මුදල් නෑ… රාජ්‍ය ආයතන රැසක වැඩ නවතී.. කොල ගන්නවත් සල්ලි නෑ..

September 17, 2022 at 10:22 pm | lanka C news
මුදල් නෑ… රාජ්‍ය ආයතන රැසක වැඩ නවතී.. කොල ගන්නවත් සල්ලි නෑ..

මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ,සෞඛ්‍ය ,අධ්‍යාපන ,මහාමාර්ග ,නිවාස ආදී අමාත්‍යාංශවල ,කොන්ත්‍රාත් කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත

මේ අතර ,රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර ඇත.

– Lankadeepa

31,042 views

5 Comments to “මුදල් නෑ… රාජ්‍ය ආයතන රැසක වැඩ නවතී.. කොල ගන්නවත් සල්ලි නෑ..”

  1. TREE says:

    මේවා සාමානය මිනිස්සු බය කරන්න, මානසිකව වට්ටන්න දාන බොරු කෙබර.

  2. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .වෙනස ෂැපද ………..අපේ හාමුදුරුවනේ …….

  3. Toyya says:

    තවදුරටත් ගොඩදාන්න බෑ නේද පුතේ?
    පුපුරන්න ලගයි නේද මගෙ පුතේ?
    හැලිය හොදටම රත්වෙනකන් හිතේ හැටියට නැටුව නේද මගේ පුතේ?….

  4. ඇපෙක්ස් ඒජන්සිය says:

    ඔවු අනේ සමහර ආයතනය එක එක නම් වලින් ලොකු ලොකු තනතුරු හදගෙන ලොකු ලොකු පඩි ගන්නවා. සමහරු පුටු සහ පුපවල් රත්කරකර ඉන්න අය ලග තියාගෙන මහජන මුදල් කාබාසිනියා කරනවා. මේවා හොයලා ඈවරකරලා දාන්න.

  5. පබිලිස් says:

    පිට රටින් ගෙන්වා බෙදාහරින බාල පාසල් නිල අදුම් රෙදි වලට හා බාල ත්‍රිවිධ හමුදා රෙදි වලට සල්ලි ගෙවන්න ආන්ඩුව ට සල්ලි තියන වා පුදුම වෙඩක්

Main News