මුදල් නෑ… කඩදාසි භාවිතය උපරිම අඩු කරන්න..- ජනාධිපති ලේකම්ගෙන් චක‍්‍රලේඛයක්..

August 14, 2022 at 11:20 am | lanka C news
මුදල් නෑ… කඩදාසි භාවිතය උපරිම අඩු කරන්න..- ජනාධිපති ලේකම්ගෙන් චක‍්‍රලේඛයක්..

රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා විසින් සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාරයේ චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස දැනුම් දී ඇත.

රජය මුහුණ දී සිටින ආර්ථික අභියෝග හේතුවෙන් රාජ්‍ය වියදම් උපරිම ලෙස කපා හරින ලෙස ඔවුන්ට එමගින් දැනුවත් කර ඇත.

ඉන්ධන විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් මෙමඟින් පැනවීමට ද දැනුම් දී තිබේ.

නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද කටයුතු කර තිබේ.

එමෙන්ම වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදන වේදිකාවන් වෙත මාරු වන ලෙසත් සියලුම ආයතනයට උපදෙස් ලබා දී ඇත.

20,792 views

7 Comments to “මුදල් නෑ… කඩදාසි භාවිතය උපරිම අඩු කරන්න..- ජනාධිපති ලේකම්ගෙන් චක‍්‍රලේඛයක්..”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    නැවතත් ලක් මාතාව ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය ඩීල් නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • අජිත් says:

      ආයතන පෞද්ගලිකරණය, පෞද්ගලික රෝහල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ආදියට ඉඩනොදෙන JVP එකෙන් රටේ දියුණුවක් බලාපොරොත්තුවෙන උඹ වැනි අම්බරුවන් සිටීම රටට සාපයකි.

  2. පබිලිස් says:

    කාට කෙලඋනත් කමක් නෙහෙ රජයෙ සේවකයන් ට සලකල නෙත්නම් අපේ පොට්ට වසන්ත දාල රටේම වර්ජන කරනවා.
    මාසෙම නිවාඩු උනත් හරියට 24වෙනිදා බෙන්කු වට සල්ලි වෙටෙන්න ඕනේ

  3. සරත් says:

    රජයෙ සේවකයන් හෙසිරෙන්නෙ රටේ කිසිම ආර්තික ප්‍රසන්න යක් නෙති ගානට ,මොකද ඉතින් වෙලාවට පඩි ලෙබෙන වා නේ

  4. Dracula says:

    Ajith unnahe JVP viseshagnayek wageyi! Ane pako, Umba kohomada JV kaarayantath wadaa un gena danne? Raajapaksalage wasuru budina hindaada?

  5. Puskolaya says:

    Kadadaasi nathnam Puskola baawitha karamu.

  6. ජරබරස් says:

    විභාග මධ්‍යස්ථානයක් ගත්තොත් ශාලාධිපතිගේ ඉඳල හිටපු පොලිස්කාරයගෙ ගෙදරත් පිළිතුරු ලියන කඩදාසි..
    ඔෆිස් වල මහත්වරු ගත්තොත් හාෆ්ශීට්, ඒ4,.. පෑන් ඒකොල මේකොල ඔක්කොම ගෙදර ….

    ඔන්න ලංකාවෙ අවංක රටට ආදරේ සේවකයන්ගෙ කෙරුවාව

    බලන් ඉන්ඩ මෙසිරිලක දියුනු වෙනකම්

Main News