මුරණ්ඩු, තකතීරු වැඩ එපා.. ඔබේ දෙමාපියන්ට, දරුවන්ට ආදරේ නම් නිරෝධායනට සහාය දෙන්න..- 3%න් ඉල්ලීමක්…

March 13, 2020 at 1:20 pm | lanka C news
මුරණ්ඩු, තකතීරු වැඩ එපා.. ඔබේ දෙමාපියන්ට, දරුවන්ට ආදරේ නම් නිරෝධායනට සහාය දෙන්න..- 3%න් ඉල්ලීමක්…

කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග අමුද්‍රව්‍ය හිඟය, නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අහිමි වීම වැනි මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුනට ඒවා ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

”කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරයාමත් සමග මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට එය බලපා ඇති ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. එම සාකච්ඡාවේ දී අනාවරණය වුණා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා අමුද්‍රව්‍ය හිඟයක්, නිෂ්පාදන සඳහා වෙළඳපොළ අහිමිවීමක් වැනි ගැටලු පැන නැගී ඇති බව.

‘ක්ෂණික ඇමතුම් ඒකකයක්’

අපේ රටේ පමණක් නොවෙයි බොහෝ රටවල කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ චීනය පදනම් කරගෙනයි. එ් නිසා අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස තීරණය කළා අද සිට මේ සම්බන්ධයෙන් කර්මාන්තකරුවන්ට බලපා ඇති දුක් ගැනවිලි හඳුනාගැනීමටත් ඒවා ජය ගැනීම සඳහා මැදිහත්වීමට ක්‍රමවේදයක් සැකසීමටත්. එහි මුල් පියවර ලෙස ක්ෂණික ඇමතුම් ඒකකයක් අද සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. 011 – 3144416 යන හොට්ලයින් අංකයට සම්බන්ධ වී සිංහලෙන් හා දෙමළෙන් භාෂාව හැසිරවිය හැකි එල්.වී. එල්. නන්දනී මහත්මියට හෝ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් භාෂාව හැසිරවිය හැකි ආර්. කේ. අයි. චාන්දනී මහත්මියට තම දුක්ගැනවිල්ල හෝ ගැටලුව ඉදිරිපත් කළ හැකිව තිබෙනවා. ඒ නිසා භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ගේ කර්මාන්තයට බලපා ඇති ගැටලුව පිළිබඳව අපව දැනුම්වත් කිරීමේ අවස්ථාව සැලසී තිබෙනවා. මෙසේ ඉදිරිපත් වන ගැටලු සමා‍ලෝචනය කරමින් ඔවුන් අමාත්‍යාංශය වෙත ගෙන්වා ගනිමින් ගැටලුවලට විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

”මුරණ්ඩු ප්‍රතික්‍රියා එපා!”

ඒ වගේම මේ අවස්ථාවේ අපි කාරුණිකව ඉල්ලා සිටිනවා, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුරණ්ඩු හා තකතීරු ප්‍රතික්‍රියා නොදක්වා ‘ඔබ ඔබේ දෙමාපියන්ට, දරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට ආදරෙයි නම් නිරෝධායන කටයුතුවලට උපරිම සහයෝගය දක්වන්න’ කියා. මේ ඉතා අවාසනාවන්ත ලෙස ලොව මුහුණ පා ඇති තත්ත්වයෙන් ඇතැම් රටවල් සාර්ථකව මිදෙමින් තිබෙනවා. අප ද රටක් ලෙස එම තත්ත්වය ඇතිකරගත යුතුයි. චීනයට ඊයේ වන විට කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලැබූ රෝහල් 16ක් වසා දැමීමට හැකිව තිබෙනවා. වෛරසය පැතිරීම ඇරඹුණු රට එලෙස කටයුතු කරමින් සිටිය දී අපි අපේ දුර්වලකම් නිසා එම වෛරසය ව්‍යාප්ත කරගත යුතු නැහැ.

”සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න”

‘මේ තත්ත්වය බැරෑරුම්ව දකින්න. මෙම වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය ගනු ලබන සියලු පියවර සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න’ කියා අපි සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කර්මාන්තකරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා, ‘ඔබගේ කර්මාන්තශාලාවේ යම් අයකු කොරෝනා ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් පිහිටුවා ඇති ස්ථානයකට යොමු කරන්න. යම් හෙයකින් ඒ තැනැත්තාට රෝගය වැළඳී තිබුණොත් කර්මාන්ත ශාලාවේ සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න’ කියා.

දේශපාලන පාපන්දුවක්

ඒ වගේම අපි දැක්කා ඇතැමුන් මේක ‘දේශපාලන පාපන්දුවක්’ කරගෙන ඇති බව. විදෙස්ගතව සිට එන 3%ක පමණ පිරිසක් ඒසී කාමර ඇතුළු වෙනත් පහසුකම් ඉල්ලමින් කරන්නේ මේ කටයුතු අඩාල කිරීම. ජර්මනිය වැනි සංවර්ධිත රටවල් පවා නිරෝධායන කටයුතු කරන්නේ අපටත් වඩා අඩු පහසුකම් යටතේ. අපි රජයක් ලෙස අපට හැකි උපරිමයෙන් මේ සඳහා පහසුකම් සලසා තිබෙනවා. අපේ ආරක්ෂක හමුදා මෙම කටයුත්තෙදී සුවිශාල කැප කිරීමක් කරනවා. ඔවුන් නිදන ඇඳ, මෙට්ටය තමයි මේ නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇත්තේ. එ් නිසා සියයට තුනේ මනසින් නොබලා, පාට කණ්ණාඩි පැත්තක තබා මේ ව්‍යසනයෙන් මිදීමට ජාතියක් ලෙස පෙරට එන ලෙස සියලු ලක්වැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

66,866 Viewers

14 Comments to “මුරණ්ඩු, තකතීරු වැඩ එපා.. ඔබේ දෙමාපියන්ට, දරුවන්ට ආදරේ නම් නිරෝධායනට සහාය දෙන්න..- 3%න් ඉල්ලීමක්…”

  1. සමන් says:

    මේක ඉතා සාධාරණ ඉල්ලීමක් – රට ජාතිය ගැන සංවේදි වීම ප්‍රායෝගීකව ඉටු කිරිමට දැන් කාලය එලැඹ ඇත! පෙස් බුක් පොස්ට් දාලා බොරු විරත්වය පෙන්වන අය දැන් ඇත්තටම රට ජාතියට ආදරය කරන විරයෝ වෙලා පෙන්වන්න!!!

  2. Saibal says:

    Oya 3% Buru set eka ithaliyata yawanna berida ?

  3. 😥😥😥😥😥😥😥 says:

    LATEST Coronavirus Cases & Deaths

    China Cases- 80,814 — 3,177 Deaths
    Italy Cases- 5,1131 — 1,016 Deaths
    Iran Cases- 10,075 — 429 Deaths
    Korea Cases- 7,979 — 67 Deaths
    Spain Cases- 3,1481 — 87- Deaths

    France Cases- 2,876 — 61- Deaths
    Germany Cases- 2,745— 6- Deaths
    United States Cases- 1,762 –41- Deaths
    Switzerland Cases- 868 —- 7- Deaths
    Norway Cases- 800—- 1- Deaths
    Japan Cases – 691— 19- Deaths
    Sweden Cases- 687 — 1- Deaths
    Netherlands Cases – 614—- 5- Deaths
    United Kingdom Cases – 591– 10- Deaths

    Total 134,76 9 —— 4,983- Deaths

  4. gamarala says:

    ඔය එන අය ඒ රටවල තුන්වෙනි පන්තියේ ගණයට ඉන්නේ මේ අය ගැන ලැජ්ජයි

    • sky says:

