මුලක් නැති කොරෝනා පොකුරු තැන තැන.. සමාජ පැතිරීමක් නිවේදනයට අන්තිම අදියරේ…

October 17, 2020 at 3:00 pm | lanka C news
මුලක් නැති කොරෝනා පොකුරු තැන තැන.. සමාජ පැතිරීමක් නිවේදනයට අන්තිම අදියරේ…

අද වන විට රටේ තැනින් තැන කොරෝනා ආසාදිතයන් සමූහ පොකුරු වශයෙන් හමු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ඇතැම් රෝගීගේ වෛරසය ආරම්භක ස්ථානය සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇතැයි සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ හේතුවෙන් කොරෝනා රෝගය සමාජගත වූ බවට නිවේදන නිකුත් කිරීමට සිදුවන අන්තිම අවදානම් අදියරට රට ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වී තිබීම බෙහෙවින් වාසි සහගත තත්ත්වයක් වී ඇති බවද ඔහු පවසයි.

කොරෝනා ආසාදිතයන්ගේ ආරම්භක තැන සොයනවාට වඩා දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා පවත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

47,955 views

8 Comments to “මුලක් නැති කොරෝනා පොකුරු තැන තැන.. සමාජ පැතිරීමක් නිවේදනයට අන්තිම අදියරේ…”

  1. සිංහබාහු says:

    Do as I say. .. I am the expert..

  2. kkuruwita says:

    සොයිසා එකක් කියනව, අලුත්ගේ තව එකක් කියනව, පාදෙනිය මහතා තව එකක් කියනව. එකම සංගමේ කට්ටිය එක එක වෙනස් දේ කියනකොට ජනතාව අතරමං ! ඔක්කොම කතා වෙලා හරිම දේ කියනව නං ජනතාවට හොඳයි !!

  3. dr says:

    ඔය වෘත්තීය සමිතිය කොරෝනා වසංගතය වෙනුවෙන් නිවේදන නිකුත් කරන්නේ එදා ඉදන්නේ …… රටට තියෙන ආදරේ කියන කියුම් වලින් පේනවා

  4. Mssilva says:

    Aiyo GMOA

  5. Dr Zee says:

    Goma, what happened to your 40,000 patients predicted many months ago ?

  6. නාලක says:

    හා හොඳයි කියමුකෝ. මර්දනය කරන ක්‍රමවේදයක් ජනගත කරන්නකෝ. හෙල වෙදකම ගැන අදහස කියන්නකෝ. නැත්නම් අපි හිතන්නේ තප්පුලනවා කියලා හරිද?

  7. Education only never helps to develop our Sri Lanka or to safe our Life from the Covid 19.

    WHO was being overrun by the Covid 19, Hence Local medical system can help to save our Life.

    Not only that, Sri Lankans can save Life and possible to earn the trillions of USD.

  8. felix says:

    Mooo Kiyanne Monawada Kiyala Moo Danne Nehe… Anika Munge Interviews News Walata Daana Ekath Jada Maadaye Eka Kriyawak Rata Aul Karnna.

Leave a Comment