මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

July 7, 2022 at 9:20 am | lanka C news
මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දුන් ණය පහසුකම අවසන් වීමත් සමග මෙම දැනුම්දීම කර ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග උපුටමි එම පුවත් සේවය සඳහන් කර තිබේ.

එම වාර්තාව තවදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලට ගැනීමට විදෙස් සංචිත නොමැති වීම මත ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් ණයට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුදල් ගෙවීමට නියමිතව ඇති ඉන්ධන නෞකා කිහිපයක් මුදල් ගෙවන තුරු රඳවා තබා ගැනීමට ද කටයුතු කර ඇතැයි එම පුවත් සේවය කියයි.

කෙසේ වෙතත් මීළඟට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පැවසෙන ඉන්ධන නෞකා හතරද අත්තිකාරම් මුදල් ගෙවීමක් ලැබුණු බවට තහවුරු කිරීමක් ලැබෙන තෙක් බලා සිටින බව ද වාර්තාව තව දුරටත් කියා සිටී.

එම වාර්තාව මෙතනින්…

77,647 views

6 Comments to “මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්”

  1. SL says:

    හැමදාම , හැම දේම හිඟන්න තරම් පාලකයා ගේ ලජ්ජා නහර කපල. උන් හොරා කන්න පුළුවන් ලේසිම ක්‍රම හොයාගන්න දක්ෂයි.

    මේ රොත්තම එලවන්න ඕනේ,

  2. SL #gOhOMEgOTA says:

    හැමදාම , හැම දේම හිඟන්න තරම් පාලකයා ගේ ලජ්ජා නහර කපල. උන් හොරා කන්න පුළුවන් ලේසිම ක්‍රම හොයාගන්න දක්ෂයි.මුන්ට කිසිම සැලැස්මක් නැහැ, තියෙන්නෙම බඩ වඩා ගන්න සැලසුම්.

    ඉන්දියාවෙන් දුන්නු තෙල් ටික කාල විනාශ කරලා ආයෙත් හිඟන්න ගත්ත.
    මේ රොත්තමදියවන්නාවට තල්ලු කරලා දාන්න ඕනේ

  3. පබිලිස් says:

    ඔය නෙව් හත‍රත් මදි වෙනව ලoකා වේ ත්‍රිවීලර් මල්ලි ලට ,

  4. Dark Side says:

    ආණ්ඩුව, ජනාධිපති, අගමැති, විපක්‍ෂය, 225 යන සමස්ථ තුච්ඡ රැල ජනතාවගේ ඇස් වසා ජනතාවට හොරෙන් (බටහිර අණ පරදි) මීලග ණය වාරිකය ගෙවීමට සූදානම් වෙමින් සිටී.
    තම පැවැත්ම බටහිර විසින් සහතික කිරීමට නම් නොපිරිහෙලා ණය ගෙවීම කරගෙන යා යුතු බව මේ තුච්ඡයන් රැල දනිති.(ජනතාව ගැන හදවත උණුවී අතුණුබහන් අතට අරන් මොරදෙන සජිත්ලා අනුර කුමාරලා මේ ගැන කිසිවක් නොදන්නාසේ තුච්ඡ රඟපෑමක යෙදී සිටී).
    මේ මොහොතේත් රටට දිනපතා ලැබෙන ඩොලර් ප්‍රමාණය තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය,බෙහෙත් ගෙන ඒමට යොදා නොගෙන ඊළඟ ණය වාරික සහ පොලී ගෙවීමට ඉතිරි කරගනිමින් සිටීම මේ උග්‍ර තෙල් බෙහෙත් හිඟය සහ බියකරු උද්ධමනයට ප්‍රධාන හේතුවයි.
    දැනට අත්හිටුවා ඇති ණය ගෙවිල්ල, ණය පිළිබඳ පූර්ණ විගණනයකින් තොරව නැවත ගෙවීමට යාම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් (Crime Against Humanity) බව ආණ්ඩුවටත්, විපක්ෂයටත්, ආණ්ඩුව එලවා බලය ගැනීමට කතා කරන අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාසටත් තරයේ මතක් කර දෙමු.

    • aniwa says:

      මේ මනුස්සයා මොනවා දොඩවනවද මන්ද අර රනිල් වගේ …
      default කියන්නේ එක දිගට මාස තුනක් ණය ගෙවීම් පැහැර හැරියහම. අපි සියලු ණය ගෙවීම් නැවැත්තුවේ අප්‍රේල් ඉඳල…
      බැංකු විශ්වාසය බිඳුනහම අවසානයේ බංකොලොත් ලෙස හංවඩු ගැහෙනවා ….

  5. සවි says:

    තියාගනියවි බලු ඉන්දියානු තෙල්. ඔන්න දැන් අපිට රැසියාවෙන් සහන මිලට තෙල් දෙන්න රැසියාවෙන්ම ඇවිල්ලා සාකච්ඡා කරනවා. පෝලිමේ රැකලා ගත්තු තෙල් දැන් පාඩුවට වත් විකුණන්න බෑ හොදේ….!

Main News