මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තිබූ අක්කර 187ක් මුදා හැරේ..
July 20, 2017 at 1:20 pm | lanka C news
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටා තිබූ අක්කර 187ක භූමි ප්‍රමාණය ඊයේ දිනයේ මුදා හැර ඇති බවට වාර්තා පලවෙයි.
එම භූමියේ පිහටා තිබූ ශ්‍රී ලංකා පාබල හමුදා කදවුරක්, ශ්‍රී ලංකා විමර්ශන රෙජිමේන්තුවේ කදවුරක් ද මේ සමග ඉවත් කර ඇති බවටද සදහන් වෙයි.
aappaya saha anika me rata dekata kadalama marenna thamayi hadanne. eeta issara wela rata bera ganna ratata aadarayak thiyenawanam hama denama ekathu wela mun dennawa elawa damiya yuthuyi.
nathnam adanna wenne ape daruwanta.
අපරාදේ මහින්ඳ යුද්ද කරලා මූසල සිංහලුන්ට රට නිදහස් කරලා දුන්නේ
2002 පෙබරවාරි 21 දා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්රභාකරන් ගත් ක්‍රියාමාර්ග මෙසේය.
1. මුලතිව්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මහාවිරු පවුල්වලට ලබාදීම.
2. කොටි ගුවන් ධාවන පථය ඉදිකිරීම.
3. කොටි කේන්ද්‍රස්ථානය ලෙස මුලතිව්හි පවත්වාගෙන යැම
එදා සිදුවූ මේ අතීත ක්‍රියාදාමයන් බලධාරීන්ට අමතක වූයේ කෙසේද?
ලොව කිසිම රටක් යුද්ධවලින් පසුව ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කරගත්තේ නැත. ඇමරිකානු හමුදාව ජර්මනියේ කඳවුරුද ජපානයේ පිහිටි ඔකිනාවා කඳවුරද ඉවත්කර ගැනීමට ක්‍රියා කළේ නැත. එහෙත් ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානය, බටහිර රටවල් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත්කර ගැනීමේ මෙහෙයුමක යෙදමින් ඒ සඳහා ගෙන එන තර්කය වූයේ යුද්ධයක් නැති බවයි. එහෙත් උතුරේ යුධ පුහුණුව ලත් කොටි 12000 ක් වේ. මින් 300 ක් පුනරුත්ථාපනය නොවූවන්ය. කිලිනොච්චියේද පුනරුත්ථාපනය නොවූ කොටි 200 කට අධික සංඛ්‍යාවක් සිsටින බව වාර්තාවේ. එසේම හමුදාවට අසුනොවූ අවි, ක්ලේමෝ බෝම්බ හා වෙනත් ආයුධ රැසක් ඇත. මේ අවි ආයුධ තිබෙන ස්ථාන ගැන දන්නේ හිටපු කොටි පමණකි.
එසේ වුවත් අද සිදුවන්නේ කුමක්ද? ඒ උපක්රමික ලෙස හමුදාවට වැදගත් කඳවුරු ඉවත්කරලීමට ද්‍රවිඩ සංධානය දරන උත්සාහයි.
ඉදිරියේදී නැවත වරක් සන්නද්ධ අරගලයක් ඇති නොවන බව රජයටත්, උතුරේ ආඥාපතිවරයාටත් සහතික විය නොහැකිය. මන්ද යත් උතුරේ සිටින්නේ බබාලා නොවේ. ආයුධ පුහුණව ලත් කොටි ඝාතනකයන් බව රජය තේරුම් ගත යුතුය. මෑතකදී සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සඳහා සැළසුම් කළේ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසකි. ඔවුන් සතුව තිබූ ක්ලේමෝ බෝම්බයක්ද අසුවිය. මේ ඝාතන සැළසුම හෙළිවූයේද හිටපු කොටි ක්රියාකාරිකයකුගෙන්. එසේනම් සනාථ වන්නේ සතුරුන් අවස්ථාව එනතුරා බලා සිටින බවයි. වත්මන් රජයේ දේශපාලකයන් ජනතාවට තොරතුරු වසන් කිරීමට ක්‍රියාකළත් විදෙස්ගත ඊලාම් ඩයස්පෝරාව ශක්තිමත්වී ප්රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය රටවල් රැසක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ රටවල්වලදී විරෝධතා දක්වන්නේ එම ජාත්‍යන්තර ජාලයයි.
ewa apasu denna eka thatamai hari