මුතුරාජවෙලට කුණු දමන පරිසර ඇමතිකම ළමයෙකුට දෙන්න..- ජනපතිට කියයි..

July 2, 2017 at 4:40 pm | lanka C news
මුතුරාජවෙලට කුණු දමන පරිසර ඇමතිකම ළමයෙකුට දෙන්න..- ජනපතිට කියයි..

වැඩබැරි ටාසන්ලාගෙන් සමන්විත වර්තමාන ආණ්ඩුව තමන්ගේ වැරැදි වසාගැනීමට කෝකටත් තෛලය ලෙසින් භාවිතා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ යුගයේ රටට දායාද කළ සංවර්ධන ව්‍යාපෘති නැතිනම් අද ආණ්ඩුවට අද ජනතාව හමුවේ කියන්නටවත් දෙයක් ඉතුරු නොවන බව පැවසූ රණතුංග මහතා මහින්දට බැන බැන මහින්දගේම ව්‍යාපෘති විවෘත කරමින් ලකුණු දමා ගැනීමට උත්සාහ ගන්නා ආණ්ඩුවේ නායකයන් දුටුවිට ජනතාවට දෙකොණින්ම සිනා යන බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ක්‍රියාකාරින් දැනුවත් කිරීමේ රැස්වීමකට උඩුගම්පොළ දී අද (02) එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අද රට පාලනය කරන්නේ මේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයේම පහළ වෙච්ච අසාර්ථකම ආණ්ඩුවයි. එකට එක නොගැලපෙන කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ රට කරවන්න නෙමෙයි රටටම වින කරන්නයි. බෙදුම්වාදීන්ගේ, බටහිර ජාතීන්ගේ ඕනෑ එපාකම් මත තමයි මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ.

ආණ්ඩුවේ අසාර්ථකභාවය අද පාරට බැස්සාම පේනවා. එක පැත්තකින් කුණු කඳු. තව පැත්තකින් ඩෙංගු. අද රට විසාලා මහ නුවර වගෙයි. මිනිස්සු ජීවත් වෙන්නේ මරබියේ. හැබැයි ආණ්ඩුවට කිසිම ගාණක් නැහැ. වාචාල ඇමැතිවරු ඔහේ කටමැත දොඩව දොඩව යනවා. ඒ ඇමැතිවරුන් හිතන් ඉන්නේ මේ රටේ ජනතාවට ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ කියලයි.

මේ ආණ්ඩුවේ  එකම අරමුණ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමයි. ඩෙංගු මර්දනයට ක්‍රමවේදයක් නැති ආණ්ඩුව අපිව මර්දනයට නම් විවිධ උපක්‍රම අත්හදා බලමින් ඉන්නවා. ආණ්ඩුවේ කෝකටත් තෛලය මහින්ද රාජපක්ෂයි. මීතොටමුල්ල කුණු කන්ද නාය ගියාමත් මහින්ද. උමාඔයෙන් බණ්ඩාරවෙලට හානි වුණාමත් මහින්ද. හැමදේකටම මහින්ද.

මහින්දට බැන බැන තමන්ගේ අසාර්ථකත්වය යටගහ ගන්න ආණ්ඩුව තව පැත්තකින් ගොඩයන්න හදන්නෙත් මහින්දගේ කාලයේ හදපු ව්‍යාපෘති තමන්ගේ වගේ විවෘත කරලයි. ජනාධිපති ලේකම් කර්යාලය ඉස්සරහා මහින්ද මහත්තයාගේ කාලයේ  හදපු ලස්සන වතුර මල විවෘත කරලා තමයි මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ රට වටේම ගිහින් මහින්ද මහත්තයා හදපු ව්‍යාපෘති විවෘ කරනවා.

මහින්ද මහත්තයාගේ කාලයේ සල්ලි අනුමත වෙච්ච ව්‍යාපෘතිවලට මේ අය මුල්ගල් තියන්නෙත් ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හදනවා වගෙයි. අනුන්ගේ ඒවා තමන්ගේ වගේ විවෘත කිරීම තමයි මේ අයගෙ ප්‍රතිපත්තිය. කොහොමත් මේ ආණ්ඩුවේ අය දක්ෂයි අනුන්ගෙ ළමයින්ට උප්පැන්න හදන්න. අපි ආණ්ඩුවට කියනවා අනුන්ගේ ළමයින්ට උප්පැන්න නොහදා තමන්ගේම ළමයි හදා ගන්න කියලා.

ජනාධිපතියි අගමැතියි දෙන්නා තරගෙට මහින්ද මහත්තයට බැන බැන රට වටේ යනකොට මිනිස්සු බලන්නේ මේ අය රෙදි ඇඳගෙන ද කතා කරන්නේ කියලයි. මොකද බලයට එන්න ඉස්සර මේ අය කිව්වෙ මහින්දට බෑ අපිට දෙන්න, අපි කරලා පෙන්වන්නම් කියලයි. හැබැයි බලය ගත්තට පස්සේ මිනිස්සුන්ට පේනවා මේ අයට මහින්ද තරම්වත් බෑ කියලා. මේක වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්.

