මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…

October 20, 2021 at 6:20 pm | lanka C news
මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…

සපුගස්කන්දේ ඉදිකිරීමට යෝජනා වී ඇති නව තෙල් පිරිපහදුවට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් බිලියන 2ක මුදලක් ලබා දීමට නොහැකි යැයි මුදල් අමාත්‍යාංශය විසින් බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම තෙල් පිරිපහදුව ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ බොරතෙල් ලීටර ලක්ෂයක් පිරිපහදු කිරීමේ අරමුණෙනි.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් ඉඩම් වෙනුවෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබිණි.

ඊට කැබිනට් අනුමැතියද ලැබී ඇතත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ එම මුදල් තෙල් සංස්ථාවේ අරමුදලින් ලබාගන්නා ලෙසයි.

26,062 views

10 Comments to “මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…”

  1. as says:

    සරල දෙයයි කොටස් නිකුතුවක් කරන්න ලංකාවේ පවුද්ගලික ආයෝජකයන්ට කොටස් වෙලදපොලේ

    • Dilan says:

      ලංකාවේ ආයතන පාලනය වෙන හැටියට, නිලධාරීන් පත් කරන හැටියට, තව හුඟක් දේවල් වල හැටියට, එව්වා සේරම දන්නා මිනිස්සු හැටියට කව්ද ලංකාවේ ආයෝජනය කරන්නේ?

    • කැලණියේ නයා says:

      හරි සරලයි මල්ලියේ ලාබ ලබන්න පුලුහන් ව්‍යාපාරික කටයුතු තමුන්ගෙ හෙන්චයිලගෙන් පුරෝගෙන ජනතා බදු මුදලින් නඩත්තු කරන සුදු අලි බවට පත් කරන් ඉන්නව වෙනුවට රජය ව්‍යපාරික කටයුතු වලින් ඉවත් වෙලා නියාමනය කරන එක විතරක් කරනව.හැබැයි ලන්කාවෙ එන කිසිම ආණ්ඩුවක් ඔය වැඩේට එකග වෙන් නෑ රටට ආදරේට නෙමේ තමුන්ට කන්ඩ තියෙන චෑන්ස් එකයි හෙන්චයියලාට ජොබ් සන්තෝසම් දෙන්න තියෙන චෑන්ස් එකයි නැතිවෙන නිසා.ඒකනෙ මේ රට මෙහෙම

  2. Haren says:

    සපුගස්කන්දෙ තෙල් පිරිපහදුවත් හදලා, මන්නරමේ තෙල් සහ ගෑස් උඩට අරං, ත්‍රීකුනාමලේ තෙල් ටැංකි 101න් අඩුම ගානේ 85ක්වත් යලි රජයට පවරා ගත්තොත් ගම්මන්පිලගෙ නම රන් අකුරින් ලියවෙනවාමයි.

  3. APerera says:

    අර පැන්ඩෝරා අයගෙන් අහල බලමු.

  4. sam says:

    හම්බන්තොට වරායක් හැදුව චීනෙන් නය අරගෙන චීන කම්කරුවන්ටම අපහු පඩි ගෙවල, චීන කොම්පැනි වලටම කොන්ත්‍රතු දීල අන්තිම චිනටම වරායත් දුන්න. මේ ආයෝජන ක්‍රමානුකුලව කරානම් හම්බන්තොට නිකන් චිනට දුන්න ඉඩමේ තෙල් පිරිපහදුව ගහනවනේ. චීන්නු ලංකාවේ දෙසපලුවන්ගේ කනෙන් රිංගල මුන්ට පුකෙනුත් හිනාවෙනවා ඇති. මුන්ගේ නුගත් ක්‍රියාවලට අපි හැමෝම වග්න්දී ගෙවන්න ඕන

  5. APerera says:

    May be we ask from the Pandora People. They may oblige.

  6. රජරට බයියා says:

    PPP is the best option available at this juncture.

  7. 69 MIN BAIYOO says:

    හරි සරලයි ,ලාබ ලබන්න පුලුහන් ව්‍යාපාරික කටයුතු තමුන්ගෙ හෙන්චයිලගෙන් පුරෝගෙන ජනතා බදු මුදලින් නඩත්තු කරන සුදු අලි බවට පත් කරන් ඉන්නව වෙනුවට රජය ව්‍යපාරික කටයුතු වලින් ඉවත් වෙලා නියාමනය කරන එක විතරක් කරනව.හැබැයි ලන්කාවෙ එන කිසිම ආණ්ඩුවක් ඔය වැඩේට එකග නෑ, රටට ආදරේට නෙමේ තමුන්ට කන්ඩ තියෙන චෑන්ස් එකයි හෙන්චයියලාට ජොබ් සන්තෝසම් දෙන්න තියෙන චෑන්ස් එකයි නැතිවෙන නිසා.ඒකනෙ මේ රට මෙහෙම

Main News