මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරට නොහොබිනා වැඩක.. ලේකම් සිටියදි ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගොස් එය පවරා ගනි…
June 3, 2017 at 11:20 am | lanka C news
පසුගිය දා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ මෙතෙක් පැවති මුදල් අමාත්‍යාංශයත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එකාබද්ධ කොට එක් අමාත්‍යාංශයක් ලෙසත් එහි නව අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.
එසේ අමාත්‍යාංශ එක් කොට අමැතිවරයා පත් කිරීම සඳහා ගැසට් නිවේදනය නිකුත් කලත් මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් මුදල් හා මාධ්‍ය අමාත්‍යාංශයට ලේකම් වරයෙකු නිසියාකාරව පත්කොට නොමැත.
පැරණි අමාත්‍යාංශ දෙකේම ලේකම්වරුන් දෙදනාගෙන් එක් අයකු නව අමාත්‍යාංශයේ ලේකම් කිරීමට ප්‍රථම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා හිටපු මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට නොදන්වා එම ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගොස් රාජකාරි ආරම්භ කරමින් පැවසුවේ මින් පසු මුදල් හා ජනමාධ්‍ය එක් අමාත්‍යාංශයක් වන බැවින්, එහි නව ලේකම් ලෙස තමා රාජකාරි කරන බවයි.
එහෙත් මේ වන තෙක් හිටපු ලේකම්වරු දෙදෙනාටම හිටපු අමාත්‍යාංශවල ලේකම්වරු ලෙස කෙරෙනු පත්විම වල පමණක් හිමිකම් තිබියදී, මුදල් හා මාධ්‍ය නව අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එයින් එක් ලේකම්වරයෙකු ගොස් රාජකාරි කිරීම කොතෙක් දුරට සදාචාරාත්මකද යන්න මේ දිනවල රාජ්‍ය සේවාවේ ඉහළ නිලධාරින් අතර කතා බහට ලක් වි ඇත.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම ලේකම් හබය දුර දිග නොගොස් විසදිම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලෙකම් නිමල් බෝපගේ මහතාට ජනාධිපති කාර්යාලයට අනුයුක්තව ජනාධිපති අතිරේක ලේකම් තනතුරක් ලබාදීමට එකග වි ඇත.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා රුපියල් හත් ලක්ෂයක මාසික කුලියට වාහන ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මෙතෙක් කලක් වැලකී ගොස් තිබුනේ බෝබගේ මහතා විසින් දැක්වූ දැඩි විරෝදය නිසාය.