මුරුත්තෙට්ටුවේ හිමි-අගමැති මහින්ද උණුසුම් වචන හුවමාරුවක…

June 13, 2021 at 10:23 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමි-අගමැති මහින්ද උණුසුම් වචන හුවමාරුවක…

– ලංකාදීප පුවත්පතෙනි

ආගමික ක්ෂේත්‍රයේ පිළිගත් නායකයින් කිහිපදෙනෙකු සමගම ආරෝවක් ඇතිකර ගැනීමට රජය සමත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ ප්‍රධානී තැන්පත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ අතර ප්‍රධානය.

උන්වහන්සේ 2019 ජනපතිවරණයේ දී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළහ. උන්වහන්සේගේ විහාරස්ථානයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව පැවැති අතර, හදිසියේම කිසිදු හේතුවක් නොදන්වාම එය අවසන් කෙරිණ.

පැමිණ සිටි වෛද්‍ය කාර්යමණ්ඩලය ද එතැනින් නික්ම ගියේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවේ එම එන්නත්කරණ වැඩසටහන නැවැත්වීමට තමා උපදෙස් නුදුන් බවයි. ඒ බව ඇය ප්‍රසිද්ධියේම පැවසුවාය.

කෝපයට පත්වූ ආනන්ද හිමියෝ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා උණසුම් වචන හුවමාරුවක යෙදී තිබෙන බව දැනගන්නට තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එන්නත්කරණ වැඩසටහන නැවතත් ආරම්භව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂය නියෝජනය කළ සමයේ අභයාරාමයේ වූ කාර්යාලයක් සිය දේශපාලන කටයුතු සදහා යොදාගත්තේය. මීට පෙර අවස්ථාවක, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළ ඇල්ලේ ගුණවංස හිමියෝද රජයට එරෙහිව ප්‍රබලව නැගී සිටියෝය.

– lankadeepa

118,384 views

24 Comments to “මුරුත්තෙට්ටුවේ හිමි-අගමැති මහින්ද උණුසුම් වචන හුවමාරුවක…”

  1. පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

    නැට්ටටම කෙලවෙලා තියෙද්දීත් ගොන් කොමෙන්ට් දදා හීන් නූලෙන් හරි කඩේ යනවා කියන්නේ මුන් මිනිස්සු වෙන්න බැහැ…….අනිවා මුන්ට ඇරලා නෙවෙයි මුන්ගේ හත්මුතු පරම්පරාවම ඇරියත් පොහොට්ටුවම තමයි ……

    • කෙහෙල්වත්තේ සජිත් says:

      අපි ඉතින් පොහොට්ටුවේ තමයි…නැතිව ඕලෙවල් පේල් පේමදාසට ඡන්දෙ දෙන්නද කියන්නෙ?