වැඩබැරි ටාසන්ලාට අද අඩුම ගණනේ බැන බැන යන්න හරි ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා රට වෙනුවෙන් දෙයක් කරපු නිසයි. මහින්ද මහත්තයා සංවර්ධන ව්‍යාපෘති පටන් ගත්තේ නැත්නම් මේ අයට වෙන්නේ වහ කන්නයි. දැන් ආණ්ඩුවේ කාලයෙන් භාගයක් ගෙවිලා ඉවරයි. දැන්වත් වැඩ පටන් ගන්න. වෛරය, ක්‍රෝධය අතහැරලා ජනතාව දුන් වගකීම ඉෂ්ට කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

තමන් ඇමැතිකම් දරන්නෙ නැහැ කියලා බලයට ආපු ජනාධිපතිවරයා ඇමැතිකම් බෙදන විට පරිසර ඇමැතිකම තියා ගත්තේ රටේ පරිසරය ආරක්ෂා කරන්න කියලයි. හැබැයි අද මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ කරමින් කුණු දානකොට පරිසර ඇමැතිවරයා සද්ද නැතුව ඉන්නවා. ලෝකේ මොන රටේ ද ආරක්ෂිත පරිසරයක් විනාශ කරමින් කුණු ගෙනත් අතහරින්නේ? අපිට කියන්න තියෙන්නේ ඔය පරිසර ඇමැතිකම ළමයකුට දෙන්න කියලයි.

මුතුරාජවෙල කියන්නේ අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු පරිසර පද්ධතියක් කියලා මේ ඔලමොට්ටල ආණ්ඩුව තේරෙන්නේ නැහැ. එක පාරක් කුණු දැම්මාම ආයෙත් ඒ පරිසරය තිබුණු තත්ත්වයට ගේන්න බැහැ. රටේ ජනතාව පමණක් නොවෙයි මහා සංඝරත්නය, කාඩිනල්තුමා, ආණ්ඩුවේ ඇමැතිවරුන් පවා මේ කුණු දැමිල්ලට විරුද්ධයි.

හැබැයි ආණ්ඩුව පොලිස් ආරක්ෂාවත් යොදාගෙන හිතුවක්කාරකමට කුණු දානවා. මෙන්න මේ අයට තමයි ඒකාධිපතියෝ කියන්නේ. කොළඹ කුණු ප්‍රශ්නය විසඳන්න ස්ථිරසාර වැඩපිළිවෙළක් හදාගන්න බැරි ආණ්ඩුව අටුව කඩලා පුටුව හදනවා වගේ කොළඹ කුණු මුතුරාජවෙලට දානවා. මේ ආණ්ඩුවේ තියෙන තරමක් තියෙන්නේ මේ වගේ කුණු ගඳ ගහන වැඩම තමයි.

රටම ආණ්ඩුවට බනින කොට ආණ්ඩුවේ ඉඳුල් කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තමන්ගෙ හිටපු නායකයා වන මහින්ද මහත්තයට බනිනවා. අද එක ඇමැතිවරයකුටවත් ගමට යන්න පුළුවන්කමක් නැහැ. බොහෝ ඇමැතිවරුන් කොළඹට වෙලා ඉන්නේ ආසාවට නෙමෙයි ගමේ මිනිස්සුන්ට තියෙන බයටයි. අපි අභියෝග කරනවා පුළුවන් නම් ගම්වලට ඇවිත් පෙන්නන්න කියලා.

කුණු වෙච්ච ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. ඉදිරියේ දී බල ගන්න පුළුවන් ආණ්ඩුව දාලා ඇමැතිවරුන් දුවන හැටි. තව වැඩි දවසක් යන්න ඉස්සර ආණ්ඩුව සෙත්තපෝච්චි වෙනවා. කුණු වෙච්ච ආණ්ඩුවකට කරගහන්න කවුරුවත් ඉතුර වෙන්නේ නැහැ. උදු වපුරපු අය උදු නෙලා ගනියි. කරපු දේවල්වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවේ අයට කියනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

86 views

9 Comments to “මුතුරාජවෙලට කුණු දමන පරිසර ඇමතිකම ළමයෙකුට දෙන්න..- ජනපතිට කියයි..”

  1. SAPU says:

    රටේ කුණු ප්‍රශ්නයක් විසදගන්න නොදන්නා විට
    වයිර ගොනා දණ ගහලා, කොටියා දිනකොට
    යහපාලනේ ගොන් රැල බැඳ ගෙන දක්කන විට
    කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙන විට
    වයිර ගොනා සමග උන් රජසැප ගෙන වැජබෙන චිට
    ආණ්ඩුවට නොවේ ජනතාවටයි බර පැටවෙන්නේ
    මොකද කරන්නේ සිහලුන්
    දැන්වත් නැගිටපියව්

