මුලතිව්හි යුදහමුදාව යටතේ තිබු ඉඩම් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන්ට භාරදෙයි…
December 20, 2018 at 8:02 am | lanka C news
මුලතිව් ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස පවරාදීම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත අදාළ ඉඩම් නැවත පැවරීම සිදු විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නැවත සිවිල් ජනතාව වෙත පැවරීමේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් නිදහස් කොට තිබිණ.
මේ අනුව මුලතිව් උප්පුමාවේලි ප්‍රදේශයේ අක්කර 10.05 ක්, මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 10 ක්, මුලතිව් වට්ටාපලෙයි ප්‍රදේශයේ අක්කර හයක්, කොම්බාවිල්හි අක්කර 3ක් , වල්ලිපුනම්හි අක්කර 2ක්, පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ආදි ප්‍රදේශ කිහිපයක්ම අවාරණය වන පරිදි ඉඩම් අක්කර 52.14 ක් එලෙස නැවත පැවරීම සිදුකරනු ලැබීය.
ඉඩම් ලබාදීමේ උත්සව අවස්ථාවට අමතරව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එලඹෙන නත්තල් අසිරිය සඳහා නත්තල් කැරොල් ගී ප්රසංගයක්ද සංවිධානය කොට තිබූණි.
වැඩසටහන් අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ඇතුලු උසස් නිළධාරීන්, ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික ආරක්ෂාව ගැන හිතන් නැති කාලකන්නි. දීපල්ලා ඔක්කොම ටික කොටියට.
Army commander Senanayake even give his wife to remain in seat. Most disgraceful officer ever in the army history. Number one liar and robber and ungrateful bastard.
ඔන්න දේශප්‍රේමී ජනාධිපති. කොටින්ට රට දෙන හැටි.