මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක්….

October 10, 2020 at 6:33 am | lanka C news
මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක්….

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අතරතුරේ දී මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සහෝදර රියාද් බදුර්දීන් නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමින් 2020.10.07 දින ලබාදුන් ප්‍රකාශයකට අනුව පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරුවා හා ජාතික තවුහිත් ජමාත් නායක ලෙසින් කටයුතු කළ සහරාන් හෂීම් යන අය බෝට්ටුවක් මගින් 2018 වසරේ දී ඉන්දියාවට පැන යාමට රියාද් බදුර්දීන් සහය දුන් බවට තොරතුරු අනාවරණය කර ඇත.

එකී කරුණ මත හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදුර්දීන් යන අය ත්‍රරස්තවාදි නායකයෙකු වන සහරාන් හෂීම් සමග සෘජු සබඳතා පැවැත්වූ බවටත්, එකී ත්‍රස්ත ක්‍රියාවන් සදහා ආධාර අනුබල දීම් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බැවින් විමර්ශන අතරතුරේ දී මුදාහළ බදුර්දීන්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

මේ අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතාද එක්විය.

– midea unit

23,855 views

17 Comments to “මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක්….”

  1. Rata Wenuwen says:

    අනේ අම්මපා ! මේවට හිනාවෙලත් බැහැ , හිනා නොවිත් බැහැ

  2. Nimal says:

    Anduwa meka polisiye kenek gedarayawala athasodaganna hadanna epa methana thiyenne 20 sadaha anduwenma wirodatha mathuwathiyena awasthawaka hadissiye chanda madiunoth e awasthawe muslim manthreenge chandatika gantai mewa karanne mewage patudewal api anduwen balaporoththu une na

  3. සීරා says:

    රිසාර්ඩ් ගෙ සහොදරය බෙරල සල්ලි ගත්ත මිනිහට මාර චාන්ස් එක ආයි සහොදරය හිරේ ට ගියාම ආයි රිසර්ඩ් බ්ඩුර්ඩින් ගෙ න් සල්ලි අරන් සහොදරය නිදහස් කරන ව දෙපාරක් සල්ලි හොයන්න පුලුවන්

  4. අරවින්ද says:

    මේක ආණ්ඩුව ඇතුලෙම ඉදන් යහපාලනේ බැංකු හොරුත් එක්ක ඩීල්දාන උන්ගේ NGO උප්පරවැට්යියක්.

  5. Dilum says:

    This is a shameless move by anti national sects within the government. The president needs to be firm and careful with such factions.

  6. ඉශානි says:

    මේකනම් රජය අපහසුථාවට පත්කරන දේශද්‍රේහින්ගේ කුමන්ත්‍රණයක්.

    • උපාලි says:

      ඒකනම් ඇත්ත…..

    • ක්‍රිමිනල් says:

      අන්න එකයි ! පැකනිල් සජියයි , ලප කුමාරයි ඇවිල්ලා රිජාස් බදුර්දීන්ව නිදහස් කරා , රවී කරුපයියව හංගගෙන හිටියා. 😁

  7. Godaya says:

    මේවා අපිට දාන බොරු ශෝ වගේ තමයි පේන්නේ .

  8. සමන්කුමාර says:

    ආණ්ඩුවේ විපක්ෂය ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය. ස්තුතියි මේ පක්ෂවලට ආණ්ඩුව හරිපාරේ ගෙනියන්න උත්සහ දරණවට.

  9. කෝපි says:

    කේපීව හුරතල් කරපු රාජපක්ෂලට රියාද් බදුදීන් කවුද …. ෆොන්සේකා නිසා යුද්දේ දින්නා

    • Nimal says:

      2015 -2019 හිටන්, රනිල් මොකද කලේ, KPව එල්ලුම්ගස් ඇරියද , දන්නේ නැති නිසා අහන්නේ?

    • වර්ණපුර says:

      හැබැයි ෆොන්සේකාම කියන විදියට යුද්ධෙ වැදගත් තීරන මොනවත් අරන් තියෙන්නෙ මිනිහ නෙමෙයි. මිනිහ ඒව ගැන මොන්වත් දැනගෙන ඉඳලවත් නෑ.

  10. Gini says:

    Richard’s brother Camal?

Main News