මුඛ ආවරණ නැත්නම් ‘චූං පාන්’ නෑ..

March 27, 2020 at 8:02 am | lanka C news
මුඛ ආවරණ නැත්නම් ‘චූං පාන්’ නෑ..

ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝසනය කල හැටන් ප්‍රදේශයේ රියදුරන් රැසකට පොලිසියෙන් අවවාද කර එම රියදුරන්ව පොලිස්භාරයට ගනු ලැබුහ.

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක අත්‍යවශ්‍යය සේවා යනුවෙන් දැන්විමක් අලවාගෙන පෞද්ගලික ගමනක යෙදි සිටි රියදුරා සහ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර මුදා හරනු ලැබුවා.

මාවනැල්ලේ සිට තලවකැලේ දක්වා අවමංගල උත්සවයකට ඇදිරි නිතිය බලපත්‍රයක් සහිතව වැන් රථයක පැමිණි රියදුරෙකු එම වැන් රථයේ අනන්‍යතාවය තහවුරු නොකල පිරිසක් රැගෙන වෙනත් මාර්ගයක ධාවනය කරමින් සිටියදි එම රියදුරාව පොලිස් භාරයට ගනු ලැබුවා.

හැටන් නගරයේ සිට නගර සිමාව තුල චුන්පාන් අලෙවිකරුවන් විසින් මුව ආවරණ නොමැති පාරිභෝගිකයන්ට බේකරි නිෂ්පාදන ලබා නොදිමට කටයුතු කර තිබු අතර , ස්වයං නිරෝධනයට ලක් වු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධන රෙගුලාසි උල්ලංඝනය කරමින් බේකරි නිෂ්පාදන චුන් පාන් අලෙවිකරුගෙන් මිලට ගැනිමට පැමිණ අවස්තාවේ ගම්වාසින්ගෙන් සිය විරෝධය එල්ල විය.

ඇදිරි නිතිය හමුවේ හැටන් නගරය හරහා ධාවනය කරවන සියළුම රථ වාහන දැඩි පරික්ෂාවට ලක් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර  තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

118 views

7 Comments to “මුඛ ආවරණ නැත්නම් ‘චූං පාන්’ නෑ..”

  1. wasantha says:

    මුඛ ආවරණය පිලිබඳ නිවැරදි මතය/වෛද්‍ය අංශයේ මතය සමාජගත ව් නොමැත. මුඛ ආවරණය පැලඳි අය, එය නොපැලඳි අයට “පාට් දැමිම” බරපතල වැරද්දක්! මෙය නිවැරදි කිරිමට විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් නොවිමද බරපතල වැරද්දක්!

    • kdtv says:

      නිරෝධායනයට ලක්වී සිටින කෙනෙක් ආවොත් කොහොමද ඔතන වගේ ඔබගාවට.
      මිනිස්සු දැන් හුරුවී ඉන්නෙ අනුන්ගේ මනසින් හිතල දුන්න ඒවා ගිරවු වගේ කියන්න මිසක් ප්‍රායෝගිකත්වය එක්ක හිතන්න හුරුනෑ

    • නාමල් ජයතිලක says:

      විද්‍යුත් මාධ්‍ය කාරයන්ගෙන් මොනාද බන් මිට වඩා බලාපොරොත්තු වෙන්නේ. මොලේ තියන එවුන් යැ

  2. Rodrigo says:

    There are so many violations like this in Dehiwala/Kaudana interior by roads. So many motor cycles going here and there violating curfew. May be they transport drugs and KG

  3. Kumara says:

    Minissu boruwata beheth thundu aragena thange wada walata yanawa.me para wallwala wahana painyana minissu onatharam innawa eyala me lede thathwe therum aran na puluwannam mepaththeth oyawage karanna piliyandala policeyen illanne.

  4. Love nature says:

    පාසල්වල කුඩා කාලයේ පටන් ළදරුවන්ට තමන්ගේ පිරිසුදු බාවය කියා දෙනවානම් හුගාක් මෙම ලෙඩ රෝගවලින් ජිවිත බේරා ගන්න පුලුවන්

  5. Sudath says:

    Touching money and bread. Disaster…..

Main News