මුදල් ඇමතිකම ඉවත් කලොත් කිසි ඇමතිකමක් එපා.. මං පසුපෙල මන්ත‍්‍රී..- රවි අන්තිම රතු එලිය දල්වයි..

May 21, 2017 at 10:16 pm | lanka C news
මුදල් ඇමතිකම ඉවත් කලොත් කිසි ඇමතිකමක් එපා.. මං පසුපෙල මන්ත‍්‍රී..- රවි අන්තිම රතු එලිය දල්වයි..

සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී තමන් දරන මුදල් ඇමතිධූරය අහිමි වුවහොත්, වෙනත් කිසිදු අමාත්‍යධූරයක් බාර නොගන්නා බව රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියේය.

‘ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිබඳව මට පූර්ණ විශ්වාසයක් තියනවා. පහුගිය අවුරුදු දෙකේ මට කළහැකි උපරිමය මං කරලා තියෙන්නෙ. 2015 දි අපි රට බාරගන්න වෙලාවෙ තිබුනෙ සම්පූර්ණයෙන්ම හිස්වෙච්ච භාණ්ඩාගාරයක්. නමුත්, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මම කෙරෙහි තැබූ විශ්වාසය පළුදුවෙන්න ඉඩ තිබ්බෙ නෑ. මගේ අතින් යම් වරදක් සිද්ද උනා නම් ජනාධිපතිටත් අගමැතිටත් ඕනෑම වෙලාවක පුලුවන් මාව නිවැරදි කරන්න. රටේ අවශ්‍යතාවයත් ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල අවශ්‍යතාවයත් මම ඉතා සමබරව ක්‍රියාත්මක කළා. මුල්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ අගනුවර ලෙස සැලකෙන ලන්ඩන් නුවර පළකරන ‘The Banker’ සඟරාව ලෝකයේ හොඳම මුදල් ඇමතිවරයා විදියට මාව තෝරාගැනීමට හේතුව මගේ ක්‍රමෝපාය මාර්ගයි.’ යනුවෙන් මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්දේශ් කරුණානායක මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

‘මගේ අමාත්‍යධූරය කප්පාදුවට ලක්වෙච්ච මුල් අවස්ථාව මේක නෙවෙයි. මුදල් අමාත්‍යංශය යටතෙ තිබිච්ච ආයතන 50 කට ආසන්න සංඛ්‍යාවක් කප්පාදු කරලා පොදු ව්‍යාපාර හා මහජන ව්‍යවසාය අමාත්‍යංශයට අනුයුක්ත කළා. මට ඉතුරු උනේ මහා භාණ්ඩාගාරය සහ ඊට අනුබද්ධ ආයතන කීපයක් විතරයි. මං ඒ වෙලාවෙ නිහඬව හිටියෙ යහපාලන ආණ්ඩුවේ අනාගතය ගැන හිතලා. ජනාධිපතිවරයා යම් තීරණයක් ගත්ත නම් ඒක වැලැක්වීමේ හැකියාව අගමැතිවරයාට තියනවා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමේ මූලික හරය. ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා මේ ආණ්ඩුව බලයට පත්කරන්න මම කරපු කැපකිරීම. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මට ඇමතිධූරය අහිමි උනොත් වෙනත් කිසිම ඇමතිධූරයක් මම බාරගන්නෑ. මම පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනවා.’ යනුවෙන් මුදල් අමාත්‍යවරයා සමග කළ දුරකතන සංවාදය නිමා කරමින් පැවසීය.

– ලංකා නිවුස් වෙබ්

108 views

25 Comments to “මුදල් ඇමතිකම ඉවත් කලොත් කිසි ඇමතිකමක් එපා.. මං පසුපෙල මන්ත‍්‍රී..- රවි අන්තිම රතු එලිය දල්වයි..”

  1. "සාධාරණ සෝභිත​" says:

    ජනාධිපති තුමා යම් තීරණයක් ගත්තොත් ඒක වැලැක්වීමේ හැකියාව අගමැතිවරයාට තියනව​”
    අනේ කුහුඹුවනේ උඹටත් රජෙක් ඉන්නේ,
    ඒත් කුහුඹුවනේ ඒ රජා අගමැතිට යටනේ,

  2. Nandasoma says:

    Maha banku hora yahathin indeddi muwa witharak ain karana eka harida?

  3. රාහුල කොලුවා says:

    ඉපදෙන කොටම හරියට මුදල් ඇමතිවෙලා ඉපදුනා වගේනේ කතාව.. ඔය බය වෙන මොනවත් නෙවේ.. වෙන කෙනෙක් ආවොත් මෙයා ගහපු ගැහිලි ටික එලියට ඒවි කියන බය තමයි ඔය තියෙන්නේ.. බිස්නස්කාරයෝ කවද්ද ඡනතාවට ආදරේ කලේ.. බලන්නෙම තව ටිකක් හම්බ කර ගන්න…

  4. Nawoda says:

    Ratata awankawama sewaya karana kenekge katin pita nowana ganaye kathawak.Kisima thanathurak meyalata awasya naha.Thamunge wasiya patha deshapalanayata apu thawath eka thakathiruwek.

  5. shantha kuru says:

    all are horu in yamapalana set eka

  6. perpetual niyojitha says:

    ඇත්තමද සර් oya කියන්නේ. නරකද මන් වගේ චන්ද දායකයෙක් උනොත්.පස්ස පුටුවේ මක් කොරන්නද? කුස්සිය පැත්තට ආවා නම් ගෙදර උන්දා පෙන්නාවි අපි කන හැටි…ලිපා දනී ජාතකයෙන්.

  7. හෙලයකා says:

    මේ කාලකණ්ණි පන්නා දාන්න විධියක් හොයමු.

  8. doratupala says:

    Para demala…loka hora…!

  9. ලපයා says:

    කියන්නේ එහෙම තමයි. ඒ උනාට කක්කුස්සි හෝදන ඇමතිකම දුන්නත් ගනියි ගු ගොඩේ තියන කාසිය වගේ දිවෙන් කිසිම හිරිකිතක් නැතුව මොකද මුන්ට මේක නැතිනම් ජිවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. බලමු බොරුද කියල.

  10. LASTMAN says:

    Doesn’t he have any other knowledge except finance.?

Main News