මුදල් හා විදේශ ඇමතිලා මරු කරති.. මුදල් මංගලට විදේශ රවිට..

March 14, 2017 at 2:10 pm | lanka C news
මුදල් හා විදේශ ඇමතිලා මරු කරති.. මුදල් මංගලට විදේශ රවිට..

රටේ උග්‍රවී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඉතා ඉක්මනින් මුදල් අමාත්‍යාංශයේ වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයා අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඇති බැව් පසුගිය දිනවල මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි.

එහිදි වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා පවසා සිටියේ මොනයම් හෝ හේතුවක් මත තම අමාත්‍යාංශය ඉවත් කරන්නේ නම් එදා ලලිත් ගාමිණී ගිය මග ගොසින් අමාත්‍ය ධූරයක් නොගෙන පසු පෙල අසුනක මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගන්නා බවයි.

එහෙත් අලුත්ම වාර්තාවක් අනුව මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහු වෙත භාරදීමටත් වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ශ්‍රීලංකා මහා බැංකුව ද ඇතුළුව ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බැව් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබි ඇත.

එමෙන්ම පසුගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ඇය විසින් හොබවන අවස්ථාවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ ද මංගල සමරවීර අමාත්‍යවරයායි.

126 views