මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්…

April 19, 2021 at 10:26 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්…

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා වටිනා අවස්ථාවක් බව ජාතික විද්වත් භික්ෂු සංසදය සඳහා කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඉතා හොඳ දෙයක් බවයි.

වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද කියා සිටියහ.

කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීලගට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා පූජ්‍ය ඇග්ලේ ගුණවංශ හිමියන් මෙම පනතට විරුද්දව පෙනී සිටියදී අබයතිස්ස හිමියන් ඊට පක්‍ෂව මතයක් ඉදිරිපත් කිරීම විශේෂය.

57,204 views

36 Comments to “මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්…”

  1. RED BULL says:

    දැන් අපේ ඇටෙන්ඩන් හාමුදුරුවො පිරිමි නර්ස් එක්ක එකතු උනොත් මොකද​?එතකොට ගුල්ලේ ඇණවංශට මොකද වෙන්නෙ.රාජිතගෙ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ.

    • Joy says:

      මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යි නමුත් අපේ ලාංකිකයින්ට නොවේ චීන රැකියා නැති පුද්ගලයින්ට ..කාවද පාලකයෝ රවටන්නේ ? හම්බන්තොට වාරයේ රැකියා කරන්නේ චීන ජනතාවයි ඒගැන සොයාබලා මෙවැනි ප්‍රකාශ කරන්න අපේ ගරුතර හාමුදුරුවනේ ….වරාය පනතින් සිදුවන්නේ අපේ මව් බිමේ චීන කොළණියක් ඇතිවීමයි එයින් සිදුවන අනතුරු අනාගතේදී දැකිය හැකියි

  2. sanjay says:

    අර වයසක කහකඩය කාගෙ රූකඩේද් කියල අපි දන්නව රාජිතය අරගෙන ඌට ඇමතිකමක් නොදුන්න එකෙ වාඩුව ගන්නෙ .

    • sunimal says:

      sanjay—අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට ගරුසරුව කතා කරපන් බුරුවා ..මේ සිංහල බෞද්ධ රටක් ..අපේ රටේ මුරදේවතාවුන් වහන්සේලා තමයි භික්ෂුන් වහන්සේලා …මේ රට සෑම අවස්ථාවේදී ආරක්ෂා කලේ අපේ ගෞරවනීය සංඝයාවහන්සේලායි

Main News