මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි කියයි…

September 23, 2022 at 8:02 am | lanka C news
මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි කියයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය,
14 වන මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම

මෙරට ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදී විහාරවාසී භික්ෂුන් වහන්සේලාට සහ දායක පිරිස්වලට පහර දෙමින් ප්‍රචණ්ඩකාරිව හැසිරුණු මැර පිරිසක් පිළිබඳ පුවත කෙරෙහි ඔබතුමන්ගේ අවධානය දැනටත් යොමුව ඇතැයි සිතන්නෙමි. පළමුව ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.

පටු දේශපාලන වාසි තකා ප්‍රදේශවාසීන් නොමඟ යවමින්, ඔවුන් විරෝධතාවන්හි යොදවමින්, මෙම පුරාවිද්‍යා ස්ථානයෙහි සිදු කෙරෙන කැණීම් කටයුතුවලට සහ පුරාණ විහාරයට අයත් චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවලට දිගින් දිගටම සිදුකෙරෙන බාධා කිරීම් මෙම සිදුවීමත් සමඟ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇති අතර එමගින් මෙම ඓතිහාසික මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව තිබෙන බව පෙනී යයි.

එහෙයින් මෙම පුරාවිද්‍යා ස්ථානයෙහි අඛණ්ඩ ආරක්ෂාව පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එසේම මෙම ඓතිහාසික උරුමය ඔප් නංවමින් අනාගත පරපුරට දායක කිරීම පිණිස වෙහෙසෙන එහි පුරාවිද්‍යා කැණීම් කටයුතුවල සහ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත සිටින නිලධාරීන්ට එම රාජකාරි බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට අවශ්‍ය වාතාවරණය සකසා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

16,849 views

11 Comments to “මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි කියයි…”

  1. රාජපක්ෂලා ඕනේ says:

    මේවා රාජපක්ෂලා රටට ඕනේ කියලා පෙන්වන්න රාජපක්ෂලා විසින්ම කරන සූක්ෂම උපක්‍රම😂🤣

  2. හෙළයා says:

    දැන් සතුටුයි නේද පාහර අර-ගල් කරුවන්ට? NGO කාරයොයි, ඩයස්පෝරාවයි කෝටි ගණනින් සල්ලි විසි කරලා, ජෙපි-කුරුටු පාහරයන් හරහා මිනිස්සුන්ව කුලප්පු කරලා, හෙළයන් වෙනුවෙන් සහ බුදු දහම වෙනුවෙන් පෙනී හිටපු හෙළ රජෙක් වගේ හිටපු ගෝඨාභය ජනාධිපතිතුමාව පන්නා ගත්තේ ඕවට තමයි. ඔය පටන් ගැන්ම විතරයි. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි පාහර, බඩජාරී, ගුණමකු, කම්මැලි, නාමික හෙළයන්ට. ඔය විදියට ගියොත් හෙළයන්ට තියෙන එකම රටත් නැති වෙලා උඹලට මුහුදට තමයි පනින්න වෙන්නේ. දැන් වත් ඔය එක එක පරයන්ගේ කුමන්ත්‍රණ වලට රැවටෙන එක නවත්තපල්ලා. අනික ඔය කුමන්ත්‍රණ කාරයෝ හෙළයන්ගේ මිතුරු වේශයෙන් පවා එන්න පුළුවන් බව මතක තියා ගනිල්ලා. හොඳම උදාහරණය තමයි මේ දවස් වල බුදු දහම පවා ගාවා ගෙන ඊට වැරදි අර්ථ කථන දීගෙන පතුරුවන පෘථිවිය පැතලියි කියන මල විකාරය. ඕක පිටිපස්සේ ඉන්නෙත් පාහර පල්ලි කාක්කෝ. ඔය විදියට තමයි ඔය පරයන් හැමදාම හෙළයන්ව රැවැට්ටුවේ.

    • සිංහල බන්ඩා says:

      අර ගල් කාරයන්ට බයේ රටින් පැනල ගිය ගෝටා දෙමලුන්ට කොහොම බය ඇත්ද? ෆොන්සේකා නිසා යුද්දෙ දිනුව.

