මුදල් නැතිව බීම බෙදයි.. මුහුණ බලා ඇඞ් පෙන්වයි.. ඇමති හරීන් Wi-Fi බස් නැවතුමක් අරී…

March 25, 2017 at 10:58 pm | lanka C news
මුදල් නැතිව බීම බෙදයි.. මුහුණ බලා ඇඞ් පෙන්වයි.. ඇමති හරීන් Wi-Fi බස් නැවතුමක් අරී…

කොලඹ නගර ශාලාව ප‍්‍රදේශයේදී මෙරට පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ විවෘත කර තිබේ.
අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත මොබිටෙල් වයිෆයි සම්බන්ධතාවයක්ද සහිත මෙම බස් නැවතුමේ ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් ද ස්ථාපිතව ඇත.

මුදල් භාවිතයක් නොමැතිව බීම වර්ග ලබා ගැනීමට මෙම ස්මාට් අලෙවි යන්ත‍්‍රයෙන් හැකි අතර ඒ සදහා එහි සඳහන් අංකයට තමනට උවමනා දෙය කෙටි පණිවිඩයකින් දැන්විය යුතු අතර ඊට ප‍්‍රතිචාර ලෙස ලැබෙන කෙටි පණිවිඩයේ සදහන් කේත අංකය ස්මාට් අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීමෙන් භාණ්ඩ ලබා ගත හැකිය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු විසින් මෙය විවෘත කරනු ලැබීය.

79 views
Main News