    • Chapa says:

      Anduwa kunu danna udaw denawalu, ekabadda wipakshaye indika anurudda pas walin purawanawalu, kunu prasnayata puka rathwena prasannata godakarana eka penne naeha, muth thawath eka moda chun ekak witharai, pissu yakek

  2. Vimarshana says:

    එක් සමුපාකාර වෙළඳ සැලක තොග ගණන් ගන්නා අවස්ථාවකදී සමහර භාණ්ඩ තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු බව තොග ගණන් ගන්නා නිලධාර්යාගේ නිරීක්ෂණයට ලක්විය. සමුපාකාර මනේජර්ගේ බෝතලයෙන් හොඳ හැටි සප්පායම් වූ තොග ගණන් ගන්නා නිලධාරියා එකී ප්‍රමාණයන් අඩු වී ඇත්තේ මියන් විසින් කා දමා ඇති බවට සටහන් කරන ලෙස උපදෙස් දී එසේ සටහන් කරන ලද තොග ගණන් ගැනීමේ පත්‍රිකා වල සිය අත්සන තබා, ඒවා ප්‍රධාන කාර්යාලයට යැවිය. විගණන නිලධාරින් මෙම පත්‍රිකා පරික්ෂා කරන විට, ළූනු, මිරිස්, උම්බලකඩ, යනාදිය මෙන්ම උදලු තලත් මියන් විසින් කා දමා ඇතිබවට මැනේජර් වරයා කර ඇති පරකාශය, ගණන් ගැනීමේ නිලධාරියාද සහතික කර තිබෙනු දැක විශ්මයට පත්විය.
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති ව සෑම භාණ්ඩයකම අඩු වීමට හේතුව මියෝ කෑවා කි මැනේජර් වරයා සේ, රටට අගතියක් වන සෑම දෙයටම හේතුව “රාජපක්ස වරුන්” යන මන්ත්‍රය ජප කිරීම යහපාලනයේ නිරුවත වසාගැනීමට යොදා ගන්නා එකම උප්පරවැට්ටියයි.

  3. උකුස්සා says:

    මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශයට අපෙන් මල් මිටක් ….ස්තුතියි ඇත්ත කීම ගැන
    මේ ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ කෙසේද රටේ කුණුත් ඉවත් කිරීමට වත් හැකියාවක් නැති කොට ..ලැජ්ජයි සිරිසේන

  4. gamarala says:

    නරකද පරිසර ඇමතිගේ පොළොන්නරුවේ ගෙදරට කුණු දැම්මොත්

  5. hitan gedara appuhami says:

    කොළඹ කියන්නේ මනුස්සයෙක්නම් මුතුරාජවෙල කියන්නේ ඒකෙ හදවත. අනේ ප්‍රසන්න මහත්තයෝ මේ කාලකන්ණි එලවපු දවසක ඔය දාපු කුණු අයින් කරල අයෙමත් ඔය හදවත පිරිසිදු කරල මිනිස්සුන්ට හුස්ම ගන්න හදල දෙන්න. ඒ විතරක් නෙවෙයි GR ගෙන් ඉල්ලා සිටින්න මුළු බස්නාහිර පළාතෙම තියෙන ඇළ වේලි වගුරු බිම් පිරිසිඳු කරලා ආරක්ෂා කරලා දෙන්න කියල. ඒ දැක්ම, වැඩ කිරීමේ හැකියාව මුන් එකෙකුට වත් නැහැ

    • Vasana says:

      මේ ආණ්ඩුවම කුණු ගොඩක්
      පබයකුට පුලුවන්ද ප්‍රශ්න විසදන්න
      අපි සිංහල ජාතිය ගැන කතා කරනකොට ජාතිවාදියා… ජාතිවාද අවුස්සන උන්….
      අපි බෞද්ධයෝ අපේ ආගම ගැන කතා කරනකොට ආගම් වාදියෝ…
      දෙමළ ,මුස්ලිම් සුලුජතිකයින් ඒ දේවල් ගැන බෙදුම්වාදය කතා කරනකොට ..
      උන්ගේ අයිතිවාසිකම්.සහජීවනය …..පුදුම නීතියක් මේක
      ත්‍රස්තවාදි සක්කිලි දෙමල්ලු අවුරුදු 30ක් රට කෑවා‘ අද රට පාලනය කරන අවස්තාවාදීන්ට ඒවා අමතකයි
      යහපාලනේ ඉන්න බොඩිංකාරයො වගේ මිනිස්සු ටිකක්

  6. රාහුල කොලුවා says:

    මුතුරාඡවෙලාට කුණු දානවා මං දැනන් හිටියේ නෑ කියලා කියන්නත් බැරි නෑ… දැනගෙන හිටිය නං මමත් ඒ විරෝධතාකරුවන් එක්කයි කියලා කියන්නත් බැරි නෑ…

Main News