මුදලට නොදුන් කිලෝ 17,150ක ආනයනික නාඩු සහල් තොගය රාජසන්තකයි…
April 5, 2017 at 2:06 am | lanka C news
මුදලට ඉල්ලූ විට නැතැයි කියා සඟවාගෙන සිටි සහල් තොගයක් රාජසන්තක කර එය විකුණා ලැබෙන ආදායම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගිනුමට බැර කරන්නැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලද්දේ පිටකොටුව යෝන් වීදියේ සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එන්.එස්.බී.ට්‍රේඩර්ස් නමැති පුද්ගලික සමාගමකටය. එම සමාගම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ සල්වරාජ් මෝසප් එල්මෝ නමැති අයකු වරද සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමේ වරද පිළිගත් අතර එම සමාගමකට රුපිය්ල 12,500ක දඩයක් ද නියම කැරිණි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ සහල් සඳහා පාලන මිලක් නියම කර තිබිය දී තම නිලධාරීන් ගොස් මෙම ව්‍යාපාරික ස්ථානයෙන් සහල් මුදලට ඉල්ලූ විට සහල් නොමැති බව කීව ද ආනයනය කරන ලද නාඩු සහල් කිලෝ ග්‍රෑම් 25 බැගින් අඩංගු මළු 686ක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි. එම සහල් තොගය මුද්‍රා තබා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
– සජීව විජේවීර