මුධෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කෙරේ… CID අත්අඩංගුවට…

March 27, 2019 at 9:20 am | lanka C news
මුධෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කෙරේ…  CID අත්අඩංගුවට…

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසු වූ ගායන ශිල්පීඅමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු තවත් අයෙක් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටුවහල් කර ඇති අනෙක් පුද්ගලයා වන්නේ ලලිත් කුරේ නමැති හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි.

පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයකට සහභාගී විසිටියදී මාකදුරේ මධුෂ් ඇතුළුව ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රයන් ඇතුලු 31ක් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබින.

සෙසු පිරිස තව දුරටත් එරට අත්අඩංගුවේ පසුවේ.

60 views