    • harsha says:

      දැන් ඉන්න එකාත් පත් කර ගත්තේ පෙහොට්ටුවෙන් තමයි.

  3. සමස්ථ වගකීම ආරකෂක අංශ ප්‍රධානීන් දැරිය යුතුයි,.! says:

    නීළකාශ හොර පාදඩ සාටක සුණඛ හැතිකරයේ මයිනා, ලබ්බා,පිට්ටුවා, බෑසිළ, ගූඨා,චූමළ යන දූශිතයන් සිදුකරණාළද දැවැන්ත වංචා ,කොමිස්මුදල් ගසා කෑම් සොරකම් වසාගැනීමට රට තුළ කුමන්ත්‍රණ සිදුකරනා බවට,
    සහ මහඡනයා දැඩිලෙස මර්ධණය කර පවතිනා බළය රැකගැනීමට සහ කෙසේහෝ ඡනයා නැවතත් රැවටා බළය ඩැහැගැනීමට නිරන්තර උත්සාහ දරනා බවත්, මාත්‍රෘෘභූමිය ඉන්දියානු අමෙරිකානු මර උගුළක සිරකර රනවිරැවන් පාවාදෙමින්, යුද්ධයේදී දිවිපිදූ සැමට නිග්‍රහකරමින් බවත් සිදුකරනාළද පාහර ක්‍රීයාකාරකම් තුළින් නිරීකකශණය කරනා අතර, සාමාන්‍ය මහඡනයා දිළින්දන් බවට නිරාහාරව සිටිනා තැනට පත්කර රට දැවැන්ත උගුළකද සිරකරමින් බව අවධානයට,.!
    සිදුකරනාළද දැවැන්ත දූශණ වංචා කොළ්ළකෑම් සමඟින් ,මාත්‍රෘෘභූමිය පවා ඡනයාට අහිමිකරමින්, මව්රටතුළම මහඡනයා සිරකරැවන් බවට පත්කර, ඔවුන්ගේ ඇස් හිස් මස් විදේශිකයන්ට උගසට තබා, අනෙකුන් රවටා ‘විඡය පරපුරේ දූශිත මංපහරන්නන් ලෙස හුමිය ද විකුණා විකුණාදමා දැවැන්ත වංචා සිදුකර ඇති නිසාවෙන් “නව රාඡ්‍ය ප්‍රතිපත්ති සහ නීතිය “යටතේ සිරගතවීමට ඇති බිය නිසාවෙන්ම බව සමස්ථයේ අවධානයට,.!

    පුරාවස්තු ඉළක්ක කරගනිමින් යම් ගැටළුවක් පවතීදැයි වහාම විමර්ශණයක් සිදුකර සියුම් සහ සවාධීන අධීකශණයට ලක්කර කර වහාම ක්‍රීයාත්මක වන පරිදි ශ්‍රවේන්ද්‍ර සිල්වා/කමල් ගුණරත්න වහාම මාත්‍රෘෘහූමියේ ආරකශාව පිළිබඳව මාද්‍යට ප්‍රකාශයක් නිකුත්කරනා ලෙස තොරතුරැ මූළස්ථානය දැනුම්දී සිටිනු ලබයි,.!
    පුරාවස්තු ඉළක්ක කරගනිමින් යම් පුද්ගළයකු හෝ සංවිධානයක් සැළසුම්සහගතලෙස ක්‍රීයාත්මක වීමට උත්සාහ දරයිනම් නැවත ඵවන්නක් සිදුවීම වළකාළීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඡාතික ආරකෂාවට අදාළ සියළු බළතළ සහ වගකීම් රනිල් වික්‍රම ඡනාධිපති වරයාගෙන් ඉවත්කරනා බවට අවධාරණය කර සිටිනු ලබයි,.!
    භූමිය,පුරාවස්තු සහ සහ රාඡ්‍ය දේපළ මෙන්ම ඡාතික ආරකෂාවට අදාළ කාරණා පිළිබඳව සමස්ථ වගකීම ආරකෂක අංශ ප්‍රධානීන් දැරිය යුතු බවට අවධාණය,.!

