මුදිත කියන ප්‍රධාන සැකකරු එලියට එන්නේ FCID එකත් එක්ක, කලේ දේශපාලන උවමනාවක සකස් කිරිමයි – උපුල් රාමවික්‍රම

October 15, 2016 at 8:02 am | lanka C news
මුදිත කියන ප්‍රධාන සැකකරු එලියට එන්නේ FCID එකත් එක්ක, කලේ දේශපාලන උවමනාවක සකස් කිරිමයි – උපුල් රාමවික්‍රම

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මල්වානේ නිවසක් සහිත ඉඩම පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ටාශයේ ඉල්ලීම පරිදි ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කොට ඒ මුදල් උසාවියේ තැන්පත් කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් තුමා නියෝගය කොට ඇත.

මෙහි මුල් පැමිණ්ල්ල පොලිසිය වෙත කරනු ලැබ ඇත්තේ එම ඉඩමේ නිවස ඉදිකිරීම් සිදු කල කොන්ත්‍රාත්කරු වන ඕලු එන්ටර්පර්යිසස් උපුල් රාමවික්‍රම නැමත්තා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන්ට වුන අසාධාරණය මෙසේ කියා සිටියේය.

“බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගන්න දවසේත් මම අවා, FCID එකෙනුයි මට එන්න එපා කිව්වේ, අද පැහැදිලිව පෙනෙනවා ඇති FCID එකත් හිට ගන්නේ හොරුත් එක්ක, මුදිත ජයකොඩි ආවේ FCID එක්ක, ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ යන්නේ පැමිණිල්ල කරපු මම පැත්තකට දාලා, දැන් හොරු ආරක්ෂා කරන්න හදනවා කියන එක, ඔබට මාධ්‍යයෙන් පෙනෙන්නට ඇති.

මුදිත කියන්නේ මේකේ ප්‍රධාන සැකකරු, සැකකරු අද එලියට එන්නේ FCID එකත්, එතකොට මම අභියෝග කරනවා ඔහු අවසාන චෙක් එක එක්කෝටි දශලක්ෂය දීල තියෙන්නේ ඔහුගේ ගිනුමෙන්, එහෙනං ඒ කාගේ සල්ලිද ? ඒවාට සාක්ෂි තියෙනවා, මේකේ බලහත්කාරයෙන් අත්සන් කරලා තමයි මගෙන් ෆයිනල් බිල් එකට ගත්තේ. මම ගියේ නැහ කිසිම තැනකට.

මේගොල්ලන් කලේ මට FCID එක මට මෙච්චරය කල් කිව්වේ මම සල්ලි ගන්නවායි, උසාවියට කියලා තියෙන්නේ, නමුත් අද කලේ දේශපාලන උවමනාවන් සකස් කරන්නයි, මට ඔප්පු කරන්න සාධක තියෙනවා” යන්නයි.

කෙසේ වෙතත් රජයේ නීතිඥ වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටින්නේ අද දින තීන්දුව කඩාකප්පල් කිරීමේ මුවාවෙන් මොහු පැමිණ ඇති බවතයි, රජයේ නීතිඥවරයා ලිපි ලේඛන මාධ්‍ය වෙත පෙන්වමින් කියා සිටියේය ඔහුට ගෙවීමට ඇති සියලු මුදල් ගෙවා ඇති බවයි.

55 views

22 Comments to “මුදිත කියන ප්‍රධාන සැකකරු එලියට එන්නේ FCID එකත් එක්ක, කලේ දේශපාලන උවමනාවක සකස් කිරිමයි – උපුල් රාමවික්‍රම”

  1. මහාචාර්ය විජේසුන්දර says:

