මුරුත්තෙට්ටුවේ හිමිගේ පන්සලේ ලොකු උත්සවයක්.. ප‍්‍රධාන ආරාධිතයා ජනපති මෛත‍්‍රී…

January 13, 2017 at 2:02 am | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමිගේ පන්සලේ ලොකු උත්සවයක්.. ප‍්‍රධාන ආරාධිතයා ජනපති මෛත‍්‍රී…

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාපිත කල අඩි 42 ක් උසැති අවුකන බුදුපිළිම වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් 2017 ජනවාරි 25 වැනි දින සවස 4.30ට නිරාවරණය කිරීමට නියමිතය.

25 වැනි දින උදේ සර්වඥ ධාතු හා ගෞරවණීය නිධන් වස්තු තැන්පත් කෙරෙන අතර මේ නිමිති කරගෙන අනුරාධපුරල මිහින්තලා රාජමහා විහාරයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ බෞද්ධාලෝක මාවතේ සිට දර්ශනීය පෙරහැරකින් අභයාරාම විහාරස්ථානය කරා වැඩමවාගෙන අවුත් 22 වන දින සිට 24 වැනි දින දක්වා සවස 06.00 සිට මහජනතාව වෙත ධාතු වන්දනාවක්ද සංවිධානය කොට ඇත.

– දායක සභාව

48 views
Main News