      People of all ages can be infected by the new coronavirus (2019-nCoV). Older people, and people with pre-existing medical conditions (such as asthma, diabetes, heart disease) appear to be more vulnerable to becoming severely ill with the virus.
      WHO advises people of all ages to take steps to protect themselves from the virus, for example by following good hand hygiene and good respiratory hygiene.
      antibiotics do not work against viruses, only bacteria.
      The new coronavirus (2019-nCoV) is a virus and, therefore, antibiotics should not be used as a means of prevention or treatment.
      However, if you are hospitalized for the 2019-nCoV, you may receive antibiotics because bacterial co-infection is possible
      Good luck Srilankans ..Please take care yourself
      May the Tripel Gem Bless you all

  5. උපාසක says:

    3% කියන කොට හිතුවෙ GUVP කියල.

  6. Karu says:

    මෙවැනි ප්‍රශ්නයකදී ආපසු මව් රටට පටවා එවන්නේ ඒ ඒ රටවල පුරවැසි කම හෝ පී.ආර්. නැති අයයි. ඒ රටවල සිටියොත් ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වෙනවා.ඉතාලියේ පහසුකම් පහත් මට්ටමක හේතුවෙන් හැට ගානක් මිය ගොස් තියනවා. ඒ අතර අපේ අයට ඒ.සී. කාමර ඕනෑ. නිකම් පහසු කම් ඕනෑ. රුපියල් හත්දාස් පන්සීයක් (ඩොලර් පනහක්විතර ) ගෙවන්න බැහැ.
    පිටරට ගිහින් වැඩ කළා කියල ඔච්චර ඉහළ යන්න ඕනැ නෑ.විදේශ ශ්‍රමිකයන්ගේ මුදලින් රට දුවනවා කියන්නෙ මිථ්‍යාවක්.ඔවුන් තම ගේ දොර හදා ගෙන ඉඩකඩම් අරගෙන දියුණු වනවා මිස ආංඩුවට දෙන්නෙ නෑ.ඒ මුදල් ආර්ථිකයට වැටෙන එක ඇත්ත. ආංඩුවට කරදර නොකර රස්සාවක් හොයා ගන්නවා කියන එකත් ඇත්ත. ඒත් ඒ සෑම ශ්‍රමිකයෙක්ගේම අධ්‍යාපනය සෞඛ්‍ය ආදියට මව් රට කර ඇති ආයෝජනය කවදාවත් ඒ අයට ගෙවා නිම කරන්න බැහැ.ඒ පහසු කම් සඳහා අම්ම අප්ප වගෙ මව් රට වැය කර ඇති විදේශ විනිමය කිසිම කිසි දාක ඔය එවන මුදලට හරියන්නෙ නෑ.
    නැග ගෙන තියන මුරුංග අත්ත ඉහළ වැඩියි.

  7. Love nature says:

    මෙය හැමදෙනාම දැනගත යුතු කරුණක් බුදු සරණයි

    “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
    විස්වාසා පරමා ඥාති – නිබ්බානං පරමං සුඛං෴”

    මෙම ගාථාවේ පදානුපදික පරිවර්තනය වන්නේ “නිරෝගී බව උතුම් ලාභයකි. සතුට උතුම් ධනයකි. විශ්වාසය උතුම්ම නෑයාය.

  8. david milibanda says:

    Come from abroad??? ………..Thiyena “Udachcha” kama.
    Behaving like a baloon

  9. analyst says:

    Slfp aanduwak thiyana hinda hondai dan minusu corona kiyapu gaman super market eketa gihilla kama beema puravagena awilla kanawa bonawa ,nikamta hithanna jr,premadasa lalith ,gamini wage minusu inna unp gavicha aandu kaale corana ehema awilla thibunoth, ara supurudu paridi unp aandu awama athi wena saginna degunayak wela( ara croton kola kanna kiyanne), minusu dan kunu bakki adala kana thathweta path wela athi.