    වැඩ බැරි ආණ්ඩුව හිටපු නායකයින් අපහාස කරමින් බොරු චෝදනා නගමින් මිනිස්සු අන්දවමින් රට පාලනය කරන්න හදනවා මෙන්න ඇත්ත,
    2016 වසරේ දෙවෙනි කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික වර්ධන වේගය 2.6 දක්වා අඩුවී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ යටතේ ඇති ජන හා සoඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාව මගින් පෙන්නුම් කරයි.
    මේ අනුව වසර අවසන් වනවිට රටේ සමස්ථ ආර්ථික වර්ධන වේගය 4 % වඩා අඩුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැව් ආර්ථික විශේෂඥන්ගේ මතයයි.
    ඔහුන් තවදුරත් පෙන්වාදෙන්නේ රජය මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආර්ථික සැලසුම් හා නිසි උපායමාර්ග ක්‍රියාත්මක නොකොලොත් ශ්‍රීලංකාවේ 2005 ට සිට අඛණ්ඩව පවත්වාගෙන ආ වාර්ෂික ආර්ථික වර්ධන වේගය අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා කල වසර බවට 2016 පත්වීවීමට ඉඩ ඇති බවයි.

  2. ශාන්ති says:

    ආණ්ඩුව යහපාලන බෝඩ් ලැල්ලක් ගහගෙන ඇයි මේ ජනතාව මේ විදියට රවට්ටන්නේ?

  3. මීරිගම රමනි says:

    එදා 1977 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අවස්ථාවේ යූ එන් පී එක මැතිනිය විනාශ කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියකර අරින්න හැමදෙයක්ම කරලා බැරිම තැන එතුමියගේ ප්‍රජා අයිතිය නැතිකලා, ඒත් එතුමිය දුක් ගැහට විදිමින් අපහාස උපහාස විදිමින් පක්ෂය රැක්කා, ඒත් අද වෙනස යූ එන් පී එක ඒක කරන්නේ ඉතා සූක්ෂම විදියට අපේම කට්ටිය හරහා අපේම හිටපු ලේකම් ඒ ගොල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති කරගෙන කෑගන කිහිපදෙනකුට යූ එන් පී ආන්ඩුවේ ඇමතිකම් දීල,
    මහින්ද ජනාධිපතිතුමනි, බැසිල් රාජපක්ෂ මැතිතුමනි . ඔබතුමාලට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි පිහිට ලැබිලා අයෝමය ශක්තිය ලැබේවා මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අපේ පක්ෂයත් රටත් බේරාගෙන නැවත ප්‍රගතිශීලි රජයක් බිහිකිරීමට,

  4. නීතිඥ රාසික් says:

    ඉඩමේ සෑබෑ අයිතිකරු ගැන මොහු පූගොඩ උසාවි භූමියේ සිට කරන ප්‍රකාශ අසත්‍ය නම් මොහු අත් අඩංගුවට ගැනීමටපුලුවනි. නැත්නම් රජය ජනතාවට මේ සම්බන්ධයෙන් සතය හෙලිකල යුතුය,

  5. පොදු මිනිහා says:

    පොලිසිය රටේ හිටපු බලවත් නායකයින්ට මේ වගේ බොරු චෝදනා ගොතලා හිරේ දානවා නම් අහිංසක ජනතාවට මොනවා නොකරයිද ?

  6. GANES says:

    ෆෝබ්මේස් සගරාවත් මෙසේ කියලා තියෙනවා ,
    වනවිට රටේ ආර්ථිකය කඩා වැටි ඇති තත්ත්වය උඩ තවදුරත් ණය ලබාදිමෙදි ඒ වෙනුවෙන් ඇපවීමට කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ඉදිරිපත් නොවන බවත් මේ වන විට ශ්‍රීලංකාවේ රජය දේශීයව හා විදේශීය ගත් අති විශාල ණය ප්‍රමාණය නිසා රට බoකොලොත් බාවයට පත්ව ඇතැයි ලෝක ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසයිප්
    ආණ්ඩුව මේවා වහගන්න තමයි මෙවගේ කුමන්ත්‍රණ කරන්නේ .

