මුලතිව්හි කුඩා වැව් සිඳෙයි ගොවීන්ට දැඩි පීඩා..

February 20, 2018 at 2:09 am | lanka C news
මුලතිව්හි කුඩා වැව් සිඳෙයි ගොවීන්ට දැඩි පීඩා..

පවතින වියලි කාලගුණයත් සමග මුලතිව්හි කුඩා වැවි සම්පූරණයෙන්ම සිඳී යාමේ අවධානමකට ලක් වී ඇති අතර මේ හේතුවෙන් ගොවීහු දැඩි සේ අසරණව සිටින බවට මුලතිව් ගොවීහු කියා සිටියහ.

මුලතිව් නාට්ටාන්කණ්ඩල් කුලම් වැව, ඒරුවිල් වැව , ඌලවනාරී වැව යනාදී වැව් මේ වන විටත් සම්පූරණයෙන්ම සිඳී යාම හේතුවෙන් මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු අක්කර 300 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යාමේ අවධානමක් පවතින අතරම ගොවීහු සියයකට ආසන්න පිරිසක් මේ හේතුවෙන් දැඩි සේ අසරණව සිටිති.

මෙවර මහකන්නයේ ගොවිතැන් සිදු කරන ලද්දේද පසුගිය වසරේ කන්න කිහිපයක්ම ජලය නොමැතිකම හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකි වීම නිසා බවටත් මෙවර මහකන්නයේ ගොවිතැන් ආරම්භ කරන විට ප්‍රදේශයේ පිහිටි කුඩා වැව් වල ජලය තිබුනු නමුත් අතරමැද වර්ෂාව නොලැබීම හේතුවෙන් කුඩා වැව් සියල්ලක්ම සීග්‍රෙයන් සිඳී යාම හේතුවෙන් ගොවීන්ගේ ගොයම් අස්වැන්න විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බැවින් ගොවීහු දැඩි සේ අසරණව සිටින බවටද මුලතිව් ගොවි සංවිධාන පෙන්වා දෙන අතරම පවතින වියලි කාලගුණය ඉදිරියටම පැවතියහොත් හානිය තවත් වැඩි වීමේ අවධානමක්ත පවතින බවටද ගොවි සංවිධාන වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

134 views

One Comment to “මුලතිව්හි කුඩා වැව් සිඳෙයි ගොවීන්ට දැඩි පීඩා..”

  1. Saradiel says:

    යහපාලන සාපය ..සිරිසේන -රනිල් දේශපාලනයෙන් ඉවත් වන්න ..පාලකයන් අධර්මිෂ්ට නම් ඒක රටට සාපයක්

Main News