‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…

July 12, 2021 at 12:02 am | lanka C news
‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් චීන සමාගමක ලබා දීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද හෙළිදරව්වක් කර තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

ආණ්ඩුව අපිට කිව්වා ගම්මන්පිල මහත්තයා කැබිනට් ප්‍රකාශක හැටියට, ‘චෙක්’ කියන චීන කොම්පැණියට අතුරුගිරියේ ඉඳලා පෝර්ට් සිටිය ළඟට එකතුවන නව කැලණි පාලම හදන්න බී.ඕ.ටී. ප්‍රොජෙට් එකක් හැටියට පාර දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක කිලෝමීටර් 17 ක් ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ තමන්ගේ සල්ලි වියදම් කරලා මේක හදලා අවුරුදු 3 කින් මේක හදලා ඊට පස්සේ ඊට පස්සේ අවුරුදු 15 ක් ඒගොල්ලෝ මේකෙන් මුදල් උපගෙන අලාභය හදාගෙන අවුරුදු 5 කින් ආණ්ඩුවට නැවතත් මේ නව කැලණි පාලමේ ඉඳලා අතුරුගිරියට යන හයිවේ එක භාර දෙනවා කියලා. දැන් මේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවෙලා කරන්න හදන පළවෙනි ඩීල් එක තමයි මේ. මොකද්ද කරන්න යන්නේ මේ කරන්න යන්නේ අර ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වා අපි ණය ගන්නේ නෑ මේ යටිතල පහසුකම් දියුණු කරන්න. මුදල් අමාත්‍යාංශය වෙනස් වුණායින් පස්සේ අපිට ආරංචි වෙන විදියට මේකේ පළවෙනි කැබිනට් පේපර් එක ගිහිල්ලා තියෙනවා. ඒක තව කැබිනට් පේපර් එකක් ඉස්සරහදී එනවා. මොකද්ද කරන්න හදන්නේ ආණ්ඩුවෙන් මේ ආයතනයට විශාල මුදලක් ගෙවන්න සූදානම් වනවා. මාස 6 කට සැරයක් මේ පාරට ඩොලර් මිලියන 54 ගානේ අවුරුදු 15ක් ඩොලර් මිලියන 1,620 ක් මේ ගෙවන්නයි ලෑස්ති වෙන්නේ.

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට යෝජිත මෙම මාර්ගයට රැම්සා තෙත්බිම් කලායක් ද අයත් වේ.

මෙම ව්‍යාපෘතිය හරහා රැම්සා තෙත් බිම් කලාපයට සිදුවන්නට යන දේ පිළිබඳව ද මෙහිදී හෙළිදරව් කෙරිණි.

සමගි ජන බලවේගයේ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

රැම්සා තෙත් බිම හරහා තමයි සෙකන්ඩ් ෆේස් එක රාජගිරියේ ඉඳන් අතුරුගිරියට මේ රැම්සා මේ තෙත් බිම් කලාපය කලාපය උඩින් තමයි යන්නේ කිලෝමීටර් 3.6 ක් වාගේ ප්‍රමාණයක්. ඒ ප්‍රදේශයේ පුද්ගලයෝ පාරිසරිකවේදියෝ රිට් ආඥාවක් හරහා ඇපැල් උසාවියේ නඩුවක් දැම්මා.  අපිට ආරංචියි මේ අතරවාරයේ මොකද්ද ආණ්ඩුවෙන් කරන්න යන්නේ රැම්සා හැටියට ගැසට් කරලා තියෙන තෙත් බිම් කලාපය දකුණු ආසියාවේ තියෙන එකම අගනුවර තියෙන එකම තෙත් බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්න යනවාලු. ගැසට් එක වෙනස් කරලා මේ රැම්සා තෙත් බිම හරහා මේ පාර ගහන්න ඉඩ දෙන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ රැම්සා තෙත් බිම විනාශ කරලා හරි, ඒ හරහා කෙටි කාලීන ආදායමක් ලබා ගන්න පුද්ගලික ආයතනයකට උදව් කරන්න බැසිල් මහත්තයා ලෑස්ති වෙනවා නම්, අපි බැසිල් මහත්තයාට කෙලින්ම කියනවා අපි ඕකට ඉඩ දෙන්නේ නෑ.

– newsfirst

82,972 views

15 Comments to “‘මුදල් ඇමති බැසිල්ගේ පලවෙනි ඩීල් එක මේකයි..’- හර්ෂ හෙලි කරයි…”

  1. Helaya123 says:

    අනේ බොල හර්ෂ ආචාරියා…රැම්ස තෙත් බිම් කොහෙන්ද බං රාජගිරියේ ….තියෙන මුඩුක්කු ටික ඇරැනකොට….අනිත් එක පරිසරවේදි කියල එන හොර ඩොලර් කාක්කො සියලු සංවර්ධනය අහිමි කරනවා… රම්සා තනබිම් තියෙනව ඇති උබෙ ගෑනිගෙ වත්තෙ….හොදට හොයල බලපං නතබිම් කවුරු හරි කපනවද කියල..ගොං වසලයා ….

    • kalum Dharmasiri says:

      මොනවා වුනත් මේ රට කෑවෙම දේශපාලුවෝ තමයි.. දියුණු කරන්න ඕනා දේශපාලුවොන්ගේ මනස මිසක් වෙන මොනවත් නෙමෙයි . මනස හැදුව නම් මේ මිනිස්සු ඉන්න ටික කාලේ ඕවගේ පර වැඩ කරන්නේ නැහැ. හැමදාම ජීවත් වෙනවා වගේ වැඩ කරන්නේ, අන්තිමට හිටපු බහුතරයක් හා ඉන්න බහුතරයක් සතර අපායෙම තමයි. දහම දන්නේ නැති එකේ පල විපාක තමයි.

  2. KD says:

    If you want to develop a country, 1) give projects to SRI LANKAN OWNED COMPANIES, not foreign ones. 2) make sure all employees are Sri Lankan, not bloody Chinese. 3) preserve the environment. No environment = no health. no health = no economy as we have seen the past 1.5 years with covid. Such uneducated leaders we have.

  3. 3% ට බය බයියා. says:

    ඇමරිකන් දේශප්‍රේමී පුරවැසියකුට ලංකාවේ 69ලක්ෂයේ වහල්ලු කැමතියි .

  4. Amda says:

    අම්මෝ ඉතින් මෙයා….විපක්සේ ඉන්නකොට හෙන කෙරුමා…ලොකු ටෝක්…..මහා ප්‍රාඥ්ඥයා….අරකද මේකද … everything & anything

    ඒත් බලයේ ඉන්නකොට මෙලෝ මඟුලක් කරගන්න බෑ….
    පුද්ගලිකව මාත් හිතාගෙන හිටිය මොකක් හරි කරල පෙන්නයි කීයල..ඒත් ඉතින් ඔප්පු කලානෙ 2015-2019 රෙජිමයේ ඉඳලා …….හම්මෝ ආචාරිතුමෝ.

Main News