාශ කරමින් සහ ජන ජිවිතය අඩාල කරමින් සැරිසරන අයිතිකරුවන් නොමැති මී ගව රංචු අල්ලා ගව පට්ටි හිමියන්ට හදාගැනිමට ලබාදීමේ වැඩසටහන පෙබරවාරි 06 දින ආරම්භ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ ප්‍රදේශවාසින් සහ ගොවි සංවිධාන නියේජිතයන්ගේ ඉල්ලීම මත දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මඟින් ගත් තිරණයට සියළු අංශ මගින් එකඟතාවය ලැබිමෙන් අනතුරුව මෙම තිරණය ගත් බවය.
අඹේවල , පට්ටිපොල ,මිපිලිමාන ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයින් ,ප්‍රදේශවාසින් ,ආරක්ෂක අංශ ප්‍රධානින් ,රාජ්‍ය නිලධාරින් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම තිරණය ගනු ලැබිණ.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රදේශවාසින් පෙන්වා දුන්නේ කලකට පෙර කෘෂි කර්මාන්තය සඳහා යොදාගත් මී ගවයන්,යන්ත්‍ර සුත්‍ර පැමිණිමත් සමඟ රක්ෂිත කැලෑවන් වෙත අතහැර දමා ඇති බවත්, ඔවුන් කාලයක් තුල විශාල වශයෙන් බෝවී ප්‍රදේශයේ වගාවන් විනාශ කරමින් අද වන විට ජන ජිවිතයට බාධා කරන තත්වයකට පත්ව ඇති බවත්ය. මෙම තත්වය සඳහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස තමන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් ඉල්ලීම් කල බව ද ඔවුන් මෙහිදි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ වන ජිවි නිලධාරින් පෙන්වා දුන්නේ මෙම සතුන් ඇල්ලීම සඳහා තම දෙපාර්තමේන්තුව පුර්ණ සහය ලබා දෙන බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා සඳහන් කළේ හිංසා නොවන පරිදි ගවයන් අල්ලා ගැනීම සඳහා ඊට අදාළ රාජ්‍ය ආයතනය වල සහය ලැබී ඇති බවත්, අල්ලා ගත් ගවයන් ඇතිකරන ගව හිමියන් පිළිබඳ සොයා බැලීම සඳහා ඒම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශිය ලේකම් මගින් වාර්තාවක් කැදවීමට පියවර ගන්නා බවත්ය.
මෙම අවස්ථාවට එම ප්‍ර දේශ නියොජනය කරණ නුවරඑළිය ප්‍ර දේශිය සභා මන්ත්‍රිවරුන් වන සුදර්ශණ රත්නායක, එස් සෙල්වරාජ්, ජයන්ත තේනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ටි.එම්.ඒ.කේ.බි. තෙන්නකෝන්, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්, ඩබ්ලිව්.එම්. ආනන්ද යන මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගි වුහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය
යන්ත්‍ර මාර්ගයෙන් කුබුරු වැඩකිරීම රජයෙන් තහනම් කර මේ රැකියා නැති මි හරක් ටිකට රැකියා ලබාදිය යුතුය
Same to be done for 225 buffalos in the country as well.
Ela kathawa bro. Salute you.
මේ අසරණ මිහරකටත් දැන් යහපාලන ආණ්ඩුව ආවට පස්සේ සෙනසුරු දසාව ලබලා ..රටේ මීහරක් ටිකත් ඉවරයි
..අන්තිමේදී රටේ පස් ටිකවත් ඉතුරුවේද ?හම්බයන්ගේ මස් කඩවලටද ගෙනියන්නේ ?
Ethakota Diyawannawe mee harak?
Make sure these baffaloes are not bought by Muslims traders for slaghtering. today we are getting curses of eating beef.