මුදල් ඇමතිකමට රවි-මංගල ගැටේ.. එජාපයත් බෙදේ..
December 19, 2018 at 1:20 pm | lanka C news
නව රජයේ මුදල් ඇමති ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
රවි කරුණානායක මහතාට එම ධුරය යලි ලබා දිය යුතු බවට පිරිසක් කියන අතර තවත් පිරිසක් ඊට දැඩි විරෝධය පල කරමින් සිටිති.
මේ අතර හිටපු මුදල් ඇමතිවරුන් වන රවි කරුණානායක හා මංගල සමරවීර යන දෙදෙනාම තමන් මුදල් ඇමති බව සිය හිතවතුන් වෙත අගවමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.
මෙම තත්වය මත ඇමති මණ්ඩලය පත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවද සදහන් වෙයි.
පිස්සු සිරා මාර ට්‍රයි එකක් දුන්නා එජාපෙ කැබිනට් එක පමා කරන්න, අවුල් කරන්න. බෑ කියල පෙන්වන්න. හැබැයි ඉක්මනින්ම අවශ්‍ය ටික දිව්රුම් දීල අයවැය සම්මතකරගෙන ජනතාවට අවුලක් නොවෙන්න එජාපෙ බැලන්ස් කරගත්තා. නොදීපු අයට නොදී ඉන්න බැරිවෙනවා ඉදිරියෙදි.ජනාධිපතිගෙ හිතේ වෛරය අනුව අගමැති කැබිනටි තෝරන්න බෑ.නිකං බලු වෙන එක විතරයි.ඌට බැයිනම් ඌ අස්වෙලා යන එකයි තියෙන්නෙ.