මුදල් ඇමතිගේ මහ බොරුවක් මහ බැංකු අධිපති හෙලි කරයි..
January 4, 2017 at 3:28 am | lanka C news
2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට දෙදිනකට පෙර රුපියල් කෝටි 1,300ක මුදලක් 5000 නෝට්ටුවලින් මහ බැංකුවෙන් පිට කර ඇත්තේ යයි මුදල් අැමති රවී කරුණානායක විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් පල කලේය.
ඔහු කියා සිටියේ එතරම් මුදලක් මහ බැංකුවෙන් අඩු වී නැති බවයි.
මහ බැංකුව විසින් මෙතෙක් කරන ලද පරීක්සණවලින් එතරම් මුදල් අඩුවීමක් වාර්තා වී නැති බවද කී ඔහු තව දුරටත් මේ පිලිබදව පරීක්ෂණ පවත්වන බවද කීය.