මුලතිව්හි බෝම්බයක් පුපුරයි.. අයෙකුට බරපතලයි.. දෙදෙනෙක් අත්අඩංගුවේ..

February 9, 2020 at 9:20 am | lanka C news
මුලතිව්හි බෝම්බයක් පුපුරයි.. අයෙකුට බරපතලයි.. දෙදෙනෙක් අත්අඩංගුවේ..

මුලතිව් ශිලාවත්ත ප්‍රදේශයේ අබලි යකඩ එක් රැස් කරන ස්ථානයකදී ඊයේ (08)  දින බෝම්බයක් පුපුරා යාමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවටත් පුපුරණද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.

ශිලාවත්ත මාදිරි ග්‍රාමයේ අදාල අබලි යකඩ එක් රැස් කොට ඇති අතර එම් ස්ථානයේ සැකකරු විසින් කිසියම් බෝම්බයක්  ගැලවීමට යාමේදී එය පුපුරා යාමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇත.

බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අදාල ස්ථානයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී  මෝටාර් උණ්ඩ 3ක්, කාලතුවක්කු උණ්ඩයක් පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ක් ඇතුලු යුද උපකරණ රැසක්ද හමු වී ඇත.

යුද සමයේදී පුපුරා නොගිය බෝම්බ රැගෙන විත් ඒවා ගලවා වෙඩි බෙහෙත් එක් රැස් කිරීමට තුවාල ලැබූ සැකකරු විසින් ක්‍රියාකොට ඇති අතර එසේ කිසියම් බෝම්බයය ගැලවීමට ගත් උත්සයකදී බෝම්බය පුපුරා යන්නට ඇති බවට පොලීසය සැක පල කරයි.

පිපිරීම සිදු වූ ස්ථානයේ පරික්ෂණ සිදු කල මුලතිව් පොලීසිය විසින් තුවාල ලැබූ සැකකරුගේ මව හා සහෝදරයා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,432 Viewers

2 Comments to “මුලතිව්හි බෝම්බයක් පුපුරයි.. අයෙකුට බරපතලයි.. දෙදෙනෙක් අත්අඩංගුවේ..”

  1. US Marine man says:

    These things are just normal things man.

  2. SL Married man says:

    OK, women

Main News