  4. වගකීම ආරකෂක අංශ ප්‍රධානීන් දැරිය යුතු බවට අවධාණය,.! says:

  5. මහජනතාව says:

    ශබ්ද දූෂණය කරන ලවුඩ්ස්පීකර් – බෆල් ආගමික ස්ථානවලින් ඈත් කරමු ! ආගමික ස්ථාන තුල නිහඬ බවත් නිස්කලංක බවත් රැකගනිමු !

  6. කැපුවත් පොහොට්ටුවට says:

    දැන් සතුටුයි නේද පාහර අර-ගල් කරුවන්ට? NGO කාරයොයි, ඩයස්පෝරාවයි කෝටි ගණනින් සල්ලි විසි කරලා, ජෙපි-කුරුටු පාහරයන් හරහා මිනිස්සුන්ව කුලප්පු කරලා, හෙළයන් වෙනුවෙන් සහ බුදු දහම වෙනුවෙන් පෙනී හිටපු හෙළ රජෙක් වගේ හිටපු ගෝඨාභය ජනාධිපතිතුමාව පන්නා ගත්තේ ඕවට තමයි. ඔය පටන් ගැන්ම විතරයි. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි පාහර, බඩජාරී, ගුණමකු, කම්මැලි, නාමික හෙළයන්ට. ඔය විදියට ගියොත් හෙළයන්ට තියෙන එකම රටත් නැති වෙලා උඹලට මුහුදට තමයි පනින්න වෙන්නේ. දැන් වත් ඔය එක එක පරයන්ගේ කුමන්ත්‍රණ වලට රැවටෙන එක නවත්තපල්ලා. අනික ඔය කුමන්ත්‍රණ කාරයෝ හෙළයන්ගේ මිතුරු වේශයෙන් පවා එන්න පුළුවන් බව මතක තියා ගනිල්ලා. හොඳම උදාහරණය තමයි මේ දවස් වල බුදු දහම පවා ගාවා ගෙන ඊට වැරදි අර්ථ කථන දීගෙන පතුරුවන පෘථිවිය පැතලියි කියන මල විකාරය. ඕක පිටිපස්සේ ඉන්නෙත් පාහර පල්ලි කාක්කෝ. ඔය විදියට තමයි ඔය පරයන් හැමදාම හෙළයන්ව රැවැට්ටුවේ.

  7. karu says:

    Reply

  8. SKF says:

    කුරුන්දිමලේ වැදගත් ඇයි?
    හෙල අටුවාවක් වන කුරුන්දිමලේ අටුවාව ලිවුවේ ඔය විහාරයේ.

    කුරුන්දිමලේ අටුවාව කෝ දැන්?
    ඒක පුච්චලා.

    පුච්චන්න හේතුව?
    තමිල්නාඩුවේ ඉදල ආපු බුද්ධඝෝශ, විශුද්ධි මාර්ගය ලිවුවා. හෙල අටුවා සහ විශුද්ධි මාර්ගයේ පරස්පරතා හුගාක් තිබ්බා. ඒ නිසා විශුද්ධි මාර්ගයට බරපතල විවේචන ආවා. ඒ පාර රාජ්‍ය බලය යොදවා හෙල අටුවා සියල්ල ගිනිබත් කර විශුද්ධි මාර්ගය ඉතිරි කලා.

    • Seeking truth says:

      උබ කියපන් බලන්න මොනවද තිබ්බ පරස්පරතා කියලා. දැකල කියවලා වගේ නේ කතාව. මෙහෙම කතා කරන්න නම්, කුරුණ්ඩි අට්ට කතාවත් කියවලා, විශුද්ධි මාර්ගය ත් කියවලා තියෙන්න ඕනේ. හීනෙන් දැක්ක වගේ දේවල් කියන්නේ පිස්සෝ නේ. Facts ඕනේ. හොඳයි කියමු බලන්න උබේ කතාවට හේතු වෙච්ච මූලාශ්‍ර?

Leave a Comment

Main News