මුදල් අමාත්‍යාංශයේ ලොක්කියකට වරෙන්තු..
March 22, 2019 at 12:40 pm | lanka C news
අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ පැවති අල්ලස් කොමිසමට සම්බන්ධ නඩුවකදි එහි සාක්ෂිකාරියෙකු ලෙස නම් කර තිබූ රොස් මේරි ඔල්ගා මහත්මිය අධිකරණයට නොපැමිනි හෙයින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් වරෙන්තු නිකුත් කරන ලදී .
මෙහිදී මහේස්ත්‍රාත් වරිය වරෙන්තු නිකුත් කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් පෙනී සිටි නීතීඥ වරයාගේ විමසා සිටියේ ඔල්ගා මහත්මිය නිල සාක්ෂි කාරියෙක් ද යන වගයි.
එහිදී නීතීඥ වරයා අධිකරණයට ප්‍රකාශ කල සිටියේ ඇය නිල සාක්ෂි කාරියෙකු නොවන බවයි.
එබැවින් වහාම එම නඩුව මැයි 10 වන දිනයට කල් තබමින් ඔල්ගා මහත්මිය වෙත වරෙන්තුවක් නිකුත් කලේය.
ඔල්ගා මහත්මිය මුදල් අමාත්‍යාංශයේ මහා බණ්ඩාගරයේ ප්‍රසම්පාදන අංශයේ හිටපු අධ්යයක්ෂිකාවක් මෙන්ම දැනට මුදල් අමාත්‍යාංශයේ අධයක්ෂ ජෙනරාල් වරියක් වශයෙන් කටයුතු කරයි.
රාජ්‍ය නිලධාරීන් අමාරුවේ දාන්න ගිහින් වෙන වැඩේ හොඳයි .
අන්තිමට වෙන්නේ සිළුම රාජ්‍ය නිලධාරින්ට හිරේ ලඟින්නයි.
පැමිණිල්ලයි විත්තියි දෙකටම පෙනී සිටින්නේ රාජ්‍ය නිලධාරීන් නිසා එහෙම වෙන එකත් හොඳයි …
රාජ්‍ය ගිණුම් අංශයේ ලොක්කිට අබ සරණයි ……..
boru jock
Maha bankuwa kadapu loku paaharayo eliye..unta naduth naha……Ranil..mahendran…Ravi…un eliye….Onna rate hati…!!!
මේක උසාවියට කරුණු වැරදියට දැක්වීමෙන් සිදු වුන වරදක්. සම්පුර්ණ වරද අල්ලස් කොමිසමේ නිතිඥ වරියගේ. දැනටමත් මෙය නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ. නිතිඥ වරියගේ නොසැලකිල්ලෙන් දක්ෂ කීර්තිමත් රාජ්‍ය නිලධාරිණියක් අපහසුවට පත් වී තිබෙනවා.
රජයේ නිළධාරියකු නිලනොවන සාක්ෂිකාරියෙකු වනුයේ කෙසේද? මෙය රජයේ නිළධාරීන්හට කරන්නාවූ අපහාසයකි. අවසානයේ සියලු ජඩ වැඩවල අවසාන බිල්ල වනුයේ රජයේ නිලධාරීන්ය. සොචනීයයි මිත්‍රවරුනි.