මුදල් ඇමති දිගටම මායි.. ජනපති එකග වුණා.. කැබිනට් වෙනසින් දුෂිතයින් ඉවත් කරාවි..- රවි

May 17, 2017 at 10:40 am | lanka C news
මුදල් ඇමති දිගටම මායි.. ජනපති එකග වුණා.. කැබිනට් වෙනසින් දුෂිතයින් ඉවත් කරාවි..- රවි

තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමක් සිදු නොවන බවත් ජනාධිපතිවරයා හා සාකච්චා කර ඒ ගැන එකගතාවයකට පැමිණි බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන් සමගයි.

කැබිනට් සංශෝධණයක් සිදු කරන්නේ දුෂිතයින් ඉවත් කිරීමට බවත් තමන් දුෂිත ඇමතිවරයෙක් නොවන නිසා තම ධුරය වෙනස් නොවන බවත් ඔහු සදහන් කර තිබේ.

එනිසා යහපාලන රජය යටතේ මුදල් ඇමති ධුරය දිගටම තමන් විසින් දරන අතර දිගටම තමන් සමග වැඩ කිරීමට සූදානම් වන ලෙසද ඇමතිවරයා තව දුරටත් දන්වා ඇත.

127 views
Main News