මුත්තයියා මුරලිදරන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ.. පොහොට්ටුව දිනවන්නැයි ඉල්ලයි..

July 2, 2020 at 10:40 am | lanka C news
මුත්තයියා මුරලිදරන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ.. පොහොට්ටුව දිනවන්නැයි ඉල්ලයි..

තමන් දේශපලනයට පිවිසමට අකමැති නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත තම සහොදරයාව ජනතාවට සේවය කිරිම සදහා දේශපාලනයට යොමු කල බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

මුත්තයියා මුරලිදරන් මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහොදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ

මම ඇත්තටම දේශපාලනයට කැමති නැ , අපේ පවුලේ කවුරුත් හිතුවේ මගේ සහෝදරයා දේශපාලනයට එයි කියලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් මට ඉල්ලිමක් කරා වියත් මගට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තොසෙන් පිලි ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන නායකයෙක් , වැඩ කරන්න පුළුවන් නායකයෙක් , එ නිසා මම ජනතාව අතර ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කලා.

ඊට පස්සේ මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරයා මට කතා කරලා තියෙනවා , මුරලි ඔයාට හොදට වැඩ කරන්න පුළුවන් එ නිසා උතුරේ ආණ්ඩුකාර ධුරය ගන්න කියලා.

මම එතුමාට කිව්වා සර් මට ඇත්තටම දේශපාලනය තේරෙන්නේ , මම ක්‍රිඩකයෙක් ,මම මිනිස්සුන්ට උදව් කරන්න තමයි කැමති. එ නිසා මම දේශාපලනය කරන්න කැමති නැ මාත් එක්ක තරහා වෙන්න එපා කියලා.

එතුමා ඊට පස්සේ හිනාවෙලා කිව්වා කමක් නැ එහෙනම් මම වෙන පුද්ගලයෙක් දාන්නම් කියලා.

මාස දෙකකට පස්සේ ආයෙත් කතා කරලා කිව්වා මට උදව්වක් වශයෙන් මේ පාර මැතිවරණයට තරග කරන්න කියලා. මම කිව්වා සර් මම කොහොමත් දේශපාලනයට කැමති නැ කියලා .

ඊට පස්සේ සර් කිව්වා ඔයාලා වගේ කට්ටය මාත් එක්ක වැඩ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්න බැ කියලා .

මම කිව්වා එහෙනම් සර් මම මගේ බාල සහොදරයා ඉදිරිපත් කරන්නම් , එයා දක්ෂයි , මම එයාගේ පිටිපස්සෙන් ඉදන් උදව් කරන්නම් කියලා.

එ නිසා තමයි මගේ මල්ලි දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ , අපිට දේශපාලනය එන්න උවමනාවක් නැ .

සල්ලි තියෙනවා , කොම්පැනිස් තියෙනවා , ඕන රටට පිලිගන්න නමක් හදාගෙන තියෙනවා.

ගොඩාක් අය දේශපාලනයට එන්නේ නම හදා ගන්නත් , සල්ලි හම්බ කරන්නත්. අපිට එ දෙකම අවශ්‍යය නැ , අපිට ඕනි ජනතාවට සේවය කරන්න කොහොම හරි.

එ නිසා මුලින්ම පොහොට්ටුව දිනවන්න , අනිවාර්යෙන්ම පොහොට්ටුව තමයි දිනන්නේ. එකේ පංගුවක් වුනොත් අපිටත් මේ පලාතට විශාල දෙවල් ලබා ගන්න පුළුවන්.

එ නිසා මගේ සහොදරයා ප්‍රභුවත් දිනවලා , පොහොට්ටුවත් නුවරඑලියෙන් දිනවා අපි ඉදිරියට යමු යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ

40,196 Viewers

40 Comments to “මුත්තයියා මුරලිදරන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ.. පොහොට්ටුව දිනවන්නැයි ඉල්ලයි..”

  1. Ronnie says:

    Thawa ethanol wadi wadiyen genna labiyan!!!

  2. එතනෝල් says:

    පොහොට්ටුව දිනවනවට වඩා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන තමන්ගේ අයිය දිනවන්නයි ඕනේ. එතකොට අය්යගේ බිස්නස් එක බය නැතුව කරගෙන යන්න පුළුවන්.

  3. sinhale le says:

    ශ‍්‍රි ලාංකේය ඉතිහාස වංශ කථාවේ සුවිශේෂි කලාපයක් ලෙසින් මහනුවර, මාතලේ හා නුවරඑළිය කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාත හැදින්විය හැකි වේ. මෙම පෙදෙසේ පිළිබඳ ඓතිහාසික තතු ක‍්‍රි.පූ. සමය තෙක් අතීතයට දිවෙන බවට සාක්ෂි හමුවේ. බොහෝ ඉතිහාස රචකයින් එහි ඉතිහාසය රාවණා යුගය තෙක් දිවෙන බව ඉතිහාසඥයින් විසින් පෙන්වා දෙන අතර ඒ සඳහා ජනප‍්‍රවාද තොරතුරු සාක්ෂි ලෙස ගෙනහැර දක්වා ඇත. එමෙන්ම රාවනා යුගයේදී ද මෙම ප‍්‍රදේශය මලය (රට) යනුවෙන් හඳුන්වා ඇති බවත් පසුව වරින් වර යක්ෂ, රාක්ෂ, දේව, නාග යන ගෝත‍්‍රිකයින් මෙහි වාසය කර ඇති බවත් ජනප‍්‍රවාද අනුව පැහැදිලි වන බව ද තවදුරටත් පෙන්වා දී තිබේ. මෙම අවධියේදී වැඩිපුරම වාසය කර ඇත්තේ රාක්ෂ සහ යක්ෂ ගෝත‍්‍රිකයින් බව දැක්වෙන අතර මෙහි වාසය කළ පිරිස් මහාවංසයේ සඳහන් වන පුලින්දයින් කුවේණියගෙන් පැවත එන්නන් ලෙස හඳුන්වා ඇත. තව ද ක‍්‍රි. පූ. සමයේ සිට මැදරට (මහනුවර හා අවට) ජනාවාස පැවති බවට සාධක අභිලේඛන මගින් අනාවරණය වේ. බඹරගල, හාරගම, දූල්වල, වේගිරිය, මොලගොඩ, යාන්ලෙන, ගලබාව හා ගෝනවත්ත වැනි ස්ථානවලින් හමු වී ඇති බ‍්‍රාහ්මි අභලේඛන මේ සඳහා සාක්ෂි වේ මෙසේ තිබියදී සිංහලයෙක් මෙම පලාතට පත් කිරීමට බැරිවීම ගැන කණගාටු වෙමි.

  4. Chandana says:

    meya kiyanakam hitive pohottuwata wada karanna.salli walata ochchara denna epa hallo.

  5. Dharme says:

    meya kiyanakan api hitive pohottuwata wada karanna.waediya denna epa hallo..

  6. Gone gota says:

    Mu kotiya…

Main News