මුදල් අමාත්‍යාංශයේ විශ්වාසය හා රහස්‍යභාවය පිරිහේ.. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ඇමති රවිගේ මාධ්‍ය ලේකම් නිවේදන නිකුත් කර ඇති බව හෙලි වේ..

March 2, 2017 at 10:40 am | lanka C news
මුදල් අමාත්‍යාංශයේ විශ්වාසය හා රහස්‍යභාවය පිරිහේ.. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ඇමති රවිගේ මාධ්‍ය ලේකම් නිවේදන නිකුත් කර ඇති බව හෙලි වේ..

මුදල් අමාත්‍යාංශයේ විශ්වාසනියත්වය හා රහස්‍යාභාවය පිරිහි ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා විසින් පසුගිය පෙබරවාරි 28 වෙනිදා ජනාධිපති බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමේදී පැහැදිලි විය.

ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යනු මාහා භාණ්ඩාගාරයේ ද ලේකම් වරයා වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීම වනුයේ රජයේ මූල්‍ය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රටතුල මුල්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරිමයි එමෙන්ම රටේ පරිපාලන හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පලපුරුද්ද ඇති නිලධාරින්යෙකු සුදුසුකම් අනුව ජනාධිපතිවරයා විසින් එම උත්තරිතර තනතුරට පත් කරනු ලබයි.

එහෙත් පසුගිය දා ජනාධිපති බැදුම්කර කොමිසම වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් අසන ලද ප්‍රශ්නවලට වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිලිතුරු ලබා දුන් අයුරු:

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මේ අවස්ථවේදි මෙම බැදුම්කර සිද්ධියට අදාළව “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ පලවූ මෙම වාර්තාවක් සාක්ෂිකරු වන සමරතුංග මහතාට පෙන්වන ලදුව.

ප්‍රශ්නය: “සන්ඩේ ටෛම්ස්” පුවත්පතේ පලවූ මෙම වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු වුනාද?
උත්තරය: මම මේ ගැන දැන ගත්තේ මාධ්‍ය මගින්,
ප්‍රශ්නය: මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයන්, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දන්නේ නැද්ද?
උත්තරය:මාධ්‍යයෙන් දැනගන්නා තුරු මා ඒ ගැන දන්නේ නැහ.
ප්‍රශ්නය: මුදල්අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔබ නොදැන මාධ්‍යට මේ වගේ ප්‍රකාශ නිකුත් කල හැකිද?
උත්තරය:ඔව්, මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයෙන් විවිධ අන්දමේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා, ඒ පිලිබඳව මා දන්නේ නැහ.

ජනාධිපති බැදුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා සාක්ෂිකාර සමරතුංග මහතාගෙන් ප්‍රශ්න කරමින්

මෙම මාධ්‍ය ප්‍රකාශය ඔබ අමාත්‍යාංශයේ නිකුත් කල බව ඔබ පිලිගන්නවාද?
උත්තරය:ඔව්
ප්‍රශ්නය: 2015 ජනවාරි මස 15 වෙනිදානිකුත් කල ගැසට් නිවේදනය සම්බන්යෙන් මුදල් අමාත්‍යාංශයන් පුවත් පත් නිවේදනය නිකුත් කරන ලද්දේ කව්ද?
උත්තරය: අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතායි.
ප්‍රශ්නය: ඔහු මෙමලිපියේ මුදා තබා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නේද?
උත්තරය:ඔව්, නමුත් ඔහු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයායි.
ප්‍රශ්නය:: 2015 ජනවාරි මස 15 වෙනිදානිකුත් කල ගැසට් නිවේදනය සම්බන්යෙන් මුදල් අමාත්‍යාංශයන් පුවත් පත් නිවේදනය නිකුත් කිරීම සුරකුම් නීතියට පටහැනියි නේද?
උත්තරය:ඔව්.

කොමිසමේ සාක්ෂි විභාගය තවදුරටත්පැවති අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතාගේ ඉහත සාක්ෂිය අනුව පැහැදිලි වනුයේ පසුගිය වසර දෙක තුල මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටි ඇති බවකි.

මේ වනවිට දේශපාලන බලධාරීන් විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රවර්ධනයට යොදවා ගන්නා මාධ්‍ය ලේකම් වරුන් විසින් රටේ උත්තරිතර අමාත්‍යාංශයක් වන මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් නිල නිවේදක් නිකුත් කිරීම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනු දැනුමෙන් තොරව ක්‍රියාත්මක වන්නේ නම් අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධ කරුණුවලදි සිදු වන දේශපාලන මැදිහත් වීම මෙම නිවේදනය හරහා ජනතාවට පැහැදිලි වනු ඇත.

– මූලාශ‍්‍ර ලංකාදීප

0 views

5 Comments to “මුදල් අමාත්‍යාංශයේ විශ්වාසය හා රහස්‍යභාවය පිරිහේ.. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ඇමති රවිගේ මාධ්‍ය ලේකම් නිවේදන නිකුත් කර ඇති බව හෙලි වේ..”

  1. kamasiri Kuruwita says:

    එතකොට මෙතැන තනතුරු අවභාවිතයක් වෙලා නැද්ද ?

    • Sathya says:

      Why not, clearly it has. All the people are on alert what would happen next as the remedy and specially the punishments to the culprits.
      Champa on behalf of your president, come on and comment pl. Come on. Why are you so silent nowadays?

  2. NALLAMALE SERETARY says:

    This man also sharing money robbed byJARUNKA HORA. Therefore, he is helpless on these acts. Majority of officers now part of these robberies

  3. Deepal says:

    PERERA…PERERA…NUBA KOHEDA ?

  4. රාහුල කොලුවා says:

    ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් යනු හෙට වුනත් විසි වෙන්න පුළුවන් පුද්ගලයෙක්…. අමාත්‍යංශයක ලේකම් යනු දීර්ඝ පලපුරුද්දක් ඇති රාඡ්‍ය නිලධාරියෙක්… මුදල් අමාත්‍යංශයෙන් පිට කරන නිවේදන ගැන අනිවාර්යයෙන්ම ලේකම් දැනුවත් විය යුතුය… දැන් මොකද වෙලා තියෙන්නේ.. යහ පාලනය යනු හෙට විසිවිය හැකි එකාට අමාත්‍යංශයේ පාලනය බාර දී… රාඡ්‍ය නිලධාරියා කුණු බක්කියට දැමීමයි…

Main News