මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා..- හමුදාපති

September 28, 2020 at 3:29 am | lanka C news
මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා..- හමුදාපති

විදේශයන්හි සිට මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් කරන ඉල්ලීම් මත මුදල් අයකිරීමේ පදනමින් හෝටල්වල නැවතී නිරෝධායන ඒ වෙද්දි ඔවුන්ට සපයන ආහාරවල යම් අඩුපාඩු ඇතැයි චෝදනා එල්ල වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙසේ ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවා නිරෝධයට වන පිරිස් මගින් යම් මුදලක් ඉපයීමට හෝටල්වලට අවස්ථාව දුන්න ද රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධානය වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔවුනට දන්වා ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයකින් එය පාලනය කර ඇතැයිද ඔහු කියා සිටියේ.

හමුදාපතිවරයා මහනුවර දී පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව පැවසීය.

51,264 views

10 Comments to “මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා..- හමුදාපති”

  1. cam says:

    කොරෝනා මර්දනය නිසි ගෞරවය ඔබතුමාට හිමිවිය යුතුයි ඒ ගැන කිසිම විවාදයක් නැත.ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ට කොරෝනා මර්දනය කිරීමට හැකි විය.නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ hotel නිරෝධායන ක්‍රියාවලිය භාරගෙනරජයට හිතවත් ව්‍යාපාරිකයෙකුගේ ක්‍රියා කලාපයයි.

  2. අතුලසෞදි says:

    රජය නිරෝධාන මධ්‍යස්ථාන යන සංකල්පයට දැන් අත පිහිදාගෙන, ඒ වෙනුවෙන් කිසිවක් නොකර හෝටල් වලට විතරක් පැමිණෙන මිනිස්සුන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනවා .මෙය ඉන්දියාව වැනි රටක් නොකළ දෙයක් එහි කොච්චර ආසාදිතයන් සිටියත් ඒ හැමදෙනාටම වඩා සාධාරණ මුදලකට තම රටට ගෙන නිරෝධායනය කරනවා. මේක අපේ රජයේ දුර්වලතාවයක් බවයි මට දැනෙන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ පුළුවන් ඉක්මනින් නිරෝධායන මධ්‍යස්ථාන හදලා හැම දෙනාට ම සාධාරණ විදියට නොමිලේ ගෙන ඒම, නැති නම් සාධාරණ ගුවන් ගාස්තුවක් පමණක් ගෙවා ඒමට සැලැස්වීම තමයි රජයේ අරමුණ විය යුත්තේ.මෙය තවත් එක් මාෆියාවක් සඳහා අත වැනීමක් බවයි මගේ හැඟීම.

    • සීමන් අයියා says:

      දන්න මගුලක් කියවහන් බන්… ඉන්දියාවෙ අපේ රටේ වගේ රජයෙන් නඩත්තු කරන කොරන්ටීන් මධ්‍යස්ථාන නෑ.. එයා පෝට් එකෙන්ම කොරන්ටීන් නීති රෙගුලාසි දන්නවා ඒවා පිලිපදිනවා කියලා ෆෝම් එකක් පුරෝලා ඩික්ලයා කරලා කෙලින්ම ගෙදට්ට යන්න පුලුවන්, ගෙදර කොරන්ටීන් වෙන්න.

    • kk says:

      දැනට කී දාහක් නොමිලේ නිරෝධනය කරලා ඇත්ද? ඒ සඳහා කොච්චර මුදලක් සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් වියදම් කර ඇත්ද? ඒ නිසා නිරෝධායනය වෙන අයගෙන් මුදල් අයකිරීම සාධාරණයි. හැමදේම නොමිලේ කියන සංකල්පය හොඳ නැහැ. ගුවන් ගාස්තු නිරෝධායන ගාස්තු එකවර ගෙවීමට අපහසු අයට පසුව ටික ටික ගෙවීමට ඉඩ සැලසීම හොඳයි. නමුත් ඒ බරත් සාමාන්‍ය ජනයාට පැවරීම වැරදියි.

  3. prasanna wimal says:

    12500 දවසට ගන්නවා. කෑම හොඳ මදි.

  4. සමන් says:

    1. ‍රට ඉදන් එන අයට කිසිම අවස්තාවක තෝරාගැනීමට අවස්තාවක් නෑ. එන්න කලින්ම හෝටලේට ගාස්තු ගෙවල එන්නෙ.
    2. බොහෝවිට රජයේ නවාතැන් ලබාදීමක් නෑ
    3. මේ විදියට එන අය යවන හෝටලේ මොකද්ද කියල යනකන් කියන්නෙ නෑ
    4. ආරන්චියක් තියෙනවා මේ වැඩේ කරන්න බාර දීලා තියෙන්නේ ඇවන්ගාඩ් එකට කියලා.
    5. මේ ගැන රජය විසින් ගෙනියන ක්‍රමවේදය පැහැදිලි නෑ. Transparent නෑ

  5. Samuel says:

    නොමිලේ වටිනා පෝශයදායක ආහාර වේලක් හමුදා සොයුරන් අතින් ගන්න කැමති නැති කුහක, අධම, අධිතක්ශේරැගත විදේශ රැකියා කර ආපු සමහර අමනයින් දැන් මුදලට තෝරා ගත් හෝටල් කැම හොද නෑ කියනවා නම්. ලෝකයේ බොහෝ රටවල සිටි මා දන්නා දේ් නොදන්නා උන් දැන්වත් අපේ ශ්රී ලංකා රණවිරැ ආරක්ශක සේවයෙන් නොමිලේ දේන සේවයට ගරැ කරන්න වත් ඉගෙන ගත යුතු බව කියන්නේ උන් කෙරේ ඇති අනුකම්පාවෙනි..පව් ..මුන් ගේ හැදියාව, දැනුම සහ දේශමාමමකත්වය බිංදුවයි.

  6. sakalabujan says:

    ලක්ෂ 2 හමාරක් 3 ක් වීතර ඕනේ ticket එකට
    Flight එක මත්තල බාල එතන ඉදන් රට වටේ එක්ක යනවා bus වල
    මහන්සිය double
    කෑම හරි නෑ.පොල් සම්බෝලයි, අලයි, පරිප්පුයි , rooms/toilet පිරිසිදු කරලා නෑ.
    රු 7,500 x 14 days = Rs 105,000 ගන්නවා දවස් 14ට
    දුක් මහන්සි වෙලා කට්ට කාල හම්බ කරලා හොටෙල් කාරයොන්ට සල්ලි ටික පුදන්න වෙලා.

  7. නිරන්ජන් says:

    සෞදි ඉදන් මමයි, මගේ බිරිඳටයි LKR 4,50000 ඕන. සල්ලි නැත්නම් අපිට එන්න විදියක් නෑ. රජයෙන් සපයන නොමිලේ නිරෝදයන මද්‍යස්ථාන වලට එන්න බැහැ. ගරු ජනාදිපති තුමනි, මෙම ගැටලුවට පිලියමක් දෙන්න.

Main News