මුලතිව්හි සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වී විරෝධතාවක..

June 15, 2018 at 2:08 am | lanka C news
මුලතිව්හි සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වී විරෝධතාවක..

මුලතිව් දිස්ත්‍රීක්කයෙන් ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ  14 දින සියලුම ධාවන කටයුතු වලන් ඉවත්ව මුලතිව් නගර මධ්‍යට පැමිණ බස් රථ හිමියන් හා සේවකයින් විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ කලක සිට මුලතිව් දිස්ත්‍රීක්කයට අලුතින් පෞද්ගලික් බස් රථ කිහිපයක් ඇතුලත් කර ඇති බවටත් එම බස් රථ ලංකාව පුරා ගමන්ගන්නේ කිසිදු නියමිත දුරප්‍රමාණයට නොවන හෙයින් නියමිත දුර ප්‍රමාණයන්ට බලපත්‍ර ලබාගෙන ධාවනය කරන බස් රථවලට එමගින් දැඩි අසාධාරණයක් වන අතරම බොහෝ බස් රථ ධාවනය වන්නේ දේශපාලනික බලපෑම් මත හෙයින් එම බස් රථවලට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කොට නොමැති බවටද කියා සිටියහ.

එමෙන්ම උදාහරණයක් වශයෙන් පෙන්වා දෙමින් විරෝධතා කරුවන් කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයෙන් පිටත්වන බස් රථයට කිලිනොච්චිය දක්වා පමණක් ධාවනය කිරීමට බලපත්‍ර තිබුනද එම බස්රථ යාපනය දක්වා ධාවනය කරන බවටත් කිසිදු කාලසටහනක් නොමැතිව එසේ බස් අනවසරයෙන් ධාවනය කිරීම මගින් බලපත්‍ර සහිතව කාලසටහනකට අනවු ධාවනය කෙරෙන බස් රථවලට දැඩි අසාධාරණයක් සිදු වන අතරම මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.

එහෙදී එම අවස්ථාවට පැමිණි උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා සහභාගී වූ අතර එහිදී ආණ්ඩුකාර තුමන් කියා සිටියේ අදාල ගැටලුව පිළිබඳ වගකිව යුත්තන් දැනුවත් කොට ඉක්මන් විසිඳුමක් ලබා දීමට පියවර ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

104 views
Main News