මුදල් ඇමති යලිත් ‘යහපාලන ටොප් 10’ ලයිස්තුවට.. රජයට පාඩුව රුපියල් කෝටි දෙදහස් පන්සීයයි..

February 15, 2017 at 3:50 pm | lanka C news
මුදල් ඇමති යලිත් ‘යහපාලන ටොප් 10’ ලයිස්තුවට.. රජයට පාඩුව රුපියල් කෝටි දෙදහස් පන්සීයයි..

මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව අද දිනයේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයට හා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මෙය ඒකාබද්ද විපක්‍ෂය විසින් යහපාලන ටටාප් 10 යටතේ ගොනු කරනු ලබන අට වන පැමිණිල්ලද වෙයි.

පසුගිය අයවැය යෝජනාවක් මගින් මුදල් ඇමතිවරයා ශ‍්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 25,000ක අලාභයක් සිදු කල බව පැමිණිල්ලේ සදහන්ය.

47 views
Main News