  7. ගුරුලු ගෝමි says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතා දුර දක්නා නුවනින් අපේ රට දියුණුකලා, තිස් වසරක් අති බිහිසුණු යුද්ධය නිමාකොට මව්බිමට සැබෑ සාමය ගෙනත් දුනනා, අධිවේග මාර්ග හැදුවා වරාය හැදුවා විදුලිබලාගාර හැදුවා පොහොර සහනාධාර ගොවියාට ලබාදුන්නා, කරන්න පුලුවන් හැමදෙයක්ම පොදු මහ ජනතාව වෙනුවෙන් කලා, ඒත් මේ මහා පාපතරයෝ බොරු බේගල් ඇදබලා එතුමා පැරද්දුවා,
    ඇත්තටම එතුමා නෙවී පැරදුනේ , පැරදුනේ අපේ මව්බිමයි අහිංසක පොදු ජනතාවයි,
    මෛත්‍රීපාල සිරිසේන රනිල් ඇතුළු මේ හොර නඩය අපේ අනාගතය විනාශ කලා උන්ගේ පුද්ගලික උවමනාවන්වලට , මුන්ට සාප්වේවා,

  8. ඉන්ජිනේරු සුසන්ත says:

    එදා හැම එකක්ම රාජපක්ෂලාගේ කියලා මඩ ගැහැව්වා, අන්තිමට නාමල් මන්ත්‍රීතුමා අනිත් මන්ත්‍රීවරුන් වගේම තමන්ගේ පොර්මිට් එකට ගෙනාපු කාර් එක පොලිසියට පටොගෙන ගිහිං නිකම්ම සවුත්තු වුනා, ඒ වගේම තමයි වරලත් ගෘහ නිර්මාන ශිල්පි මුදිත ජයකොඩිට අයිති ඉඩම ඔප්පුව මිනිහාගේ නමට තිබියදි සමහර කොන්ත්‍රාත්කරුවන්ට එයා විසින් ගොඩනැගිලි හදපු සල්ලි තවම ගෙවන්න තිබියදි ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාගෙන මිනිහාට අයිති ඔප්පුව තිබියදි, ඒක එයගේ ගේ නෙවි කියනවා, හරිනම් මුදිත ජයකොඩිට හිරේ දාන්න ඕන බොරු කියලා මුලු රටම රවට්ටලා ආණ්ඩුවට කඩේ යනවට,,
    ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලාට මඩ ගහන්න කොහේ දෝ යන ඉඩමක් අල්ලාගෙන ඒක බැසිල් රාජපක්ෂගේ එකව්න්ට් එකට දාල මඩ ගහන්න හදපු කුමන්ත්‍රණයක මේක . . මුල ඉදන් ආණ්ඩුවේ නිව්ස් බැලුවා නම් මේ කතාව ඕන මෝඩයකුට තේරෙනවා නියමෙට ගොතපු අරාබි නිසොල්ලාසේ කතාවක් වගේ, අපේ මෝඩයෝ නෙවි ඕවට අහුවෙන්න….

  9. Sarath says:

    මු ගම්පහ වෙළඳ සංගමේට පාටියක් දුන්නා හැම අවුරුද්දෙම ඔය ගෙදර. මමත් ඕකට ගිහිල්ල තියෙනවා මගේ යාලුවෙක් එක්ක. ඕකෙත් කෑම මේසේ හදලා තියෙන්නේ එස් බී ගේ ගෙදර වගේ ලොකු වීදුරු මාළු ටැංකියක් උඩ. ලජ්ජා නැති පර බල්ලා.

    • Sihala Yaka - සිහල යකා says:

      මූ කිව්වෙ මුදිත කියන මිනිහද ? එසේනම් මේ ත් සාක්කි.

      ශුවර් එකත මුදිත කියන එකාව බ්ලැක් මේල් කරල පොලිස් කාරයෝ විසින්.
      අහිංසකයන්ට විරුද්ධව ළඟින්ම හිටපු අයවලුන් ලවා බොරු සාක්කි හදන්න උන් ඒක බොහෝ අවස්ථාවල කරන වැඩක්. මමත් ඒ වගේ සිද්ධියකට මුහුන දීල බය වෙන්නෙ නැතුව ඉඳල උන්ව පරාජයට පත් කලා.

      • Eng. Gemunu S says:

        Archertec Muditha Jayakody is Dirty Rog, He Use All Rajapaksa’s to Get All Govement Expencive Projects Unfairley, Now to Secure and Contine those Projects He is Using His Class Mate Dr Rajitha Senarathne With President Maithreepala Sirisena putting All Blams on Rajapaksa’s

Main News