මුතුරාජවෙල ඉඩම් කොටස් කිහිපයක් විකුණලා…

June 3, 2022 at 3:20 am | lanka C news

රජයේ ඉඩම් සංවර්ධනය කොට ව්‍යාපෘති සඳහා ලබා දීම මූලික අරමුණ කරගත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වත්මන් පාලනාධිකාරිය එම කටයුත්ත පසෙක තබා සංස්ථාව සතු ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් අතයට ගනුදෙනු හරහා කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා වෘත්තීය සමිතිය පෙන්වා දෙයි.

2019ට පෙර පැවති යහපාලන ආණ්ඩුව සමයේ සංස්ථාව සතු මුතුරාජවෙල සහ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් කොටස් විකුණා දැමීමට සැරසෙන විට එය වළක්වා ගැනීමට සංස්ථා සේවක සහයෝගය සහිතව සිය වෘත්තීය සමිතියට හැකියාව ලැබුණු බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය පෙරදැරිකරගත් පාලනයක් යටතේ සංස්ථාව සතු මුතුරාජවෙල ඉඩම් කීපයක් විකිණීමට පියවර ගැනීම කනගාටුවට කරුණක් බව ය.

ඉහත කී මුතුරාජවෙල ඉඩම් කොටස් ලිට්‍රෝ ගෑස් සමාගමට විකුණා දැමීමේදී අතයට ගනුදෙනු සිදුව ඇති බවටත් තක්සේරු වටිනාකම නොලැබී ඇති බවටත් චෝදනා කරන එම වෘත්තීය සමිතිය, සංස්ථාව සතු නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් විකුණා දැමීමට එරෙහිව සංස්ථා සේවක පිරිස් සම්බන්ධ කරගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද අවධාරණය කරයි.

– මාධ්‍ය ඒකකය

11,040 views

3 Comments to “මුතුරාජවෙල ඉඩම් කොටස් කිහිපයක් විකුණලා…”

  1. Sahan Fernando says:

    ඉදිරියේදී මුතුරාජවෙල මහා ඉඩම් මංකොල්ලයක් සිදුවෙනවා . රනිල් විසින් හරින් ප්‍රනාන්දු වගේ පට්ට හොරෙකුට ඉඩම් ඇමති දූරය ලබා දුන්නේ එහි ආරම්භයක් ලෙස .දැනටමත් වත්තල ජාඇල ප්‍රදේසවල ඌරුකොටු ව්‍යපාරිකයින්ට ඉඩම් ලබා දීමට එකගවෙලා තිබෙනවා .මුතුරාජවෙල කියන්නේ ජාතික වස්තුවක් හරින් ප්‍රනාන්දුලා වගේ තක්කඩි දේශපාලුවන්ට එය විනාශ කිරීමට් කිසිසේත් ඉඩ දියයුතු නෑ .ජනාධිපති සහ පරිසර සංවිධාන මේ සදහා අවදානයෙන් සිටිය යුතුයි .

  2. Sahan Fernando says:

  3. ඇල්වතූර says:

    වෘත්තීය සමිතියෙ උන්ට අතයට ගණුදෙනුව ලැබිලා නෑ .

Main News