මුඛ ආවරණ (Mask) මසා නොමිලේ බෙදා දෙයි..

March 18, 2020 at 5:30 pm | lanka C news
මුඛ ආවරණ (Mask) මසා නොමිලේ බෙදා දෙයි..

දිවයින පුරා පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සදහා හැටන් ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක් වි මුඛ ආවරණ නිපදවා නොමිලේ බෙදා හැරිමේ වැඩසටහනක් (18) දින හැටන් බස් නැවතුම්පොලේදි සිදු කරනු ලැබුවා.

හැටන් යන් බ්‍රදර්ස් ක්‍රිඩා සමාජයේ සමාජිකයන් 30 දෙනෙකු පමණ එක් වි කපු රෙදි වලින් මුඛ ආවරණ නිපදවා එම මුඛ ආවරණ හැටන් බස් නැවතුම්පොලට රැගෙන විත් බෙදා හරිනු ලැබුවා.

හැටන් බස් නැවතුම්පොලට පැමිණෙන සියළුම ජනතාවට සහ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ටද මුඛ ආවරණ නොමිලේ බෙදා දි එය පැලදිය යුතු ආකාරය පිලිබදවද තරුණ පිරිස විසින් දැනුවත් කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

403 views

23 Comments to “මුඛ ආවරණ (Mask) මසා නොමිලේ බෙදා දෙයි..”

  1. Bakka says:

    Obalata bubu saranay deve phitay

  2. Bakka says:

    Goda wedak

  3. Karu says:

    අගනා අදහසක්. මේවා නියම ප්‍රතිපල ලබා දෙන්නට තරම් ගැලපෙනවාද කියා දන්න කියන කෙනෙක්ගෙන් උපදෙසුත් ගත්තානම් හොඳයි ළමයිනේ.
    වාසනාවන්!

  4. රටවැසි says:

    අගෙයි කොල්ලනේ . පුළු – පුළුවන් හැටියකි න් දෙන සහයෝගය කොච්චර රහද .

  5. Srimal says:

    ඒවගේ පාවිච්චි කරන පැත්ත හරි හැටි දැනුවත් කරන්න.. දෙපැත්තම එකම වර්ණය වුණොත්, භයානකයි