මුදල් ඇමතිකම රවීට ස්ථිරයි.. මහ බැංකුවත් ඔහු යටතටයි.. පුද්ගලික කාර්ය මණ්ඩලයත් සූදානම්..
December 17, 2018 at 9:20 am | lanka C news
ඉදිරි පැය කිහිපය ඇතුලත පත් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති ධුරය රවි කරුණානායක මහතා පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට සිය ඇමති ධුරය සදහා වන පුද්ගලික කාර්ය මණ්ඩලය පවා ලක ලැහැස්ති කරමින් සිටින්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග තියා සිටී.
පසුගිය වර කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරද්දි ශ්රී ලංකා මහ බැංකුව ඔහු යටතට පත් කර නොතිබුණද මෙවර මහ බැංකුව මෙන්ම රාජ්ය බැංකු සියල්ලම පාහේ මුදල් ඇමතිවරයා යටතට පත් කෙරෙනු ඇති බව ඉහත ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.
ANURA DISSANAYAKA VIJITHA HERATHTA MARU JOLI ATHI